ගුරුකුල විද්‍යාලයට කඩුලු 10ක ජයක්

179
u17 schools cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරගයක දී පානදුර මහානාම විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කැළණිය ගුරුකුල විද්‍යාලය සමත් විය.

රිච්මන්ඩ්වරුන් විද්‍යාලෝකයට පරාජය වේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු…

කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත්තේ ලකුණු 46ක් පමණි. එම ඉලක්කය කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් පසු කිරීමට ගුරුකුල ක්‍රීඩකයෝ සමත් වූහ.

J කාණ්ඩය නියෝජනය කරමින් පැවති මෙම තරගයේ දී ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී තුෂාර මධූෂ ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිමින් ද පන්දුවට පහර දීමේ දී සිතිජ චමෝද් නොදැවී ලකුණු 33ක් ද ලබා ගත්තේ ය.

මහානාම විද්‍යාලය; සියලුම දෙනා දැවී 46 (22.1) තුෂාර මධුශ 5/20, රසිඳු චාමර 2/04

ගුරුකුල විද්‍යාලය; කිසිවෙක් නොදැවී 48 (3.2) සිතිජ චමෝද් නොදැවී 33

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<