යසිරුගෙන් තුන් ඉරියව් දක්ෂතා

237

යසිරු රොද්‍රිගෝගේ තුන් ඉරියව් දක්ෂතා උපයෝගී කර ගත් ගල්කිස්ස සාන්ත තෝමසුවෝ අද (13) ගල්කිස්සේ දී නිමා වූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමඟ තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ. 

මෙම තරගයට වරින්වර ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තරගයේ ප්‍රතිඵලය පැරබෝලා ක්‍රමවේදය අනුව තීරණය විය.

දිනාල් සහ මිතිර සාන්ත ජෝසප් දිනවයි

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ දිනාල් අනුරාධ සහ මිතිර තේනුරගේ කැපී පෙනෙන දක්ෂතා සමඟින් ශ්‍රී…

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ දෙවැනි වටයේ ක්‍රිකට් තරගාවලියේ W කාණ්ඩයේ තරගයක් ලෙසින් ආරම්භයේ දී මෙම තරගය පන්දු වාර 48කට සීමා වෙමින් පැවැතිණි. 

කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය. 

Photos: S.Thomas’ College Vs D.S.Senanayake College | U17 Cricket Tournament 2019 | 2nd Round

එහි වැඩිම ලකුණු ලාභියා වූයේ මාලින්ද ජයතිලක ය. ඔහු ලකුණු 38ක් ලබා ගත්තේය. කඩුලු දවා ගැනීමේ දී යසිරු රොද්‍රිගෝ ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත්තේය. 

වර්ෂාව හේතුවෙන් තරගයේ පිළිතුරු ඉනිම පන්දුවාර 34කට සීමා වූ අතර ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ ලකුණු 143කි. සාන්ත තෝමසුවෝ තවත් පන්දු 14ක් ඉතිරිව තිබිය දී කඩුලු 2ක් ද අතැතිව ලකුණු 145ක් ලබා ගත්හ. 

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තේරීමේ සටනින් මහේල ඉවතට?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු භූමිකාව මෙවර කවුරුන් විසින් ඩැහැ ගනී දැයි යන පැනයට…

සාන්ත තෝමස් ඉනිම වෙනුවෙන් විසුත් පෙරේරා (36) සහ අනුක් පළිහවඩන (33) වැඩි දායකත්වයක් දැක්වූ අතර පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක්වූ යසිරු රොද්‍රිගෝ තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී නොදැවී ලකුණු 25ක් ලබා සිටියේය. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය; කඩුලු 8ක් දැවී 171 (48) මාලින්ද ජයතිලක 38, සෙනුර සිල්වා නොදැවී 27, ප්‍රමුදිත පෙරේරා 26, යසිරු රොද්‍රිගෝ 3/40, මනිත් පෙරේරා 2/24

සාන්ත තෝමස් විද්‍යාලය; කඩුලු 8ක් දැවී 145 (31.4) විසුත් පෙරේරා 36, අනුක් පළිහවඩන 33, යසිරු රොද්‍රිගෝ නොදැවී 25, ඉසුරු මඩවල 23, දිනුක ද සිල්වා 2/19, අමිත දාබරේ 2/26

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<