රන් නැතත් ශ්‍රී ලංකා වාර්තාවන් දෙකක් බිඳ වැටුණු දිනයක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - පිහිනුම්

81

13 වැනි ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය දා නේපාලයේ කත්මණ්ඩු නුවර දී ආරම්භ වූ අතර එහි පිහිනුම් තරගවල තෙවැනි දිනය අද (7) ක්‍රියාත්මක විය.

අද දිනයේ දී ශ්‍රී ලංකාවට එකඳු රන් පදක්කමක් හෝ දිනා ගැනීමට නොහැකි වූ නමුත් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූයේ නව ජාතික වාර්තා දෙකක් ද පිහිටුවමිනි.

මැතිව් අබේසිංහගෙන් රන් පදක්කම් තුනක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග ඉසව් අද (5) ආරම්භ වූ….

වයස අවුරුදු 20ක් වන අකලංක පීරිස් ඊයේ දිනයේ දී ද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ අතර ඔහු අද තරග කළ මීටර 100 පිරිමි පසුපසආර තරග ඉසව්ව තත්පර 54.14කින් නිමා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු වීමට සමත් විය. එහි ලෝකඩ පදක්කම හිමි කර ගත් ශෙවින්ද ද සිල්වා තත්පර 56.11කින් තරගය නිමා කළේය.

පිහිනුම් ඉසව්වෙන් දිනයේ බිහි වූ දෙවන ශ්‍රී ලංකා වාර්තාව වාර්තා වූයේ මීටර 50 පිරිමි ළයආර තරග ඉසව්වෙනි. එම ඉසව්ව තත්පර 28.79කින් නිමා කළ කිරන් ජාසිංහ මේ තරගාවලියේ ඔහුගේ නමට ඉදිරියෙන් තවත් පදක්කමක් සටහන් කරගත්තේ මේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ද තමන් සතු කරගනිමිනි. එහි කාන්තා තරග ඉසව්ව තත්පර 34.21කින් නිමා කළ රමුදි සමරකෝන් හට ද ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

දිනයේ පිහිනුම් ඉසව්වන් ආරම්භ කරමින් පැවති මීටර 800 කාන්තා නිදහස් ආර ඉසව්ව මිනිත්තු 9:34.42කින් නිමා කළ රමුදි සමරකෝන් ඇගේ දෙවැනි පදක්කම ලෙස රිදි පදක්කමක් දිනා ගන්නට සමත් විය.

අද දිනයේ දී පිහිනුම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලැබුණු දෙවන රිදී පදක්කම ජයග්‍රහණය කළේ මීටර 50 කාන්තා නිදහස් ආර ඉසව්ව නියෝජනය කළ භක්ති කරුණාසේන විසිනි. ඒ සඳහා ඇයට තත්පර 26:81ක කාලයක් වැය විය. එහි ලෝකඩ පදක්කම හිමි වූයේ තත්පර 27.03කින් නිමා කළ සන්දු සවින්දි හටයි. 

වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉදිරියටම

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය අද (06) නිමාවට වූ…..

මීටර 400 පිරිමි IM තරග ඉසව්ව මිනිත්තු 4:46.46කින් නිමා කළ රෙවාන් සේනාරත්න එම ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිකර දෙන ලදි.

2016 දී ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දස්කම් දක්වන්නට සමත් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ පිහිනුම් කණ්ඩායමයි. ඔවුන් එහි දී රන් පදක්කම් 12ක්, ලෝකඩ පදක්කම් 11ක්, රිදී පදක්කම් 16ක් ඇතුළු සමස්ත පදක්කම් 39ක් දිනා ගන්නා ලදි. 

දින තුනක් පුරාවට පැවති මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වන් වලින් මේ වන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 13ක් සමඟින් මුළු පදක්කම් 23ක් දිනාගෙන ඇත.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 31ක්, රිදී පදක්කම් 57ක් සහ ලෝකඩ පදක්කම් 80ක් සමඟින් සමස්ත පදක්කම් 168ක් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<