ඉසිවර සහ සෙහාන්ගෙන් ශතක සබඳතාවක්

155

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අද (18) දින පැවැති තරගයකදී කොළඹ රාජකීය විද්‍යාලයේ ඉසිවර දිසානායක සහ සෙහාන් හේරත් ශතක සබඳතාවක් එක් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ශෙරාන් අමිඳුගෙන් වර්ණවත් ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ….

එම තරගයට අමතරව තර්ස්ටන් සහ ධර්මපාල විද්‍යාලය අතර පැවති තරගයෙන් තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණය කිරීමට සමත් විය.  

පාදුක්ක සිරි පියරතන විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය

පාදුක්කේදී පැවති මෙම තරගයේදී කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිරි පියරතන ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 139ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් රාජකීය ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 140ක් රැස්කර ගත්හ.

Photos: St. John’s College Panadura vs St. Peter’s College | Singer U17 Cricket Tournament 2019


රාජකීය ඉනිම වෙනුවෙන් ඉසිවර දිසානායක පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේය. ඊට අමතරව සෙහාන් හේරත් ද පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට එක්වූ සබඳතාව ලකුණු 110කි.

පාදුක්ක සිරි පියරතන විද්‍යාලය : සියලු දෙනා දැවී 139 (45.1)
ගිත්මින් කොළඹගේ 33, කේසර ජයවර්ධන 18.  
සොනාල් අමරසේකර 2/28, ගිශාන් බාලසූරිය 2/19, සදීශ් රාජපක්ෂ 2/35.

රාජකීය විද්‍යාලය : කඩුලු 3ක් දැවී 140 (24)
ඉසිවර දිසානායක 68, සෙහාන් හේරත් 47.  
ගිත්මින් කොළඹගේ 2/47.

ගුරුකුල විද්‍යාලයට කඩුලු 10ක ජයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරගයක…


කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය

තර්ස්ටන් පිටියේදී පැවති මෙම තරගයේදී ලකුණු 120ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් තර්ස්ටන් ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී ලකුණු 256ක් රැස් කළේ ඔෂාන් හංසික ගේ අර්ධ ශතකයක් ද සමඟිනි. ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩකයන් තරගය අවසන් වනවිට ලබා සිටියේ කඩුලු 9ක් දැවී ලකුණු 138ක් පමණි.

තර්ස්ටන් විද්‍යාලය : කඩුලු 6ක් දැවී 256 (50)
ඔෂාන් හංසික 51, භවන්ත ජයසිංහ නොදැවී 49, විහඟ ජයමාන්න 47, රනේෂ් ද සිල්වා 31, ධනංජය සිල්වා 20.  
ජීවන් ඩේවිඩ් 3/57.

ධර්මපාල විද්‍යාලය : කඩුලු 9ක් දැවී 138 (50)
කවිඳු නිශාන් නොදැවී 48, විහඟ දේශාන් 26.
අංජු ඩිලන්ත 3/21, භවන්ත ජයසිංහ 2/24, ශමාස් නිෂාම් 2/16.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<