නදීර සහ පැතුම්ගේ ශතකවලින් බදුරලියට ප්‍රථම ඉනිමේ ජයක්

261

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව සඳහා වන තරග කිහිපයක් අද (9) ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් මුවර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 21ක තියුණු ජයක් ලබා ගන්නා විට බදුරලිය හා සී. සී. සී. කණ්ඩායම් දෙක ද පළමු ඉනිමේ ජයග්‍රහණ සහිතව දිනය නිමා කළේය.

කෞෂාල් – මිලින්ද එස්. එස්. සී. ජයග්‍රහණය කරා රැගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින හා තෙදින තරග කිහිපයක් අද (8) ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් වරාය අධිකාරිය…

මුවර්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී නිමා වූ මෙම තරගයේ දෙවන දිනය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන යුද ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 15ක් ලබා සිටියේය. ඔවුන් පළමු ඉනිමට රැස් කළේ ලකුණු 211ක් පමණි.

ලකුණු 194ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි යුද හමුදාවේ කඩුලු 5ක් බිඳ වැටී අසරණව සිටි මොහොතේ ඔවුන්ට යම් සහනයක් වූ සීක්කුගේ ප්‍රසන්න හා අජන්ත මෙන්ඩිස් තරගය ප්‍රබල තැනකට රැගෙනවිත් අවසන් කළේය. ප්‍රවේගකාරීව පිත්ත හැසිර වූ සීක්කුගේ ලකුණු 51කට දැවී ගියේය. අජන්ත මෙන්ඩිස් ලකුණු 48යි. පන්දු යැවීමේ දී කෝසල කුලසේකර කඩුලු 4ක් දවා ගන්නා ලදි. මුවර්ස් කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීමත් සමඟින් මෙවර තෙදින ක්‍රිකට් තරගාවලියේ පලිහ ශූරතාවය දිනා ගැනීමට ඔවුන්ට හැකි විය.

මුවර්ස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 90 (29.2): ප්‍රිමෝෂ් පෙරේරා 39, තරිඳු රත්නායක 21, යසෝද මෙන්ඩිස් 4/32, දුශාන් විමුක්ති 3/18, සීක්කුගේ ප්‍රසන්න 2/29

යුද හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 211 (55.4): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 58, ඩිල්ශාන් ද සොයිසා 27, අජන්ත මෙන්ඩිස් 37, යසෝද මෙන්ඩිස් 29, කෝසල කුලසේකර 2/36, තරිඳු රත්නායක 2/36, එච්. ආර්. සී. ඩිල්ශාන් 5/75

මුවර්ස් ක්‍රීඩා සමාජ දෙවැනි ඉනිම – 314 (83.5): චාමර සිල්වා 93, කෝසල කුලසේකර 66, චරිත් කුමාරසිංහ 38, පබසර වඩුගේ 37, මල්ක මදුසංක  4/82.

යුද හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉනිම – 172 (46.2): සීක්කුගේ ප්‍රසන්න 51, අජන්ත මෙන්ඩිස් 48, දුශාන් විමුක්ති 25, කෝසල කුලසේකර 4/47, තරිඳු රත්නායක 3/40, එච්. ආර්. සී ඩිල්ශාන් 3/63.

බ්ලූම්ෆීල්ඩ් සහ බදුරලිය අතර තරගය

මුවර්ස් පිටියේ දී බදුරලිය ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය හිමි කර දෙමින් අවසන් වූ මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම රැස් කළ ලකුණු 173ට පිළිතුරු ලෙසින් දෙවන දිනය අවසන් වන විට බදුරලිය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 381ක් ලබා සිටියේය.

පැතුම් නිස්සංක හා නදීර නාවල ශතක ලබාගෙන බදුරලිය ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය ලබා දුන්නේය.

බදුරලිය පළමු ඉනිම තවදුරටත් සවිමත් කළ නදීර ලකුණු 124කට දැවී ගිය පසුව ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 423ක් ලෙස දැක්විය. අනතුරුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවා ප්‍රතිවාදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට සිය දෙවන ඉනිම දියත් කිරීමට අවසර ලබා දෙන ලදි. එහි දී රමේශ් මෙන්ඩිස් හා අනුක් ප්‍රනාන්දු ශතක අතරට පිවිසියේය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 173 (51.0): නිසල් ෆ්‍රැන්සිස්කෝ 35, කොෂාන් ධනුශ්ක 31, නිපුන් හග්ගල්ල 20, ලහිරු ප්‍රනාන්දු 32, ඩිලේශ් ගුණරත්න 2/25, මධුක ලක්මාල් 2/25, සවිත් ප්‍රියාන් 4/69

බදුරලිය ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 423/9d (136): නදීර නාවල 124, පැතුම් නිස්සංක 111, ශිරාන් රත්නායක 46, රමිඳු ද සිල්වා 31.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ දෙවන ඉනිම – 295/4 (68): රමේශ් මෙන්ඩිස් 102*, අනුක් ප්‍රනාන්දු 102*, ලහිරු ජයකොඩි 61, අලංකාර අසංක 2/91.

රොෂේන් නැවත ගැලවුම්කරු වෙයි; ශ්‍රී ලංකාව ලකුණු 312ක් ඉදිරියෙන්

මිර්පූර් පිටිය නැවත වතාවක් පන්දු යවන්නන්ටම යෝග්‍ය පිටියක් බැව් අනාවරණය කරමින් බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (09) දිනයේ දී ද දෙපිලේම…

ටැමිල් යූනියන් සහ සී. සී. සී.

කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සී. සී. සී. කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් හිමි කර දෙමින් අවසන් වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් කණ්ඩායම රැස් කළ ලකුණු 197ට පිළිතුරු ලෙසින් සි. සී. සී. කණ්ඩායම ලකුණු 442ක් ලබාගෙන ටැමිල් යූනියන් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය.

ඊයේ දිනට තරගය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 10ක් ලබා ගැනීමට ටැමිල් යූනියන් කණ්ඩායමට හැකි වූ ඔවුන් තරගයේ නිමාව සටහන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 251ක් ලබා ගන්නා ලදි. එහි දී සිතාර ගිම්හාන, දිනුක් වික්‍රමනායක හා තරංග පරණවිතාන අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූහ. පන්දු යැවීමේ දී දිනුක හෙට්ටිආරච්චි කඩුලු 5යි.

ටැමිල් යූනියන් පළමු ඉනිම – 197 (65.1): සිතාර ගිම්හාන් 42, දිනෙත් තිමෝද්‍ය 24, තරංග පරණවිතාන 69, රමිත් රඹුක්වැල්ල 28, දිනුක් හෙට්ටිආරච්චි 6/46, සචිත් පතිරණ 2/05

සී. සී. සී. පළමු ඉනිම – 442 (100.1): ලසිත් අබේරත්න 115, සචිත් පතිරණ 70, අශාන් ප්‍රියංජන් 66, මලිඳු මදුරංග 49, රොන් චන්ද්‍රගුප්ත 37, රමිත් රඹුක්වැල්ල 3/135.

ටැමිල් යූනියන් දෙවන ඉනිම – 251/5 (83.1): සිතාර ගිම්හාන 69, දිනුක් වික්‍රමනායක 53, තරංග පරණවිතාන 51*, කිත්රුවන් විතානගේ 31, දිනුක හෙට්ටිආරච්චි 5/108.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<