ජාතික කණ්ඩායමේ අනාගත පිත්තට සුදු එලියක්

505
Sri Lanka S v South Africa cricket team 2nd test 3 day

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ දෙවන යොවුන් ටෙස්ට් තරඟය (28) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේදී ඇරඹිනි. අද (30) එම තරගයේ තෙවන  දිනය ක්‍රියාත්මක විය. මෙම තරඟය ද ජය පරාජයෙන් තොරව නිමාවිය.

පසුගිය ලිපි: පැතුම් ගේ පැතුම් පිත්ත පත්තු වෙයි

දිනය අරඹන විට ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 251 ක් ලබාසිටින ලදි. අනතුරුව දිනයේ මුල්ම කඩුල්ල ලෙස දක්ෂ ලෙස පිත්තෙන්  දස්කම් දැක්වූ පැතුම් නිස්සංක ලකුණු 172 කට දැවී යන ලදි. එම ඉණිමට 4 පහරවල් 22 ක් හා එක් 6 පහරක් ඇතුළත් විය. අශේන් බණ්ඩාර හා පැතුම් 5 වන කඩුල්ල සඳහා ලකුණු 210 ක සබඳතාවයක් ගොඩනංවන ලදි. පැතුම් දැවීයන විට ලකුණු පුවරුව ලකුණු 279 කට කඩුලු 5 ක් ලෙස දැක්විණි. අනතුරුව පිටියට එක්වූ අශේන් හා නවිදු නිර්මාල් 6 වන කඩුල්ල සඳහා ලකුණු 99 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. නවිදු ලකුණු 33 කට 6 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. දක්ෂ පිතිකරණයක නිරත වෙමින් අශේන් 4 පහර 16 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 121 කට දැවීයන ලදි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉණිම අත්හිටුවීමට තීරණය කල අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සාර්ථක ලෙස පිතිකරණයේ  නිරත වීම ජාතික කණ්ඩායමේ අනාගතයට ද හොද කල දසාවකි.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 378-7 (136.1) dec පැතුම් නිස්සංක 172, අශේන් බණ්ඩාර 121, නවිදු නිර්මාල් 33, ඩැනියල් මොයිරාටි 2/98, වියාන් මුල්ඩර් 2/66

පසුගිය ලිපි: උඩවත්ත හා රොෂේන් ගේ සබඳතාවය

ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 134 ක් පසුපසින් සිටිමින් දෙවන ඉණිම ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස රිකාඩෝ  වැස්කොනලස් ලකුණු 16 කට දැවී යන ලදි. අනතුරුව දෙවන කඩුල්ල සඳහා තරඟය නිමාවන විට ලකුණු 107* නොබිදුනු සබඳතාවයක් ගොඩනැංවීමට තරගාවලිය පුරා සාර්ථක වූ ජොශුවා වෑන් හර්ඩින් හා වෑන් ටොන්ඩර් සමත් විය. ජොශුවා 4 පහර 2 ක් සමඟ ලකුණු 49* හා ටොන්ඩර් 4 පහරවල් 6 ක් හා එක් 6 පහරක්  සමග ලකුණු 63*  තරඟය අවසන් වන විට ලකුණු පුවරුවේ සටහන් කර තිබිණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ට ඉක්මනින් කඩුලු  ලබාගෙන යම් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වීමට නොහැකි විය.

දකුණු අප්‍රිකානු දෙවන ඉණිම – 133-1 (47) වෑන් ටොන්ඩර්  63*, ජොශුවා හර්ඩින් 49* ,රශ්මික ඩිල්ශාන් 1/14

දෙරට අතර අවසන් තරුණ ටෙස්ට් තරඟය ජුලි 3-5 දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට