කාය ශක්තිය ඉක්මවූ මනෝ ශක්තිය – රධීෂ සෙනවිරත්න

2420

“ඒ” කාණ්ඩයේ රග්බි සමාජයක ඉදිරිපෙළ (forward) ක්‍රීඩකයන් අතර උස අඩි 5’5කින් සහ කි.ග්‍රෑම් 80ක බරකින් යුත් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන බැව් ඔබට විශ්වාස කළ හැකි ද?

කණ්ඩායමේ විශාලතම ක්‍රීඩකයන්ගේ අයිතිය යටතේ පවතින එම ස්ථානය තුළ ක්‍රීඩා කරන, අපගේ කතානායක රධීෂ සෙනවිරත්නට නම් එය මහා පුදුමයක් නොවේ. උත්සාහයේත් කැපවීමේත් ශක්තිය, කිසිවකින් වළක්වනු නොහැකි බව සනාථ කළ රධීෂ, නොදිලෙන පොලිස් ක්‍රීඩා සමාජය තුළ බැබළෙන තරුවකි.

මම පිතිකරණයේ යෙදෙන හැටි: කුමාර් සංගක්කාර

මම කැමතියි දඟ පන්දුවට මුහුණදීම පිලිබඳව මුලින්ම දැනගන්න. පන්දුව දඟ කැවෙන විට හොඳ පිතිකරුවෙකුගේ ක්‍රීඩා විලාශයේ විශේෂ ලක්ෂණ මොනවාද? එවැනි ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වඩා රග්බි ක්‍රීඩාව ප්‍රචලිත වී ඇති එකම දිස්ත්‍රික්කය ලෙස සැලකිය හැකි මහනුවර දිස්ත්‍රික්කයෙන් බිහි වූ රධීෂ, ප්‍රථමයෙන් සහභාගී වන්නේ විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහායි.

වයස අවුරුදු 13 දී රග්බි පුහුණුවීම් සඳහා ඔහුව පොලඹවන්නේ එවකට ඔහුගේ මිතුරෙකු වූ, වත්මන් නාවික හමුදා සෙන්ටර් ක්‍රීඩක කෝසල තිසේරා ය. ආගන්තුක ක්‍රීඩාවකට පා තැබීමෙන් පසුව ඔහුට කණ්ඩායමේ මුල් පහළොස් දෙනා අතර ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ 2002 වර්ෂයේ 15න් පහළ රග්බි කණ්ඩායමේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයා වශයෙනි.

2002 දී අපි (විද්‍යාර්ථ විද්‍යාලය) සිංගර් ශ්‍රී ලංකා සත්සාමාජික පාසල් ශූරතාවය දිනා ගත්තා. එවකට අපේ නායකයාව සිටි ධනුෂ්ක පුෂ්පකුමාර ජාතික කණ්ඩායමට තේරුණු නිසා, ඔහු පාසල් කණ්ඩායමේ ක්‍රීඩා කළේ නැහැ. මට මතකයි අපේ කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කල අවස්ථාවේ දී අපට කොච්චර ආඩම්බරයක් දැනුණ ද කියලා. අපේ නායකයා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනු දැකීම විශේෂයක් වුනා. මං හිතන්නේ ඒ වගේ තරගාවලියක් ජය ගැනීමෙන් තමයි මට රග්බි ක්‍රීඩාව ගැන ආදරයක් ඇතිවෙලා එහි කොටස්කාරයෙක් වෙන්න අවශ්‍ය වුනේ.” ඔහු පැවසීය.

ඔහුගේ සිහිනය සැබෑ වූයේ ඉන් වසරකට පසුව ඔහුගේ පළමු පුහුණුකරු වූ පියල් ‘රොබට්’ නවරත්න විසින් ඔහුව 2003 සිංගර් ශ්‍රී ලංකා සත්සාමාජික තරගාවලිය නියෝජනය කරන ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීමෙන් පසුවයි. ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු විශිෂ්ට දස්කම් දැක්වූ අතර 2003 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා වසර හතරක කාලයක් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ වාසනාව ද ලද්දේය.

“රොබට් සර් (පියල් නවරත්න) තමයි මගේ පළවෙනි පුහුණුකරුවා. මං හිතන්නේ ඔහු ශ්‍රී ලංකාවේ දක්ෂතා හඳුනාගන්නන් අතරේ ප්‍රමුඛයෙක්. ඔහු තමයි අද අන්තර් සමාජ මට්ටමේ ඉන්න බොහොමයක් විද්‍යාර්ථ ක්‍රීඩකයන්ට ක්‍රීඩාවේ මූලිකාංග කියලා දුන්නේ සහ ඔවුන්ගේ දක්ෂතා ළාබාල අවධියේ දීම හඳුනා ගත්තේ. ඔහු තමයි මං 13න් පහල ක්‍රීඩා කරන කාලේ වගේම 2006 දී අවසන් වරට ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී මගේ පුහුණුකරු වුනෙත්.” රධීෂ තම ප්‍රථම පුහුණුකරු ගැන මතකය අවධි කළේ එසේය.

රධීෂ, කැපීපෙනෙන ක්‍රීඩකයෙකුගේ මට්ටමට ලඟා වූයේ 2005 වර්ෂයේදීයි. එවකට ඔහුගේ කණ්ඩායමේ නායකයා සහ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා වූ චරිත් සෙනවිරත්න සමඟින් ඔහු මනා සම්බන්ධතාවක් ගොඩනඟාගත් අතර ඔහුගේ රග්බි දිවියේ පමණක් නොව ජීවන ගමනේ ද හැරවුම් ලක්ෂ්‍යය ලෙස එය හැඳින්විය හැකිය.

“චරිත්, උදේ පුහුණුවීම් වලට කලින් මාව ඔහුගේ නිවසට ගෙන්න ගන්නවා වගේම පාසල් කාලයෙන් පසුව පන්දු හුවමාරු කිරීම් ගැන පුහුණු වීමටත් මාව යොමු කලා. ඉලක්කය හරියට හදා ගන්න අපි පැය ගණන් පුහුණු වුනා.” ඔහු කීය.

2005 තරග වාරයේ දී සුපිරි දස්කම් පෑ ඔහු, 2006 වර්ෂයේ දී විද්‍යාර්ථ විද්‍යාලයීය නායකත්වයට ද පත් විය.

“විද්‍යාර්ථ රග්බි කණ්ඩායමේ නායකත්වයට පත්වීම මං ලබපු ගෞරවයක්. ඒක ජීවිත කාලයටම කිහිප දෙනෙකුට පමණක් ලැබෙන අවස්ථාවක්. අපි ඒ කාලේ “බී” කාණ්ඩය යටතේ ක්‍රීඩා කළත් ත්‍රිත්ව, ඉසිපතන, රාජකීය, සාන්ත ජෝසප් වගේ කණ්ඩායමුත් “බී” කාණ්ඩයේ හිටපු නිසා අපට ක්‍රීඩා කරන්න වුනේ අපේ රටේ හොඳම කණ්ඩායම් එක්ක. ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම නැති වුනත් “මීයා” (චානක චන්දිමාල්) සහ මගේ කණ්ඩායම මට දුන්න සහයෝගයෙන් 5 වැනි ස්ථානයෙන් තරගාවලිය අවසන් කරන්න හැකි වුනා

Tigers – From left to right – Amitha Perera, Padiyapperuma, Chanaka Chandimal, Chandana Ariyasinghe, Radeesha Senevirathne

පාසලෙන් ඉවත් වීමෙන් පසුව මේ දීප්තිමත් ක්‍රීඩකයා රග්බි ක්‍රීඩාවෙන් ඉදිරියට යාම ගැන අවධානය යොමු නොකළ අතර අලෙවි විධායකයෙකු වශයෙන් සේවය ඇරඹීය. ඔහුව නැවතත් රග්බි පිටියට ඇද බැඳ තබා ගන්නට සමත් වූ ඔහුගේ පුහුණුකරු, ඔහුට මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් පුහුණුවීම් වලට පැමිණීම සඳහා ආරාධනා කළේය. සංජීව ජයසිංහ, රධික හෙට්ටිආරච්චි, නාලක වීරක්කොඩි වැනි ක්‍රීඩකයන්ගේ ඇසුරේ හැදී වැඩීමට ඔහුට ඉඩ ලැබෙන්නේ ඉන් පසුවයි. මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් අතරතුර දී ඔහුට ඔහුගේ ක්‍රීඩා මට්ටම දියුණු කර ගැනීම සඳහා අගනා සහයක් ලබා දුන් පුද්ගලයන් ලෙස සංජීව ජයසිංහ සහ ඉම්රාන් බිස්තමින්ව ඔහු සිහි කළේ ගෞරවයෙනි.

ශ්‍රී ලංකාවේ නවතම T20 බලාපොරොත්තුව – තික්ෂිල ද සිල්වා

නව මුහුණුවරකින් යුතු ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් සංචිතය දකුණු අප්‍රිකාවට එරෙහිව තරග තුනකින් සමන්විත තරගාවලියට එක්වන්නේ ටෙස්ට් තරගාවලියේදී ගිලිහී ගිය අභිමානය නැවත ලබා…

අපරාජිත ශූරයන් ලෙස අභිෂේක ලැබූ මහනුවර කණ්ඩායම තුළ ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් නොලද ඔහු, 2008 වසරේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟින් එක් වූ අතර එහි දී ඔහුට තම පැරණි සගයා මෙන්ම නායකයා වූ චරිත් සෙනවිරත්නව යළිත් මුණගැසුණි.

“2008 දී මට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එක්වෙන්න යැයි ඇරයුමක් ලැබුණා. එතකොටම මට සතුටක් ඇතිවුණා, මොකද චරිත් සහ මගේ පාසලේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ගුවන් හමුදා කණ්ඩායමේ හිටියා. ඒ කණ්ඩායමේ ක්‍රියාවලියට මට ඉක්මනින්ම එකතු වෙන්න පුළුවන් වෙන බව මං දැනගෙන හිටියා. අමාරුම දේ වුනේ මගේ දෙමව්පියන් එයට කැමති කරවා ගැනීමයි. යුද්ධය උණුසුම් වෙන අතරතුරේ දී ඔවුන් හිතුවේ මම ගුවන් හමුදාවට එකතු වුනොත් සමහර විට මාවත් සටන් බිමට යවයි කියලා.”

2008 අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ දී ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් රධීෂ දැක්වූ දස්කම් නිසාම එම වසරේ ශ්‍රී ලංකා සත්සාමාජික කණ්ඩායමට එක්වීමේ හැකියාව ඔහුට ලැබුණි. කෙසේ නමුත් සාර්ථක අවසානයක් කරා යාමට ඔහුට නොහැකිවුවද, තවදුරටත් ඔහුගේ ආදරණීය ක්‍රීඩාව තුළ ඔහුව රඳවා ගැනීමට එය ප්‍රමාණවත් විය. ඔහු හොඳින් දක්ෂතා දක්වමින් සිටි බැවින් ප්‍රමුඛ සමාගම් කිහිපයකම අවධානය දිනා ගැනීමට ඔහු සමත් විය. ජෝන් කීල්ස් ආයතනයට අනුබද්ධ වෝකර්ස් ටුවර්ස් ආයතනයෙන් ආරාධනාවක් ලැබීමෙන් පසුව අන්තර් සමාගම් රග්බි පිටියේ දොරගුළු විවර කර ගත් ඔහු, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට ද පත්විය.

Rugby is loved at JKH
Rugby is loved at JKH

“ඒක නියම අත්දැකීමක්. ජෝන් කීල්ස් ආයතනයේ හැමදෙනාම අන්තර් සමාගම් රග්බි ගැන ගොඩක් ඇල්මකින් පසුවෙන අය. මම සහභාගී වුන පළමු තරගාවලියේ දීම දක්ෂතම ක්‍රීඩකයා වීමට ලැබීම මං ලද භාග්‍යයක්.” ඔහුගේ රැකියා ස්ථානය තුළ රග්බි ක්‍රීඩාවට ඇති පිළිගැනීම ගැන රධීෂ සඳහන් කළේ එසේය.

පරිවර්තනය

“CR පුහුණුකරු සුදත් සම්පත් සහ එවකට නායක දුෂාන්ත් ලෙව්කේ මට ආරාධනා කළා CR & FC කණ්ඩායමට එන්න කියලා. ඊට පස්සෙ අවුරුද්දේ මම CR කණ්ඩායමට එකතු වෙලා හොඳින් දක්ෂතා දැක්වුවා.”

Pic 06CR කණ්ඩායමට, 19න් පහල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යොවුන් ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් වීමෙන් පසුව රධීෂට ආරම්භක ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ විට අහිමි විය. එවැනි අවස්ථාවල දී සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකු අධෛර්යයට හෝ කනගාටුවට පත් වුවත්, ක්‍රීඩා කිරීමේ ‘උණෙන්’ පසු වූ රධීෂ, ප්‍රතිවාදී ක්‍රීඩකයන් බිම හෙළමින් ඔහුගේ නම පිටිය තුළ සලකුණු කළේය.

2013 දී මහනුවර කණ්ඩායමට එරෙහි තරගයට කලින් CR අංක 8 ක්‍රීඩක, ෂෙහාන් ‘ලෙමා’ පතිරණ ආබාධයට ලක් වුනා. මගෙ ඩිෆෙන්ස් (defence) එක හොඳ නිසා පුහුණුකරු ලගා සහ බිලාල් මගෙන් ඇහුවා තර්ඩ් රෝ (third row) සෙල්ලම් කරනව ද කියලා. ඒ තරගය තිබුණේ නිත්තවෙල. නිත්තවෙල කියන්නේ ලොකු ජවයකින් ක්‍රීඩා කරන්න පුළුවන් තැනක්. මට නිත්තවෙල දී කවදාවත් පීඩනයක් එල්ල වෙලා නෑ. මං කැමතියි නිත්තවෙල ක්‍රීඩා කරන්න. ඉතින් මං කවදාවත් තර්ඩ් රෝ ක්‍රීඩා කරලා නැති වුනත්, මං පැනලා ඒ අවස්ථාව භාර ගත්තා.”

Trouble with the Law enforcement
Trouble with the Law enforcement

‘ඉබ්බා දියේ දැම්මා මෙන්’ එම අවස්ථාව ලබා ගත් රධීෂ, නිත්තවෙල තරගයේ දී අනෙකුත් ක්‍රීඩකයින්ට ද ආදර්ශයක් වෙමින් ක්‍රීඩා කළේය. ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වශයෙන් සිය ප්‍රථම තරගය ක්‍රීඩා කරන බවක් කිසි මොහොතක නොපෙන්වූ ඔහු, එවකට මහනුවර කණ්ඩායමේ ක්‍රීඩා කළ විදේශික ක්‍රීඩකයන් නැවැත්වීමේ දී පවා නිර්භය ක්‍රීඩා විලාසයක් අනුගමනය කරමින් නරඹන්නන් මවිතයට පත් කළේය. එය පුහුණුකරුවන්ගේ අවධානය දිනා ගත් අතර තරග වාරය අවසන් වන තෙක්ම ඔහුව එම ස්ථානයේ ක්‍රීඩා කරවීමට ඔවුන් තීරණය කරන ලදි.

රධීෂ දැනට ක්‍රීඩා කරන්නේ පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙනි. එහි තම දෙවන වසර පසු කරමින් සිටින ඔහු ආරම්භක ලැයිස්තුවේ අංක 8 ක්‍රීඩක ස්ථානය තමා සතුකරගෙන ඇති අතර අභීතව ප්‍රතිවාදීන් වළක්වන්නෙකු ලෙස සහ පන්දුව සොරා ගන්නෙකු ලෙස ප්‍රකට ය. ඔහුට ලැබුණු නව ස්ථානය, මේ වන තෙක් ඔහුට සාර්ථකත්වය රැගෙන පැමිණ ඇත. බොහෝ දක්ෂ තර්ඩ් රෝ (third row) ක්‍රීඩකයන් මෙන්ම සෑම විටම ප්‍රතිවාදීන් නැවැත්වීමේ බලාපොරොත්තුවෙන් සිටින නිසාවෙන්ම ඔහු විනිසුරුවන්ගේ ද ඇස ගැටෙන්නෙකු බැවින් ඔවුන්ගෙන් දඬුවම් ලැබීමට ද ලක්වෙයි. 2015/16, 2016/17 තරග වාරවල දී රධීෂට කහ කාඩ්පත් සහ දඬුවම් අත්හිටුවීම් කිහිපයක්ම හිමිව ඇත.

Pic 08“ඔව්, කහ කාඩ් ලැබීම නම් ප්‍රශ්නයක් තමා. මාව පිටියෙන් නෙරපුවහම අනෙක් ක්‍රීඩකයන්ට මගේ අඩුව පුරවන්න මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඒක ටිකක් හිතා ගන්න අමාරුයි, මොකද විවිධ විනිසුරුවරුන් රක්ස් (rucks) එක ආශ්‍රයේ තියෙන නීති පරිවර්තනය කරන විදිය වෙනස්. ඒ නිසා ඉක්මනින් විනිසුරුව හඳුනා ගෙන ඒ අනුව හැඩ ගැහෙන්න සිදු වෙනවා. මේ තරග වාරේ දී මං හොඳින් ඒ කාලය මැන ගත්තා කියලා මං හිතනවා. මට සම්පුර්ණයෙන්ම ක්‍රීඩකයෙකු බිම හෙළන්න බැරි නම්, මම මගේ සගයන්ට සහය වෙලා පන්දුව මගේ අතට ගන්න තමයි බලන්නේ.”

Radeesha takes Achini Senevirathne's hand
Radeesha takes Achini Senevirathne’s hand

නිවසින් ලැබෙන සහය ගැන විමසීමේ දී රධීෂට සැඟවුණු කතාන්දරයක් කීමට තිබුණි.

“මට ලැබෙන්න පුළුවන් හොඳම දෙමාපියන් දෙන්නා තමයි මට ලැබිල තියෙන්නේ. ඔවුන් දෙදෙනාම බිහිරි යි, ඒ නිසා ඔවුන්ට කතා කරන්නත් බැහැ. ඒත් මගේ වැඩිමල් සොයුරාටත්, මටත්, මගේ බාල සොයුරියටත් දෙන්න පුළුවන් හැමදේම ඔවුන් දීලා තියෙනවා. මගේ සහෝදරයා ගුවන් හමුදා නිලධාරියෙක්, නැගණිය අධ්‍යාපනය නිම කළා විතරයි. මගේ දෙමාපියෝ ඔවුන්ගේ අපහසුකම් මැද ගොඩක් කැප කිරීම් කරලා තියෙනවා. ඉතින් ඔවුන්ට ගෞරවයක් ලබා දෙන්න හැකි වීම ගැන මං සතුටු වෙනවා. ඔවුන් තමයි මගේ වීරයෝ.”

ධර්මාශෝකයෙන් පෑයූ පැසිපන්දු තරුව – දසුන් නිලන්න

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් 2012 වර්ෂයේදී පැසිපන්දුවට අත්පොත් තැබූ දසුන් නිලන්ත, අද වන විට 18න් පහල ජාතික සංචිතයේ 13 වැනි ස්ථානය දක්වා පැමිණ ඇත.

චරිත් සෙනවිරත්න සහ රධීෂ අතර පැවති මිතුදම, නෑකමක් බවට පරිවර්තනය වූයේ, රධීෂගේ පෙම්වතිය, එනම් වර්තමානයේ ඔහුගේ බිරිඳ වන චරිත්ගේ සොයුරිය අචිනි සෙනවිරත්න සමඟ අතිනත් ගැනීමෙන් පසුවයි. ඔවුන් අතර ඇතිව තිබූ පෙම් සබඳතාවය චරිත්ට හෙළි කිරීම, තමාට මේ වන තෙක් සිදු කිරීමට ලැබුණු අපහසුම කර්තව්‍යයක් බව රධීෂගේ අදහසයි.

“ඒ තමයි මම වැඩියෙන්ම අපහසුතාවයට පත් වුන දවස. ඔහු මං පාසල් කාලේ ඉඳන්ම දන්නා මගේ මිත්‍රයා. ඔහු මා ගැන වැරදියට හිතනවාට මං කැමති වුනේ නෑ. ඒත් දැන් අපි මස්සිනාලා.”

තමා දත් දේ බෙදා හදා ගැනීම සිදු කරමින් සිටින රධීෂ මේ වන විට සාන්ත තෝමස් විද්‍යාලයේ කනිෂ්ඨ රග්බි පුහුණුකරුවෙකි. තමාට ලබා දෙන සහය ගැන ජෝන්  කීල්ස් සමාගමට අනුබද්ධ සිනමන් රෙඩ් (cinnamon red) හෝටලයේ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙමින් රධීෂ පැවසුවේ,

“රැකියා ස්ථානයේ සමීපතමයන් රග්බි ක්‍රීඩාවට ඇල්මක් දක්වන අය වීම සහ ඔවුන් මගේ සහයට ඉන්න බව දැනීම ඉතාම හොඳ දෙයක්.” යනුවෙනි.

කුඩා ශරීරයක් සහ විශාල හදවතක් සහිත හොඳ මහත්මයෙකු වන රධීෂ සෙනවිරත්න, පිටියේ දී හෝ ඉන් පිටත දී සතුරන් රැසක් ඇත්තෙකු නොවන බව ද සටහන් කළ යුතුයි.

ThePapare.com සමඟින් අදහස් දැක්වීමට එක්වීම සම්බන්ධයෙන් රධීෂට අප ස්තුතිවන්ත වන අතරම ඉදිරියේ දී ඔහු බලාපොරොත්තු වන අයුරින් ඔහුගේ ඉලක්කයන් වෙත යාමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු!