මලිදුගේ පිතිහරඹයෙන් මහානාමයට පළමු ඉණිමේ ජයක්

1343

අන්තර් පාසල් පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (04) තවත් තරග දෙකක් පැවැත්විය. ඉන් එක් තරගයකින් කොළඹ මහානාම විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. එහිදී මහානාම විද්‍යාලය වෙනුවෙන් මලිදු මදුරංග දක්ෂ පිතිකරණයක නිරත විය.

ලසිතගේ කඩුලු 10 නිසා සාන්ත මරියා විද්‍යාලයට ජය

සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරය නියෝජනය කරමින් ඊයේ (03) පැවති තරග අතුරින් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් අතර, ජය පරාජයෙන් තොරව…

කොළඹ මහානාම විද්‍යාලයට එදිරිව කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

බෙනඩික්ට් විදුහල් පිටියේදී දෙවන දිනය සඳහා පැවැත්වූනු මෙම තරගයෙන් කොළඹ මහානාම විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

කොළඹ මහානාම විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් මලිදු මදුරංග දක්ෂ ඉණිමක් දියත් කල අතර, එම ඉණිමට නොදෙවෙනි ඉණිමක් දියත් කරමින් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පළමු ඉණිමට ලකුණු 51ක් එක් කිරීමට චමිදු විජේසිංහ සමත් විය. නමුත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මැදපෙළ පිතිකරුවන් මහානාම විද්‍යාලයේ පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වූ නිසා චමිදුගේ අර්ධ ශතකය පළමු ඉණිමේ ජයග්‍රහණයක් වෙත හෝ තම කණ්ඩායම රැගෙන යාමට අඩිතාලමක් කරගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට නොහැකි විය. හශාන් සංදීප එම ඉණිමේ කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි මහානාම විද්‍යාලය වෙනුවෙන් නැවතත් පිත්තෙන් දස්කම් දැක්වීමට මලිදු සමත් වූයේ තම ඉණිමට සුපිරි ශතකයක් ද එක් කරගනිමිනි. එම ඉණිම ලකුණු 115කට සීමා වූ අතර, නිදුක වැලිකල ලකුණු 60ක් ලබාගෙන ලකුණු අතරට පැමිණෙන ලදි.

මහානාම විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 69): මලිදු මදුරංග 51, හෙශාන් හෙට්ටිආරච්චි 43, නිදුක වැලිකල 41, ඩිල්ශාන් මෙන්ඩිස් 31, මහේෂ් තීක්ෂණ 4/43

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 64.5): චමිදු විජේසිංහ 51, හශාන් සංදීප 4/47, මහේල ද සිල්වා 2/19

මහානාම විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 301 (පන්දුවාර 52): මලිදු මදුරංග 115, නිදුක වැලිකල 60, පවන රත්නායක 37, පැතුම් බොතේජු 25


කොළඹ සාන්ත පීතර විද්‍යාලයට එදිරිව කොළඹ රාජකීය විද්‍යාලය

පළමු දිනය අවසන් වන විට රාජකීය විද්‍යාලය තම පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 72ක් ලබා ගන්නා ලදි.

කාසියේ වාසිය ජයගත් සත්කාරක සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිනි අතර එම ඉණිම වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ ලක්ෂාන් රොද්‍රිගෝ පිටියේ අණසක පතුරවමින් ලකුණු 73ක් ලබා ගැනීමට සමත් විය. ඒ අන්තයෙන් ලක්ෂාන් ඉණිම සවිබල ගන්වන විට අනෙක් අන්තයෙන් විනුල් ගුණවර්ධන ලකුණු 81ක් ලබාගෙන සාර්ථක අඩිතාලමක් සාන්ත පීතර පළමු ඉණිමට ගොඩනඟන ලදි. පන්දු යැවීමේ දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් අභිෂේක් පෙරේරා හා මනුල පෙරේරා කඩුලු 3 බැගින් දවාලීමට සමත් විය.

දිනය අවසානයේ තම පිළිතුරු පළමු ඉණිම ක්‍රීඩා කරන රාජකීය විද්‍යාලය වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැදී සිටින පසිදු සූරියබණ්ඩාර ලකුණු 27*ක් හා රොනුක ජයවර්ධන ලකුණු 44*ක් ලබාගෙන සිටියි.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 235 dec (පන්දුවාර 65): විනුල් ගුණවර්ධන 81, ලක්ෂාන් රොද්‍රිගෝ 73, අභිෂේක් පෙරේරා 3/38, මනුල පෙරේරා 3/68

කොළඹ රාජකීය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – එක් කඩුල්ලක් දැවී ලකුණු 72 (පන්දුවාර 26): රොනුක ජයවර්ධන 44*, පසිදු සූරියබණ්ඩාර 27*

රාජකීය විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 163ක් පසුපසින් පසුවෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට