ක්‍රීඩිකාවන්ගේ කොන්ත්‍රාත්තුවේ ඉහළම කාණ්ඩයට තුන්දෙනෙක්

69

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට හා නැගී එන ක්‍රීඩිකාවන් 15 දෙනෙකුට පිළිවෙළින් ඉදිරි මාස 6ක සහ 3ක කාලය සඳහා කොන්ත්‍රාත්තු ලබා දීමට ඊයේ (27) තීරණය කර තිබේ. 

කෝල්ට්ස් හා ගුවන් හමුදාව නැගී එන ක්‍රිකට් පිටිය අලංකාරවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන …….

මෙහි දී ජාතික මට්ටමේ කාන්තා ක්‍රීඩිකාවන් 20 දෙනා කාණ්ඩයන් 4ක් යටතේ වර්ග කර තිබෙන අතර නැගී එන ක්‍රීඩිකාවන් එකම කාණ්ඩයක් යටතේ මේ කොන්ත්‍රාත්තුව සඳහා ඇතුළත් කර ඇත. කෙසේ නමුත් මේ එක් එක් ක්‍රීඩිකාවන් සඳහා ගෙවනු ලබන මුදල් ප්‍රමාණය කුමක් ද යන වග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් පවසා නොමැත.

ලැබෙන කොන්ත්‍රාත් මුදලට අමතරව නැගී එන ක්‍රීඩිකාවන් හට මාසිකව යම් මුදල් ප්‍රමාණයක් ගෙවන අතර පැමිණීමේ දිරි දීමනාවක් ද ඔවුන්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් අතරින් චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන හා ඉනෝක රණවීර ඉහළම කාණ්ඩයේ (A කාණ්ඩය) කොන්ත්‍රාත්ගත ක්‍රීඩිකාවන් ලෙස තේරී පත්වීමට වරම් දිනා ගෙන ඇත්තේ පසුගිය කාලය පුරාවට දැක්වූ දස්කම් ද සවියක් කරගනිමිනි.

තවද ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් හට ඔවුන්ට අවශ්‍ය පෝෂණ අතිරේක (supplements) ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ට ගෙවනු ලබන කොන්ත්‍රාත් මුදලට අමතරව මාසිකව යම් මුදලක් ගෙවීමට ද මෙහි දී තීරණය කර ඇත. 

කවීෂාගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

2019 ACC ආසියානු කුසලාන නැගී එන කාන්තා ….

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් වරට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු තරගාවලියේ තරග සියල්ලම පරාජයට පත්වූයේ ICC කාන්තා එක්දින ශූරතාවලියේ තරග 3ක්ද පරාජයට පත්වෙමිනි. කෙසේ නමුත් අතපත්තු එම තරගාවලිය පුරාවට සර් ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

කොන්ත්‍රාත්තු ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්, 

  • A කාණ්ඩය – චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර
  • B කාණ්ඩය – අනුෂ්කා සංජීවනී, යසෝදා මෙන්ඩිස්, අනුෂ්කා සංජීවනී, ඕෂධි රණසිංහ, නිලක්ෂි ද සිල්වා, සුගන්ධිකා කුමාරි
  • C කාණ්ඩය – උදේශිකා ප්‍රබෝධනි, ඩිලනි මනෝදරා, හසිනි පෙරේරා, අමා කාංචනා, ප්‍රසාදිනී වීරක්කොඩි, කවීෂා දිල්හාරි, හර්ශිතා සමරවික්‍රම
  • D කාණ්ඩය – ඉමල්කා මෙන්ඩිස්, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, මධුෂිකා මෙත්තානන්ද

නැගී එන ක්‍රීඩිකාවන් – මල්ෂා ශෙහානි, සත්‍යා සංදීපනී, ලිහිණි අප්සරා, තාරිකා සෙව්වන්දි, උමේෂා තිමාශිනි, ශෂිකලා සිල්වා, ජිමන්ජලී විජේනායක, හර්ෂනී විජේරත්න, රෝස් පෙරේරා, සඳුනි නිසංසලා, ඉරේෂා ශ්‍යාමලී, සයනි ඕෂධි, තාරුකා ශෙහානි, නිලක්ෂනා සඳමිණි, ජනදි අනාලි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<