ගෙවුණු දවස පෙබරවාරි 22 – ක්‍රීඩකයෙකුට නිදහස් කුසලානය අහිමි වේ

196

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

තෝමසුවන් පරදා ආනන්ද ක්‍රීඩකයින් අන්තිම අටට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22) පැවැත්වූ තරග අතරින් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

ඊයේ පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගවල වැඩි වාසිය දිනා ගැනීමට සාන්ත ජෝසප්, වේල්ස් කුමර විද්‍යාලය සමත් විය. එසේම ඊයේ දිනය තුළ විශ්ව චතුරංග හා ලසිත් කෘෘස්පුල්ලේ ශතක ලබා ගැනීමට සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය – 254/9d (82.2): සිතාර හපුහින්න 76, මනීෂ රූපසිංහ 51, ශලින් ද මෙල් 40, ලක්ෂිත රසාංජන 6/67.

නාලන්ද විද්‍යාලය – 262/8 (90): චමිඳු විජේසිංහ 79, රවීන් ද සිල්වා  63*, ලක්ෂිත රසාංජන 39, දිල්හාර පොල්ගම්පල 28, තෙවින් ඊරියගම 2/35, ඩෙලොන් පීරිස් 2/58, කලණ පෙරේරා 2/60.

සම්පූර්ණ වාර්තාව: නාලන්ද හා සාන්ත සෙබස්තියන් අර්ධ අවසන් පූර්ව වටයට


අසේල ගුණරත්න නිදහස් කුසලානයට නැහැ

Asela Gunawardanaදකුණු අතේ ආබාධ තත්වයක් නිසාවෙන් නිමා වූ විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ අසේල ගුණරත්නට ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත 2018 නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ද මඟ හැරෙන බව වාර්තා වේ.

ගුණරත්නගේ උරහිස් සංධිය ආශ්‍රිතව ඇතිව තිබෙන මෙම ආබාධ තත්වය යථා තත්වයට පත්කීරීමට අවශ්‍ය කටයුතු සඳහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යසාධන පුහුණු මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

සම්පූර්ණ වාර්තාව: අසේලට නිදහස් කුසලානයේ ප්‍රවේශ පත් අහිමි වේ

දිනයක නිමාව