මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

337

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය (අවසන් 16 දෙනාගේ වටය) නියෝජනය කරමින් පැවති තරගයේ දී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කළ කොළඹ මහානාම විද්‍යාලය අද (27) අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේය.

මේ අතර අද පැවති අනෙකුත් සෑම තරගයක්ම සුහද තරග සේ පැවති අතර නිමා වූ තරග අතුරින් කොළඹ ආනන්ද විද්‍යාලයේ ලහිරු හිරන්‍ය කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ශතකයක් ද, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අයොන් හේෂර වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ශතකයක් ද වාර්තා කරමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. පන්දු යැවීමේ දී ලුම්බිණි විද්‍යාලයේ කවිත් පීරිස් සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවිඳු මධුක කඩුලු 5 බැගින් ලබා ගෙන දක්ෂතා දැක්වූහ.

ලකිඳුගේ නොදැවුණු පිතිකරණයෙන් ලුම්බිණිය ඉදිරියෙන්

19න් පහළ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ සිට සුපිරි 8 වටයට පාසල් රැසක්ම මේ වන විට සුදුසුකම් ලබාගෙන ඇති අතර සුපිරි 16…

තර්ස්ටන් විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර තරගය

කොළඹ තර්ස්ටන් පිටියේ දී නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහානාම ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 148 පිළිතුරු ලෙසින් තර්ස්ටන් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 73ක් පමණි.

තරගයේ පළමු දිනය නිමා වන විට තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 72ක් ලබා සිටි අතර අද දිනයේ යැවූ තෙවැනි පන්දුවේ දී ඔවුන්ගේ ඉනිම නිමා වූයේ සීමාව ඉක්මවා ගිය ලකුණක් පමණක් ඉනිමකට එකතු වෙද්දීය.

ලකුණු 74ක්  ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 137ක් පමණි.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 213ක ඉලක්කයක් කරා ගිය තර්ස්ටන් ක්‍රීඩකයෝ අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා සිටියහ. එම ඉනිමේ දී කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක දකුණත් පිතිකරු යෙශාන් වික්‍රමාරච්චි පන්දු 62ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 95ක් ලබා ගත්තේය.

මහානාම විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (58.4) හේශාන් නෙලික 40, වත්සර පෙරේරා 34, පවන් රත්නායක 28, විනුක රූබසිංහ 20, සවන් ප්‍රභාෂ් 3/16, නිපුන් ලක්ෂාන් 3/47, යෙශාන් වික්‍රමාරච්චි 2/04.

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 73 (22.3) රශ්මික හිරිපිටිය 22, හේශාන් නෙලික 4/21, පැතුම් බොතේජු 2/24, පියුමාල් සංදීප 2/25

මහානාම විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 137 (73.2) විනුක රූබසිංහ 34, පැතුම් බොතේජු 26, ඉෂාන් මෙන්ඩිස් 20, සඳරු ඩයස් 3/26, අයේෂ් හර්ෂණ 3/50

තර්ස්ටන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 156 (20.1) යෙශාන් වික්‍රමාරච්චි නොදැවී 95, ජනුශික ප්‍රනාන්දු 17, හේෂාන් නෙලික 2/78

අභිශේක්ගේ දක්ෂතා සාන්ත ජෝන් පළමු කොටසට උසස් කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් …

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය අතර තරගය

ද මැසනොඩ් විද්‍යාල පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනයේ දී සේ ම දෙවැනි දිනය ද වර්ෂාව හේතුවෙන් තරගය වැඩි වේලාවක් පැවතියේ විවේකීවය. පළමු දිනයේ තරගය නතර කරන විට 42 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී සංචාරක ක්‍රීඩකයෝ ලබා සිටියේ ලකුණු 150ක් පමණි.

පෙර දිනයේ දී සේ ම අද දවසේ ද තරගය ආරම්භ වූයේ අයහපත් කාලගුණ තත්ත්වය ඉඩ ලබා දෙමිනි. ඒ අනුව සවස 2.00ට ආරම්භ වූ තරගය දිනයට පන්දු වාර 13ක් පමණක් යැවෙද්දී අතහැර දැමීමට දෙපිළේ ම ක්‍රීඩකයෝ ක්‍රියා කළ හ. ඒ අයහපත් කාලගුණ තත්ත්වයට ඉඩ ලබා දෙමිනි.

ඒ වෙද්දී ආනන්ද විද්‍යාලයීය උප නායක කඩුලු රකින ක්‍රීඩක ලහිරු හිරන්‍ය පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා සිටියේය.

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 220 (55.0) ලහිරු හිරන්‍ය නොදැවී 100, අශේල් සිගේරා 29, කනිශ්ක රන්තිලකගේ 27, පෘථිවි ජෙගරාජසිංහම් 3/58, මහීෂ් තීක්ෂණ 2/46

මොරටු මහා විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය අතර තරගය

මොරටු විද්‍යාලයේ දී පැවති මෙම තරගය අද ජය පරාජයෙන් යුතුව නිමා වූයේ පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු සංචාරක ක්‍රීඩකයන් සතු කරමිනි. පළමුවෙන් පන්දුවට පහර දුන් මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලු දෙනාම දැවී ලකුණු 139ක් ලබා ගත් අතර ලුම්බිණි විද්‍යාලයට පළමු ඉනිමට ලකුණු 239ක් ලබා ගත්තේය.

කඩුල්ලක් දැවී ලකුණු 110ක් තිබිය දී දෙවැනි දිනයට ආරම්භ වූ තරගයේ පළමු කාර්තුව වන විට තම පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගැනීමට ලුම්බිණි ක්‍රීඩකයෝ සමත් වූයේ අර්ධ ශතක අර්ධ ශතක දෙකක් කණ්ඩායමට එක් කරමිනි. ඒ ලකිඳු උපේන්ද්‍ර සහ කවිත් පීරිස් ය. කඩුලු ලබා ගැනීමේ දී රශාන් කවිශ්ක කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

ලකුණු 100ක් පිටුපසින් සිට දෙවැනි ඉනිමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 228ක් රැස් කර ගත්හ. එම ඉනිමේ දී නිශාන් මධුශ්ක සහ ජනිත් සෙව්මිත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර කවිත් පීරිස් ලකුණු 81කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 129ක ඉලක්කයක් කරා දෙවැනි ඉනිමේ දී පිය නැගූ ලුම්බිණි ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 41ක් ලබා ගත්හ. එම ඉනිමේ දී රන්මල් ප්‍රනාන්දු පන්දු 14ක දී නොදැවී ලකුණු 30ක් ලබා ගත්තේය.

මොරටු මහා විද්‍යාලය; පළමු ඉනිම සියලුම  දෙනා දැවී 139 (39.4) ශෙසද නිශේන්ද්‍ර 48, නිශාන් මදුශ්ක 23, පසිඳු නිදුන් 3/32, විමුක්ති කුලතුංග 3/38, ප්‍රභාත් මදුසංක 2/19, අමිත් දනංජය 2/24.

ලුම්බිණි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 239 (51.4) ලකිඳු උපේන්ද්‍ර 60, රන්මල් ප්‍රනාන්දු 36, කවිත් පීරිස් 50, සඳුනිල් සංකල්ප 27, රශාන් කවිශ්ක 4/96, ෂෙහාන් ජීවන්ත 3/43, නදිත් මිශේන්ද්‍ර 2/42

මොරටු විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 228 (65.2) නිශාන් මධුශ්ක 72, ජනිත් සෙව්මිත් 53, ශෙහාන් ජීවන්ත 23, කවිත් පීරිස් 5/81, විමුක්ති කුලතුංග 3/71

ලුම්බිණි විද්‍යාලය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 41 (4.0) රන්මල් ප්‍රනාන්දු නොදැවී 30

නිදහස් කුසලානයේ බංග්ලාදේශ වගකීම් ශකීබ්ට

ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ශකීබ් අල් හසන් ලබන 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර තරගය

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී  අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 351ක් ලබා ගත්හ. මෙම ඉනිමේ දී නුවනිඳු ප්‍රනාන්දු, ප්‍රවීන් කුරේ සහ මලින්ත පීරිස් අර්ධ ශතක ලබා ගැනීමට කැපී පෙණුනි.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 32ක් ලබා සිටියහ. ලබා ගත් කඩුලු 2ම ජනිශ්ක පෙරේරා සතු විය.

මෙම තරගයේ දෙවැනි දිනය හෙට (28) ක්‍රියාත්මක වේ.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 351 (75.0) නුවනිඳු ප්‍රනාන්දු 89, ප්‍රවීන් කුරේ නොදැවී 56, මලින්ත පීරිස් 53, නිශිත අභිලාශ් 46, තරූෂ ප්‍රනාන්දු 44, සකුන්ත ලියනගේ 2/83

වෙස්ලි විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 32 (6.3) ජනිශ්ක පෙරේරා 2/13


කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය

කටුනේරියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අයොන් හේෂර ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 309ක් ලබා සිටිය දී ඉනිම අත්හිටවූ අතර තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළමු දිනයට නතර කරන විට සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 33ක් ලබා සිටියහ.

මෙම තරගයේ දෙවැනි දිනය හෙට (28) ක්‍රියාත්මක වේ.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 309 (74.1) අයොන් හේෂර 111, උදාර මෙන්ඩිස් 37, කවිඳු ඉරෝෂ් 36, සමිත ඩිල්ශාන් 31, රවිඳු ඩිල්ශාන් 20, කවීශ දුලාංජන 3/61, කවිඳු මධුක 5/87, සසංක ලහිරු 2/47

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 33 (6.0)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<