ඉන්දියාව මෙල්ල කරන ශ්‍රී ලංකා A සංචිතය එළියට

1034

මේ මස 25 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා A සංචිතය අද (7) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි. මේ තරගාවලිය සඳහා නිල නොවන සිව්දින තරග දෙකක් හා නිල නොවන එක්දින තරග 5ක් අන්තර්ගතය.

ගේල් භීතිකාව ආයෙත්

ක්‍රිකට් පිටියේ දැවැන්තයා ලෙස විරුදාවලිය ලත් ක්‍රිස් ගේල්ගේ බටහිර ඉන්දීය කොදෙව් ආගමනය පුවත්….

මේ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවී ඇති අතර සිව්දින හා එක්දින සංචිතයන් දෙකේ දී ම ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ අශාන් ප්‍රියන්ජන් විසිනි.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් පිළිබඳව වැඩි බලාපොරොත්තුවක් තබාගෙන සිටි නමුත් එම ස්ථානයන් අහිමි වූ නිරෝෂන් දික්වැල්ල, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන් හා සධීර සමරවික්‍රම යන ක්‍රිකට් ක්‍රීඩකයින් මේ සංචිතය සඳහා තේරී ඇත.

ආබාධවලට ලක්ව සිටීම නිසා පසුගිය දා නිමාවට පත්වුණු ශ්‍රී ලංකා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණු ලසිත් ඇඹුල්දෙනිය හා දසුන් ශානක ද මේ සංචිතය අතර සිටින නමුත් ඇඹුල්දෙනියේ සහභාගීත්වය තීරණය වන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතා මට්ටම අනුවයි.

පාන්ඩ්‍යා සහෝදරයෝ මුම්බායි පළමු තැනට රැගෙන එයි!

ප්‍රබල ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා හා ඔහුගේ සොයුරු කෘනාල් පාන්ඩ්‍යාගේ අනර්ඝ පන්දු….

නායක අශාන් ප්‍රියන්ජන්ට අමතරව පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න හා ලහිරු කුමාර යන ක්‍රීඩකයින් ඉන්දීය A කණ්ඩායම සමඟ තරග වැදීම  වෙනුවෙන් සූදානම් වන ශ්‍රී ලංකා A සිව්දින හා එක්දින සංචිතයන් දෙකටම ඇතුළත් වේ.

සිව්දින තරග සංචිතය

අශාන් ප්‍රියන්ජන් (නායක), පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, සංගීත් කුරේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය (ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා ඉදිරිපත් කර ඇත.) චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර.

එක්දින සංචිතය

අශාන් ප්‍රියන්ජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කමිඳු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ඉශාන් ජයරත්න, චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

තරග කාලසටහන

  • මැයි 25-28 – පළමු නිල නොවන සිව්දින තරගය බෙල්ගාම් හිදී
  • මැයි 31- ජුනි 03 – දෙවන නිල නොවන සිව්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 06 – පළමු නිල නොවන එක්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 08 – දෙවන නිල නොවන එක්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 10 – තුන්වැනි නිල නොවන එක්දින තරගය බෙල්ගාම් හිදී
  • ජුනි 13 – සිව්වැනි නිල නොවන එක්දින තරගය හබ්ලි
  • ජුනි 15 – පස්වැනි නිල නොවන එක්දින තරගය හබ්ලි

තරගාවලියේ සියලුම තරග තොරතුරු, ලකුණු සටහන් හා එසැණ පුවත් ඔබ වෙතට රැගෙන ඒමට ThePapapre.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<