ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතිවිශාල ලාභයක්

372

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වසරේ දී ඉතිහාසය තුළ ලබාගත් දැවැන්තම ලාභය උපයාගෙන තිබෙන අතර එය රුපියල් බිලියන 1.97ක් බව වාර්තා වේ. 2010 වසරේ සිට බලන විට එය වසර 8කට පසුව ලබාගත් හොඳම ලාභයයි.

ඔව් මට මාධ්‍ය ආයතනයක සම්බන්ධකමක් තිබ්බා – තිලංග සුමතිපාල

මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පිළිබඳව අද (01) තවත්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2011 වසර තිබූ තත්වය අනුව රුපියල් බිලියන 4.25ක පාඩුවක් ලබා ගත් ආයතනයකි. එම වර්ෂය සටහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නරකම වසර ලෙසයි. ඉන් අනතුරුව 2016 වර්ෂයේ දී රුපියල් මිලියන 572ක පාඩුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාගෙන තිබූ අතර 2015 වසරේ දී රුපියල් මිලියන 985ක පාඩුවක් විඳ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍යමය වශයෙන් කටයුතු කරන විට යම් පාලනයක් ඇතිව කටයුතු කරමින්, ආයෝජන සඳහා වැඩි ලෙස මුදල් ආයෝජනය කරමින් සාර්ථක හා නිසි ලෙස සිය මූල්‍ය කටයුතු හසුරුවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය වී ඇති බව එහි සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ක්‍රිකට් තේරීම් කමිටුවේ ලොකු වෙනසක්?

ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ප්‍රධානියා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික තේරීම් කමිටුවේ වත්මන් කාලසීමාව…

මේ අතර 2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දල ආදායම රුපියල් බිලියන 2.12ක් ලෙස සටහන් විය. වසරකට පෙර (2016) ආදායම මිලියන 64කි. එමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපායමාර්ගිකව මූල්‍ය වර්ධන සැලසුම් ගොඩනංවාලමින් සාර්ථක ලෙස මූල්‍ය කළමනාකරණය සිදු කරනු ලැබූ අතර 2017 වර්ෂය සඳහා ආදායම රුපියල් බිලියන 6ක්, වැනි ඉහළ අගයක පැවති අතර ක්‍රිකට් ආයතනයේ ඉතිහාසය, මෙය පසුගිය වසරේ ආදායම හා සසඳා බැලීමේ දී ඉතාමත් හොඳ කැපී පෙනෙන වර්ධනයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය තරග සඳහා ආයෝජනය කරන ලද මුදල රුපියල් මිලියන 464ක් බවත්, 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ දී වැඩිපුර රුපියල් මිලියන 241ක මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇති බවත් වාර්තා වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හා සංවර්ධනය වෙනුවෙන් 2016 වසරේ දී රුපියල් මිලියන 584ක මුදලක් වැය කර ඇති අතර 2017 වසරේ දී එම මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 724ක් දක්වා වර්ධන කරමින් නොඑසේ නම් වක්‍රාකාරව ආයෝජනය කරමින් මෙවැනි වූ ආදායම් ලබන ආයතනයක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්ව ඇත.

  • 2017 දී ශුද්ධ ආදායම රුපියල් බිලියන 12
  • 2017 දළ ආදායම රුපියල් බිලියන 19
  • ද්‍රවශීල වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 97
  • මූල්‍ය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 4

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<