ගෙවුණු දවස නොවැම්බර් 09 – බංගලි හතුරු, ලංකාවට මිතුරු?

143

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

හතුරුසිංහ සිය ඉල්ලා අස්වීම භාර දෙයි

Chandika Hathurusinghaබංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) වෙත භාර දී තිබේ. හතුරුසිංහ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වන තෙක් අදාළ තනතුරේ රැඳී සිටීම සඳහා ගිවිසුම් ගතව සිටින ලදි.

විශ්වාස කටයුතු ක්‍රිකට් ආරංචි මාර්ග වෙතින් ThePapare.com වෙත වාර්තා වන්නේ චන්දික හතුරුසිංහ ලබන වසරේ ජනවාරි මාසයේ සිට වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට සූදානම් බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර පසුගිය ජුනි මාසයේ සිට පුරප්පාඩු වී පවතින්නේ ග්‍රැහැම් ෆෝඩ් එම තනතුර හැර යාමත් සමඟයි.

සම්පූර්ණ වාර්තාව: බංගලියන්ට හතුරු වූ හතුරුසිංහ ලංකාවට මිතුරු වෙයිද?


ඇන්ජී ස්ථානය මාරු වන ලකුණු

Angelo Mathewsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල දී අංක 4 ස්ථානයේ පිතිකරණයේ නිරත වෙනු ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුල මෑත කාලයේ දී බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන මැතිව්ස්, මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට පසුව ශ්‍රී ලංකාව තුල බිහි වූ දක්ෂ පිතිකරුවෙකි. තවද ඔහු හට මැදපෙළ හා පසුපෙළ එක් කරමින් හොඳ සබඳතාවයක් පවත්වා ගැනීමට ද හැකියාවක් ඇත.

සම්පූර්ණ වාර්තාව: හිටපු නායකයාට අලුත් තැනක්


යෙෂාන්ගෙන් අර්ධ ශතකයක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා උරගා බැලීමට හොඳම තෝතැන්නක් බඳු 2017/18  සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් ඊයේ (9) ක්‍රියාත්මක විය.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම  – 226/9 dec (64.5): අවිඳු තීක්ෂණ 64, ආධිත්‍යය සිරිවර්ධන 44, දිළුම් සුධීර 29*, තවීශ අභිශේක 22, සවන ප්‍රභාෂ් 2/25, නිපුන් ලක්ෂාන් 2/37.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 132/2 (31.3): යෙශාන් වික්‍රමාරච්චි 66, යොහාන් සචිත 29, නිමේෂ් පෙරේරා 26, දිළුම් සුධීර 2/31.

සම්පූර්ණ වාර්තාව: යෙශාන්, මිතිල හා සාලිය අර්ධ ශතක අතරට

මලල ක්‍රීඩා –

දෙවැනි දිනයේ දී තවත් වාර්තා රැසක්

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරග ඊයේ (09) දෙවන දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

තරගාවලියේ පළමු දිනය වූ 08 වැනිදා නව තරගාවලි වාර්තා 03ක් පිහිටුවීමට ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඊයේ තවත් නව තරගාවලි වාර්තා 08ක් බිහිවනු දැක ගත හැකි විය.

සම්පූර්ණ වාර්තාව: දෙවන දිනයේ දී තවත් තරගාවලි වාර්තා රැසක් අලුත් වේ

දිනයක අවසානය