භානුක හා සන්තුෂ්ගේ සබඳතාවය නාලන්දාවට අභියෝග කරයි

181

පාසල් ක්‍රිකට් පිටිය ක්‍රමයෙන් උණුසුම් කරවනු ලබන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ නාලන්දා විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වුනු තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් වුනා.

ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (12) නිමා වූ පන්නිපිටිය……

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය පිටියේ දී ඊයේ (12) දින ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත පීතර විද්‍යාලයීය නායක රන්මිත් ජයසේනගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් විය. අද (13) දෙවන දිනය සඳහා තරගය ආරම්භ කරන විට සාන්ත පීතර ක්‍රීඩකයින් කිසිවෙකු නොදැවී ලකුණු 27ක් ලබා ගෙන සිටි අතර ඒ වන විටත් නොදැවී ලකුණු 20ක් රැස්කරගෙන සිටි භානුක සිල්වා වර්ණවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 80ක් තම විද්‍යාලයේ ලකුණු පුවරුවට එකතු කළේ සාන්ත පීතර විද්‍යාලයේ බලාපොත්තු ඉහළ නංවමිනි.

නාලන්දා විද්‍යාලය රැස්කර තිබූ ලකුණු 241 අභිබවා යමින් සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් රැගෙන ආ සබඳතාවය ගොඩනැංවූ සන්තුෂ් ගුණතිලක ලකුණු 70ක් ලබා ගනිමින් සිය සඟයා වූ භානුක හට සහය වූ අතර නොදැවී ක්‍රීඩා කරමින් සාන්ත පීතර විද්‍යාලයේ පසු පෙළ සවිමත් කළ ශිවාන් පෙරේරා ලකුණු 69ක් වාර්තා කිරීමට සමත් විය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දකුණත් පා දඟපන්දු යවන්නෙකු වන රවීන් ද සිල්වා නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ලකුණු 75කට කඩුලු 6ක් දවා ගත්තේය.

එකට එක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව දෙවැනි තරගයට

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන සංචාරයේ දෙවන ටෙස්ට් ක්‍රිකට්……

ලකුණු 63ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි නාලන්දා විද්‍යාලය සිය දෙවන ඉනිමට ඉතාමත් සාර්ථක හා වේගවත් ආරම්භයක් ලබාගනිමින් පන්දුවාර 7ක් තුල කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 41ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට තරග විනිසුරුවරුන් දෙපළ තීරණය කරන ලදී. ඒ අනුව මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සත්කාරක සාන්ත පීතර විද්‍යාලයට හැකි විය.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම: 241 (85.2) – ලක්ෂිත රසාංජන 78, දිල්හාර පොල්ගම්පොළ 26, ජනිත් කල්දේරා 23, රනිඳු ද සිල්වා 22, සන්තුෂ් ගුණතිලක 3/10, ශිවාන් පෙරේරා 2/26.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම: 302 (99.4) – භානුක ද සිල්වා 80, සන්තුෂ් ගුණතිලක 79, ශිවාන් පෙරේරා 69*, රවීන් ද සිල්වා 6/75.

නාලන්දා විද්‍යාල දෙවන ඉනිම: 41/0 (7)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<