රන්දුල දසුන් ශතයක් ලබා ගනී

128

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (19) දින නිමාවූ තරග අතුරින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ රන්දුල දසුන් ය.

ඉසිවර සහ සෙහාන්ගෙන් ශතක සබඳතාවක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 17න…

ඔහු පානදුර මහානාම විද්‍යාලයට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ පානදුර මහානාම විද්‍යාලය අතර තරගය (Group J)

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේදී පැවති මෙම තරගයෙන් ලකුණු 341ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට තිස්ස ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ පානදුර මහානාම ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි තිස්ස ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 430ක් රැස්කර ගත්තේය. එම ඉනිමේදී රන්දුල දසුන් ලකුණු 114ක් රැස්කර ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් විය. ඊට අමතරව නිකිල් සස්මිත ලකුණු 87ක් රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පානදුර මහානාම ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 89ක් පමණි.

තිස්ස මධ්‍ය මහා විද්‍යාලය : සියලු දෙනා දැවී 430 (44.3)
රන්දුල දසුන් 114, නිකිල් සස්මිත 87, අංජන සෙනෙත් 46, ප්‍රමුත් ප්‍රසංග 45, අවිශ්ක දෙවින්ද 33.
එස්. බණ්ඩාර 3/70, හසිත් ප්‍රශාන් 3/72.

මහානාම විද්‍යාලය : සියලු දෙනා දැවී 89 (26.3)
සී. නෝනිස් 36, තරිඳු නිරෝෂාන් 2/20, දනුක නිශාන් 3/19, අවිශ්ක දේවින්ද 3/33.

මාතර රාහුල විද්‍යාලය සහ දෙබරවැව ජාතික පාසල අතර තරගය (Group P)

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙන් ලකුණු 62ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට රාහුල විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ මාතර රාහුල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 195ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දෙබැරවැව ජාතික පාසලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 133ක් පමණි.

මාතර රාහුල විද්‍යාලය : සියලු දෙනා දැවී 195 (46.2)
සිතුම් අංජන 29, තත්සර ඩිල්ශාන් 36, ඔවින් බෝපගේ 29.
මිනිඳු මනෝද්‍ය 3/27, පසිඳු වර්ණකුමාර 2/26, උෂාන් තිසල් 2/46.

දෙබරවැව ජාතික පාසල : සියලු දෙනා දැවී 133 (44.4)
පසිඳු වර්ණකුමාර 26, දිලිත සස්මිත 4/12, පසිඳු අචින්ත 3/22,  නිසල් අක්බෝ 2/26.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය (Group C)

කෝට්ටේ හිදී පැවති මෙම තරගයෙන් ලකුණු 51ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය : සියලු දෙනා දැවී 169 (43.4)
ඉසිර මතීෂ 41, දනංජය සිල්වා 17, ශිමාෂ් නිශාම් නොදැවී 15.
විනුක් හෙට්ටිආරච්චි 4/30, එච්. ඒ. අසාම් 2/19.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය : සියලු දෙනා දැවී 118 (35.1)
හසිත් හසිඳු 28, එච්. ඒ. අසීම් 28, නිපුන් ප්‍රේමරත්න 4/24, පුංතිල සාමන්ත 2/13.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය (Group N)

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේදී පැවති මෙම තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සමත් විය.

ධර්මරාජ විද්‍යාලය : සියලු දෙනා දැවී 163 (49.5)
ජේ. ගුණරත්න නොදැවී 57, මලීෂ සිල්වා 2/12.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය : කඩුලු 9ක් දැවී 164 (48.3 )
කවිඳු විදුදර 41, පසිඳු ජයකොඩි නොදැවී 63, තිසුරු වන්නිනායක 3/15, ටී. හේරත් 3/17.

කඳාන ද මැසනොද් විද්‍යාලය සහ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය අතර තරගය (Group A)  

කඳාන ද මැසනොද් විද්‍යාලයීය පිටියේදී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ද මැසනොද් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනාගත් මැසනොද් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ජොන් විද්‍යාලය සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 91ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් මැසනොද් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 94ක් ලබා ගත්හ.

සාන්ත ජෝන් විද්‍යාලය : සියලු දෙනා දැවී 91 (37.4)
අයත් දිල්මිත 19, චානුක සිල්වා 4/13, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 4/19.

ද මැසනොද් විද්‍යාලය : කඩුලු 7ක් දැවී 94 (21.5)
සහන් කෝසල 31, සුගම් ද සිල්වා 21, ඔෂාර හතුරුසිංහ 5/25, රෝචන චාරුක 2/29.

ශෙරාන් අමිඳුගෙන් වර්ණවත් ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ…

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය (Group L)

මහනුවර සාන්ත අන්තෝනි පිටියේදී පැවති මෙම තරගයෙන් ලකුණු 102ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සත්කාරක අන්තෝනි ක්‍රීඩකයෝ සමත් වූහ.  

මෙම තරගයේදී අන්තෝනි ඉනිම වෙනුවෙන් ගිහාන් ඊබට් සහ දිව්යේස් රාමයියා තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීම කැපී පෙනුනි.

සාන්ත අන්තෝනි විද්‍යාලය : කඩුලු 9ක් දැවී 222 (50)
ගිහාන් ඊබට් 55, දිව්යේස් රාමයියා 51, බිම්සර ජයසේකර 38. 
මාලිංග බණ්ඩාර 2/31, සකුන ජීවන්ත 2/43, මලීෂ රුක්ෂාන් 2/57.

සාන්ත තෝමස් විද්‍යාලය : සියලු දෙනා දැවී 120 (33.5)
චතුක නිම්සර 43, ඉන්දුල දෙල්පගොඩ 32, චමිඳු වික්‍රමසිංහ 4/31, ගිහාන් ඊබට් 2/18, දිව්යේස් රාමයියා 2/33.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය අතර තරගය (Group D)

පානදුර සාන්ත ජෝන් පිටියේදී පැවති මෙම තරගයෙන් ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය.

ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඩී. එස්. සේනානායක විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 183ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත ජෝන් විද්‍යාලයට රැස්කර ගත හැකි වූයේ ලකුණු 179ක් පමණි.

මෙම තරගයේ ජයග්‍රාහී ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක වමත් පිතිකරු අමිත දාබරේ පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් රැස්කර ගත්තේය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය : සියලු දෙනා දැවී 183 (41.5)
අමිත දාබරේ 74, මනීන්ද්‍ර ජයතිලක 29, විනුක ද සිල්වා 24.
සුමුදු උදාර 2/27, විරංග ප්‍රනාන්දු 3/15, තුරුවන් පෙරේරා 4/26.

සාන්ත ජෝන් විද්‍යාලය : සියලු දෙනා දැවී 179 (48.4)
තුරුවන් පෙරේරා 32, දිනුෂ්ක මධුශාන් 32, මලිත් ප්‍රනාන්දු 32.
සනිරු දිසානායක 3/41, විශ්ව ශිවංක 4/33.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ පාදුක්ක සිරි පියරතන විද්‍යාලය අතර තරගය (Group E)

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය පිටියේදී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

මෙම තරගයේදී ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් විනුජ රාන්පෝල් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීම කැපී පෙනුනි.

සිරි පියරතන විද්‍යාලය : සියලු දෙනා දැවී 137 (48.5) 
ගිත්මින් කොළඹගේ 39, පසිඳු හංසක 34, භාතිය සංදීප 20.
පසිඳු පැතුම් 3/19, විනුජ රාන්පෝල් 3/26, ආදිත හිමාෂ 2/22.

වේල්ස් කුමර විද්‍යාලය : කඩුලු 2ක් දැවී 138 (18.2)
දිනුර ප්‍රනාන්දු නොදැවී 57, විනුජ රාන්පෝල් නොදැවී 52, මලිඳු ශ්‍යාමාල් 2/08.

ගුරුකුල විද්‍යාලයට කඩුලු 10ක ජයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට්…

කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය සහ කොළඹ ඩි ලා සාල් විද්‍යාලය අතර තරගය (Group A)

කොටහේනේදී පැවති මෙම තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලබා ගැනීමට සාන්ත බෙනඩික් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඩි ලා සාල් විද්‍යාලය රැස්කළේ ලකුණු 48ක් පමණි. එම ලකුණු සංඛ්‍යාව කිසිවෙකුත් නොදැවී ලබා ගැනීමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත බෙනඩික් විද්‍යාලය සමත් විය.

ඩි ලා සාල් විද්‍යාලය : සියලු දෙනා දැවී 48 (32.5)
අකිඳු කරුණාරත්න 2/08, තෙනුක නන්දලාල් 2/08, ඉසුරු ලක්ශාන් 3/11, අශේන ද සොයිසා 2/00.

සාන්ත බෙනඩික් විද්‍යාලය : කිසිවෙක් නොදැවී 51 (4.5)
තෙනුක නන්දලාල් නොදැවී 29, පසන් සුවස් නොදැවී 19.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<