නිපුන් ධනංජය හා දිනුක් ඩිල්ශාන් ශතක අතරට

318

අනාගතයේ ලොව දිනන පාසැල් ක්‍රිකට් තරු සොයා යාමේ  අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසැල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (19) දින සාර්ථකව අවසන් වූ අතර ජය පරාජයෙන් තොරව අවසන් වූ එම තරග දෙකෙහිම පළමු ඉනිමේ ජයග්‍රහණ ලබාගැනීමට මොරටු මහා විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් වුනා.

නිශාන් මධුශ්ක තෙවැනි ශතකයත් රැස් කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස…

  • මොරටු මහා විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

ඊයේ (18) දින ආරම්භව පළමු වටයේ C කාණ්ඩය යටතේ පැවැත්වුනු මෙම තරගය ජය පරාජයෙන් තොරව අද දින අවසන් වූවත් පළමු ඉනිමේ වැඩි වාසිය ලබාගැනීමට මොරටු මහා විද්‍යාලයට හැකි වුනා. කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියල්ලන් දැවී ලකුණු 141ක් ලබාගන්නා ලදී. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීම සඳහා පන්දුවෙන් දායකත්වය දැක්වූ විශ්ව දිදුලන ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම වෙනුවෙන් පිටියට පිවිසි මොරටු විද්‍යාලය අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 174ක් ලබා ඉතාමත් ප්‍රබල ස්ථානය පසුවිය. එහිදී පසුගිය වර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ නිශාන් මධුෂ්ක ලකුණු 161ක් රැස් කළා. ඒ ඔහු විසින් මෙම තරගාවලිය තුළ දී ලබා ගත් තෙවැනි ශතකය වන අතර මීට පෙර මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට (173) සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට (124) එරෙහිව ශතක ද්විත්වයක් ඔහු විසින් ලබාගෙන සිටියා. නිශාන් ගේ ශතකයට අමතරව චමල්ක පුෂ්පකුමාර ලකුණු 47ක් ද ලකුණු පුවරුවට එක් කළා. අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 290ක් ලබාගත් මොරටු විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවන ලදී. පන්දු යැවීමේ දී අවිඳු ෂෙහාර කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 149ක පළමු ඉනිමේ අවාසියක් සමඟ සිය දෙවන ඉනිම ආරම්භ කළ සාන්ත ජෝසප් වාස් විද්‍යාල වෙනුවෙන් එහි නායකයා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ද නායක තනතුර හොබවන නිපුන් ධනංජය ලකුණු 114ක් ලබාගෙන සිය විද්‍යාලය ඉනිමක පරාජයෙන් මුදවාගන්නා විට මොරටු මහා විද්‍යාලයේ සුපිරි පන්දු යවන්නා වන විශ්ව දිදුලන දෙවන ඉනිමේ දී දවාගත් කඩුළු 5ද සමඟින් මුළු තරගය පුරාවටම ලකුණු 95ක් තුළ කඩුලු 10ක් දවාගත්තා.

ලකුණු 83ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි මොරටු මහා විද්‍යාලය තරගයේ නියමිත කාල වේලාව තුළ එක් කඩුල්ලක් පමණක් දැවී යමින් රැස්කරගත්තේ ලකුණු 23ක් පමණි. අවසානයේ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් පළමු ඉනිමේ ජයග්‍රහණය සඳහා හිමි ප්‍රසාද ලකුණු දිනාගැනීමට මොරටු මහා විද්‍යාල කණ්ඩායමට හැකි විය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම: 141 (54.5) – නිපුන් දනංජය 28, තුශාර ප්‍රනාන්දු 25, විශ්ව දිදුලන 5/35, එරාන් හංසමාල් 2/33

මොරටු මහා විද්‍යාලය පළමු ඉනිම: 290/9d (73) – නිශාන් මදුෂ්ක 161, චමල්ක පුෂ්පකුමාර 47, අවිඳු ෂෙහාර 4/55, සොහාන් අනුරුද්ධ 2/74

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය දෙවන ඉනිම: 231 (65) – නිපුන් ධනංජය 114, නවෝද් පීරිස් 28,  විශ්ව දිදුලන 5/60

මොරටු මහා විද්‍යාලය දෙවන ඉනිම: 23/1 (3)

බිග් බෑෂ් ලීගයට පායන විදෙස් ක්‍රීඩා තරු

හෙට දිනයේ දී(19) ආරම්භ වීමට නියමිත 2018-19 බිග් බෑෂ් තරගාවලිය පසුගිය…


  • මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ඊයේ (18)දින ආරම්භ වූ මෙම සුහද ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 167ක් ලබා ගැනීමට සමත් වුනා.

පළමු දිනය සඳහා තරගය නවතා දමන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි සත්කාරක සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 91ක් ලබා සිටියේ ධර්මපාල විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 76ක් පසුපසින් සිටිමිනි. සාන්ත සර්වේසස් විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ආරම්භක දකුණත් පිතිකරු පුෂ්පිත ඩිල්ශාන් හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබාගත් අතර ඔහුගේ එම ජවසම්පන්න ඉනිමේ සවියෙන් ධර්මපාල විද්‍යාලයේ පළමු ඉනිම අභිබවා ලකුණු 85ක ඉදිරියක් ලබාගැනීමට සාන්ත සර්වේසස් විද්‍යාලයට හැකියාව ලැබුණා. පසිඳු මනුප්‍රිය හා ශෂික දුල්ශාන් පිළිවෙළින් ලකුණු 45ක් හා ලකුණු 37ක් රැස්කර ගනිමින් සිය විද්‍යාලය වෙනුවෙන් උපරිම සහාය ලබාදුන්නා.

දඟපන්දු යවන ශෂික දුල්ශාන් හා කේසර නුවන්තගේ පන්දු යැවීම පිතිකරුවන්ට අධික පීඩනයක් ගෙන දීම නිසා ධර්මපාල විද්‍යාල දෙවන ඉනිම ඉතාමත් ඉක්මණින් බිඳ වැටුනේ සාන්ත සර්වේසස් විද්‍යාලය ඉනිමක ජයග්‍රහණයක් ආසන්නයට ගෙන යමින් වුවත් තරගයේ නියමිත කාලය අවසන් වීමට පෙර ධර්මපාල විද්‍යාලයේ අවසන් කඩුලු 3 දවාගැනීමට සාන්ත සර්වේසස් විද්‍යාලයීය පන්දු යවන්නන් හට නොහැකි වූ නිසා පළමු ඉනිමේ ජයග්‍රහණයකින් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදුවුනා.

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම: 167 (51.2) – අවිශ්ක හසරින්ද 39, විහඟ ගුණරත්න 34, තරිඳු සඳරුවන් 27, චේතක දෙනුවන් 4/46, ශෂික දුල්ශාන් 3/41, මතීෂ මධුශාන් 2/33

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම: 252 (107.1) – පුෂ්පිත ඩිල්ශාන් 61, පසිඳු මනුප්‍රිය 45, ශෂික දුල්ශාන් 37, චෙතක දෙනුවන් 36, තරිඳු සඳරුවන් 4/40, විහඟ ගුණරත්න 3/38

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම: 64/7 (39) – ශෂික දුල්ශාන් 3/10, කේසර නුවන්ත 2/12


  • අම්බලන්ගොඩ  ධර්මාශෝක විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

අජිත් ද සිල්වා සමරු කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම සුහද ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියේ ධර්මාශෝක විද්‍යාලයීය පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 254ක් පසුපසින් සිටිමිනි.

කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ධර්මාශෝක විද්‍යාල කණ්ඩායමේ නායක දිනුක් ඩිල්ශාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 302ක් රැස්කර ගනිමින් ඉනිම අත්හිටුවන ලදී. එහිදී දකුණත් පිතිකරු  නායක දිනුක් ඩිල්ශාන් ලකුණු 126ක් ලබාගත් අතර ඔහුට සහාය වූ ලොහාන් ද සොයිසා නොදැවී ලකුණු 57ක් රැස්කර ගනු ලැබුවා. මේ අතර වමතින් පන්දු යවන දමින්ද රෙෂාන් ලකුණු 53කට ධර්මාශෝක පළමු ඉනිමේ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ධර්මාසෝක විද්‍යාලය පළමු ඉනිම: 302/7d (85) – දිනුක් ඩිල්ශාන් 126, ලොහාන් ද සොයිසා 57*, කසිත රාජපක්ෂ 39, සසිඳු මල්ෂාන් 33, දමින්ද රෙෂාන් 3/53, ලක්ෂිත අමරසේකර 2/62, ජනිඳු ජයවර්ධන 2/74

ආනන්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 48/2 (10) – දමින්ද රෙෂාන් 21, චානක ජනංග 2/20

අද පළමු දිනය සඳහා ක්‍රියාත්මක වූ මෙම තරගය හෙට (20) දෙවන දිනය වෙනුවෙන් ද පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<