ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වයත් චන්දිමාල්ට

809

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා  දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්  සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පිරිනමා ඇත.

වාසනාවෙන් ආරම්භ වී අවසානය අවාසනාවක් වූ වසර පහ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී ම ශ්‍රී ලංකා……

දෙරට අතර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති තරග දෙකකින් සමන්විත සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ කෞෂාල් සිල්වා විසිනි.

තරග තුනකින්  සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරග දෙක රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් එක්දින ක්‍රිකට් තරගය කොළඹ SSC පිටියේ දී පැවැත්වේ.

දිනේෂ් චන්දිමාල් යනු ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ  නායකයා වන අතර බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයේ දී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානිදායක වන අයුරින් කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා නායක චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ හා කණ්ඩායමේ කළමනාකරු වන අසංක ගුරුසිංහ යන අය හට ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක්, එක්දින ක්‍රිකට් තරග හතරක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන ලදි.

‘ක්‍රිකට් පවුල්වාදය’ මෙරටට උවමනා කොට තිබේ

“පවුල්වාදය” ශ්‍රී ලාංකික අපට හොඳින් හුරුපුරුදු වචනයකි. අප රටේ සෑම අංශයකම ඔඩුදුවා ඇති මෙය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යාවශ්‍ය බැව් දැන් හැඟී යයි…….

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය විසින් අද (7) නිල වශයෙන් නිවේදනය කළ මෙම එක්දින සංචිතය සඳහා නිමා වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම ලකුණු ලබාගත් වමතින් පිතිකරණයේ නිරත වන දිමුත් කරුණාරත්න ද නම් කර ඇත. ඊට  අමතරව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ, අමිල අපෝන්සු, ෂෙහාන් මදුසංක, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මේ මස 9 වැනිදා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇත.

එසේම මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත්ව සිටින දසුන් ශානක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සංචිතයට ඇතුළත් කර තිබීම නිසා දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන සිව්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ වරම ඔහුට මග හැරීමට වැඩි ඉඩකඩක් තිබේ.

ශ්‍රී ලංකා නැගී එන එක්දින සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, සම්මු අශාන්, චරිත් අසලංක,  කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, ජෙහාන් ඩැනියල්, නිශාන් පීරිස්, ජෙෆ්රි වැන්ඩසේ, අමිල අපෝන්සු, ෂෙහාන් මදුසංක, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු.

අතිරේක ක්‍රීඩකයින්  – ඕෂද ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, නිසල තාරක

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – දඹුල්ල – අගෝස්තු 9
  • දෙවන එක්දින තරගය – දඹුල්ල – අගෝස්තු 11
  • තෙවන එක්දින තරගය– එස්. එස්. සී – අගෝස්තු 14

තරග සියල්ලම ThePapare.com වෙබ් අඩවිය හා ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ විකාශනය කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<