2018/19 වසර වලදී දේශීය ක්‍රිකට් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිදුකරන ලද සියලු කැපකිරීම් සහ වෙහෙස මහන්සිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරවයට පාත්‍ර කෙරෙන “ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය” අද (03) දින රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විනි. 

SAG2019 – සම්මු සහ උමේෂාගෙන් අර්ධ ශතක

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්වන් සඳහා අද (03) සහභාගී වූ ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්……

මෙහිදී පසුගිය වසරේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට සම්මාන ලබාදුන් නමුත් “වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය” පිරිනැමීම සිදුනොවීම සුවිශේෂී කරුණක් විය.  

පසුගිය වසරේ දී වසරේ ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවාට හිමි සම්මානය දිනාගත් ධනංජය ද සිල්වා මෙවර දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නා විට, වර්තමාන ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවා ලෙස තේරී පත්විය. හොඳම ටෙස්ට් පන්දු යවන්නා සම්මානය සඳහා හිමිකම් කීවේ දිල්රුවන් පෙරේරායි. 

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිස්සංක සම්මානයට පාත්‍ර වූ අතර කුසල් පෙරේරා, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ජාත්‍යන්තර එක්දින තරග අංශයේ සම්මාන දිනාගනු ලැබීය.

Photos: Sri Lanka Cricket Awards 2018/19

එයින් නොනැවතුනු ලසිත් මාලිංග සහ තිසර පෙරේරා, ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ද පිළිවෙලින් හොඳම පන්දු යවන්නා සහ හොඳම පිතිකරුවා බවට පත්වන විට පසුගිය කාලය පුරාවට ඉසුරු උදාන දැක්වූ දස්කම් “දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා” සම්මානය හිමි වීමට හේතු විය. මෙහිදී මාලිංග නොකඩවා තෙවන වරටත් දක්ෂතම විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස තේරී පත්වීම කාගේත් දැඩි අවධානයකට ලක්විය. 

විශේෂ සම්මාන අංශය යටතේ වසරේ ජාත්‍යන්තර විනිසුරුවරයා ලෙස නොකඩවා දෙවන වරටත් තේරී පත්වීමට කුමාර් ධර්මසේන සමත් විය. ‘Lifetime Award’ සම්මානයෙන් කේ. එම්. නෙල්සන්, නුස්කි මොහොමඩ්, ලූෂන් මෙරිනේජ් සහ පර්සි අබේසේකර යන මහත්වරුන් පිදුම් ලැබීය. වසරේ කීර්තිමත් මුද්‍රිත ජනමාධ්‍යවේදියා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ශමිල් අමිට් මහතා වන අතර එහි විද්‍යුත් අංශයේ සම්මානය කමල් දේශප්‍රිය මහතාට හිමිවිය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ඇගයෙන සම්මාන රාත්‍රියට සියල්ල සූදානම්

2018/19 වසරවල දී දේශීය ක්‍රිකට් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිදු කරන ලද සියලු කැපකිරීම්……

මෙවර සම්මාන උළෙලේ දී ජාත්‍යන්තර මෙන්ම දේශීය තලය තුළ ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් වෙනුවෙන් සම්මාන 40ක් ද වෙන්කර තිබිනි. 

2018/19 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ දී සම්මාන බෙදී ගිය ආකාරය

අන්තර්ජාතික අංශය

පිරිමි අංශය 

  • වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු – දිමුත් කරුණාරත්න 
  • වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – දිල්රුවන් පෙරේරා  
  • වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා – ධනංජය ද සිල්වා 
  • වසරේ දක්ෂතම එක්දින පිතිකරු – කුසල් ජනිත් පෙරේරා 
  • වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා – ලසිත් මාලිංග 
  • වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා – තිසර පෙරේරා 
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස පිතිකරු – තිසර පෙරේරා 
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස පන්දු යවන්නා – ලසිත් මාලිංග 
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයා – ඉසුරු උදාන 
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – පැතුම් නිස්සංක 

කාන්තා අංශය

  • සරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය – චමරි අතපත්තු 
  • වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය – ඕෂදී රණසිංහ 
  • වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු 
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස පිතිකාරිණිය – චමරි අතපත්තු 
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස පන්දු යවන්නිය – ශෂිකලා සිරිවර්ධන 
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශෂිකලා සිරිවර්ධන 
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරි අතපත්තු  

දේශීය අංශය

පිරිමි – පළමු පෙළ Tier ‘ඒ’ ලීග් තරගාවලිය 

  • දක්ෂතම පිතිකරු – ඕෂධ ප්‍රනාන්දු (හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය) 
  • දක්ෂතම පන්දු යවන්නා – මලින්ද පුෂ්පකුමාර (කොළඹ ක්‍රිකට් සමාජය) 
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – සචිත්‍ර සේරසිංහ (ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය) 
  • ශූරතාවය – කොළඹ ක්‍රිකට් සමාජය  
  • අනුශූරතාවය – සැරසන්ස් ක්‍රීඩා සමාජය 

පිරිමි – පළමු පෙළ Tier ‘බී’ ලීග් තරගාවලිය 

  • දක්ෂතම පිතිකරු – දමිත් පෙරේරා (කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය) 
  • දක්ෂතම පන්දු යවන්නා – දිනුක් හෙට්ටිආරච්චි (පොලිස් ක්‍රීඩා සමාජය) 
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ගීත කුමාර (ලංකන් ක්‍රිකට් සමාජය) 
  • ශූරතාවය – ලංකන් ක්‍රිකට් සමාජය 
  • අනුශූරතාවය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 

පිරිමි – පළමු පෙළ සීමිත තරගාවලිය 

  • දක්ෂතම පිතිකරු – සචිත්‍ර සේනානායක (එස්. එස්. සී.) 
  • දක්ෂතම පන්දු යවන්නා – නිශාන් පීරිස් (රාගම ක්‍රිකට් සමාජය) 
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – සචිත්‍ර සේනානායක (එස්. එස්. සී.) 
  • ශූරතාවය – එස්. එස්. සී.   
  • අනුශූරතාවය – කොළඹ ක්‍රිකට් සමාජය 

පිරිමි – පළමු පෙළ විස්සයි-විස්ස තරගාවලිය 

  • දක්ෂතම පිතිකරු – දිනේෂ් චන්දිමාල් (එන්. සී. සී. ) 
  • දක්ෂතම පන්දු යවන්නා – මලින්ද පුෂ්පකුමාර (කොළඹ ක්‍රිකට් සමාජය) 
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – සීකුගේ ප්‍රසන්න (යුද හමුදා ක්‍රීඩා සමාජය) 
  • ශූරතාවය – මුවර්ස් ක්‍රීඩා සමාජය 
  • අනුශූරතාවය – එන්. සී. සී. 

පාකිස්තාන සංචාරයේ දී ශ්‍රී ලංකාවට නව අභ්‍යාසකවරයෙක්

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ……

කාන්තාපළමු පෙළ සීමිත පන්දුවාර තරගාවලිය

  • දක්ෂතම පිතිකාරිණිය – යසෝදා මෙන්ඩිස් (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය) 
  • දක්ෂතම පන්දු යවන්නිය – ඉනෝකා රණවීර (නාවික හමුදා ක්‍රීඩා සමාජය) 
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි පොල්ගම්පොල (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය) 
  • සමශූරතාවය – හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය 

විශේෂ සම්මාන 

  • වසරේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු – කුමාර් ධර්මසේන 
  • වසරේ දේශීය ක්‍රිකට් විනිසුරු – ලින්ඩල් හැනිබල් 
  • වසරේ තරග තීරක – මනෝජ් මෙන්ඩිස් 

මාධ්‍ය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ ඇගැයීම් සම්මාන 

  • මුද්‍රිත මාධ්‍ය – ශමිල් අමිට්
  • විද්‍යුත් මාධ්‍ය – කමල් දේශප්‍රිය

“Lifetime Award” සම්මානය – කේ. එම්. නෙල්සන්, නුස්කි මොහොමඩ්, ලූෂන් මෙරිනේජ්, පර්සි අබේසේකර. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<