ගෙවුණු දවස ඔක්තෝබර් 27 – ශ්‍රී ලංකාව තරගයක් දී පරදී

184

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

   ක්‍රිකට්   

විස්සයි විස්සත් පාකිස්තානුවන්ට

ඉතාමත් උණුසුම් අයුරින් ක්‍රියාත්මක වූ තියුණු සටනකින් අනතුරුව දෙවැනි විස්සයි විස්ස තරගයේත් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ඊයේ (28) පාකිස්තානු කණ්ඩායමට හැකි විය.

ඒ අනුව මේ වන විට විස්සයි විස්ස තරගාවලි ජයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිළ තැබූ බලාපොරොත්තු ද බොඳවී ගොස් අවසන්ය. එබැවින් ශ්‍රී ලංකා පිළට ටෙස්ට් තරගාවලිය ජය ගැනීමෙන් ලබාගත් කුසලානයෙන් පමණක් සෑහීමකට පත්වී නැවතත් මව්රට බලා පැමිණීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී ලකුණු 124 (පන්දුවාර 20): ධනුෂ්ක ගුණතිලක 51, සදීර සමරවික්‍රම 32, ඩිල්ශාන් මුණවීර 19, ෆහීම් අශ්රාෆ් 3/16, හසන් අලි 2/31, ශදාබ් කාන් 1/14.

පාකිස්තානය – කඩුලු 8ක් දැවී ලකුණු 125 (පන්දුවාර 19.5): මොහොමඩ් සෆ්රාස් 28, අහමඩ් ශෙෂාඩ් 27, ශදාබ් කාන් 16*, මොහොමඩ් හෆීස් 14, ෆකාර් සමාන් 11, තිසර පෙරේරා 3/24, ඉසුරු උදාන 1/17.

සම්පූර්ණ වාර්තාව: පාකිස්තානය අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය උදුරා ගනියි


පාසල් ක්‍රිකට් පිටිය උණුසුම්; නවක දස්කම් රැසක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග රැසක්ම දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ඊයේත් (27) පැවැත්විය. එහි දී තරග කිහිපයක දෙවැනි දිනය ක්‍රියාත්මක වූ අතර තවත් තරග කිහිපයක් ප්‍රථම දිනයට ක්‍රියාත්මක විය.

 

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 187/10 (58): සවන ප්‍රභාෂ් 76*, ජනිඳු ජයවර්ධන 3/64.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම – 91/10 (27.5): ජනුශ්ක ප්‍රනාන්දු 5/10.

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉනිම – 137/2 dec (19): සවන ප්‍රභාෂ් 50*, යෙශාන් වික්‍රමාරච්චි 40.

බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉනිම – 98/10 (38.3): ජනුශ්ක ප්‍රනාන්දු 7/40

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 280/9 dec (91): කවිඳු එදිරිවීර 101, හේශාන් කාවින්ද 76, නවෝද් පරණවිතාන 42, ගෙශාන් කාවින්ද 41, හංසික වැලිහිඳ 21, දුමිත් වෙල්ලාගේ  5/77, අශේන් ඩැනියල් 2/64.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 236/10 (86.3): රෙවාන් කෙලී 83, දිනෙත් ජයකොඩි 52, ලක්ෂාන් ගමගේ 44, දිමෙත් වෙල්ලාගේ 30, නිපුන් මාලිංග 7/23.

මහින්ද විද්‍යාලය දෙවන ඉනිම – 104/4 (23): නවෝද් පරණවිතාන 59, නිපුන් සුරසිංහ 2/19.

සම්පූර්ණ වාර්තාව: තර්ස්ටන් විද්‍යාලයට පූර්ණ ජයක්; තවත් යොවුන් දස්කම් රැසක්

දිනයක අවසානය