කෙනෙත් එම්. ද ලැනරොල් අනුස්මරණ පළිහේ කුළුඳුල් ජය මහනුවරට

253

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පළමු වරට සංවිධානය කළ “කෙනත් එම්. ද ලැනරොල් අනුස්මරණ පළිහ” පාපන්දු තරගාවලිය ඊයේ (28) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.

එහි දී වයස් කාණ්ඩ 4ක් යටතේ තරග පැවති අතර ඉන් ත්‍රිත්වයකම ජයග්‍රණ හිමිකරගත් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය කෙනත් එම්. ද ලැනරොල් අනුස්මරණ පළිහ තමන් සතු කර ගැනීමට සමත් විය.

Photos : 1st Kenneth M. de Lanerolle Memorial Shield 2018 ( Kingswood College v Wesley College )

ThePapare.com | omalka erandeera | 29/11/2018 Editing and re-using images without….

  • තරගාවලිය වයස අවුරුදු 12න් පහළ, 14න් පහළ, 16න් පහළ සහ 20න් පහළ යන වයස් කාණ්ඩ 4 යටතේ ද, ඊට අමතරව ආදි ශිෂ්‍යයින් සඳහා වූ තරගයක් ද වශයෙන් පැවැත්විය.

වයස අවුරුදු 12න් පහළ තරගය

තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් පැවැත් වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ක්‍රීඩා කළ නමුත් එම අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකටම එකඳු ලකුණක් හෝ රැස්කර ගැනීමට නොහැකි විය.

පළමු අර්ධය: කිංග්ස්වුඩ් 0 – 0 වෙස්ලි

දෙවන අර්ධයේ දී ද කණ්ඩායම් දෙකටම ලකුණු රැස් කිරීමට අවස්ථාවන් හිමි වූ නමුත් එම අවස්ථාවන් සාර්ථක කර ගැනීමට දෙපිළම අපොහොසත් විය. එම නිසා දෙවන අර්ධයේ දී ද කණ්ඩායම් දෙකටම ලකුණු රැස් කිරීමට නොහැකි විය.

කෙසේ හෝ තරගයේ මුළු කාල වේලාව අවසන් වූ බැවින් ජයග්‍රහණය සඳහා දඬුවම් පහරවල් යොදාගැනීමට විනිසුරුවරයා තීරණය කළ අතර එහි දී දඬුවම් පහර 1-2ක් ලෙස සාර්ථක කර ගනිමින් කොළඹ වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගත්තේය.

අවසන් ලකුණු තත්වය: කිංග්ස්වුඩ් 1 – 2 වෙස්ලි

දක්ෂතම ක්‍රීඩකයා: එම්. රාෂිඩ් ආසිෆ්


  • වයස අවුරුදු 14න් පහළ තරගය

පළමු අර්ධය තුළ එකිනෙකා පරයමින් කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ක්‍රීඩා කළ නමුත් එම අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකටම ලකුණු රැස් කිරීමට නොහැකි විය.

පළමු අර්ධය: කිංග්ස්වුඩ් 0 – 0 වෙස්ලි  

දෙවන අර්ධය තුළ දී ද ගෝල රැස්කිරීමට දෙපිළම උත්සහ කළත් කණ්ඩායම් දෙකම ලකුණු නොලබා සම තත්ත්වයේ සිටිය දී තරගය සඳහා වූ කාලය අවසන් වූ බැවින් විනිසුරුවරයා දඬුවම් පහරවල් යොදාගනිමින් තරගයේ ජයග්‍රහණය පිරිනැමීමට තීරණය කළ අතර එහි දී දඬුවම්  පහර 2-0ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ජයග්‍රහණය හිමි විය.

අවසන් ලකුණු තත්වය: කිංග්ස්වුඩ් 2 – 0 වෙස්ලි

දක්ෂතම ක්‍රීඩකයා: නදිල කුලතුංග

පසුපසින් හඹා ආ ජෝසප්වරුන්ට සාන්ත පීතරයින් පරදා තියුණු ජයක්

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ…..


  • වයස අවුරුදු 16න් පහළ තරගය

සම්පූර්ණ කාලය නිමා වන විට ගෝල 2-0ක් ලෙස ඉදිරියෙන් සිටි මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට මෙහි ජයග්‍රහණය හිමි විය.

අවසන් ලකුණු තත්වය: කිංග්ස්වුඩ් 2 – 0 වෙස්ලි

දක්ෂතම ක්‍රීඩකයා: දුලාජ් හේරත්


  • වයස අවුරුදු 20න් පහළ තරගය

කණ්ඩායම් දෙකම ලකුණු රැස් කිරීමට දැඩි උත්සාහයක් දැරූ පළමු අර්ධය නිමා වූයේ ගෝල 2-1ක් ලෙස කිංග්ස්වුඩ් විද්‍යාලයට වැඩි වාසියක් අත්කර දෙමිනි.

පළමු අර්ධය: කිංග්ස්වුඩ් 2 – 1 වෙස්ලි

දැඩි ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම දෙවන අර්ධයේ දී ගෝල දෙකක් රැස්කර ගැනීමට සමත් වූ අතර එම අර්ධයේ දී වෙස්ලි විද්‍යාලයට ලකුණු ලබා ගැනීමට නොහැකි විය. එම නිසා තරගය ගෝල 4-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායමට හැකි විය.

අවසන් ලකුණු තත්වය: කිංග්ස්වුඩ් 4 – 1 වෙස්ලි

දක්ෂතම ක්‍රීඩකයා – ප්‍රියන්ත පෙරේරා

ලකුණු ලබා ගැනීම

කිංග්ස්වුඩ් විද්‍යාලය: ඉනූන්  ඉන්ෂාන් (01), හිරූෂ නෙත්මිණ (02), පැතුම් විමුක්ති (01)

වෙස්ලි විද්‍යාලය: ජොයෙල් රාජ් (01)

විශිෂ්ට හඹා යාමක් නමුත් දඬුවම් පහරෙන් ජය යාපනයට

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ …..


  • ආදි ශිෂ්‍ය තරගය

පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩා කළ නමුත් දෙපිළෙහිම කිසිවෙකුට ලකුණු රැස් කිරීමට නොහැකි විය.

පළමු අර්ධය: කිංග්ස්වුඩ් 0 – 0 වෙස්ලි

දෙවන අර්ධයේ දී ද කණ්ඩායම් දෙකටම ලකුණු රැස් කිරීමට හිමි වූ අවස්ථාවන් මග හැරීම නිසා කණ්ඩායම් දෙක ලකුණු නොලබා සිටිය දී දඬුවම් පහරවල් මඟින් ජයග්‍රහණය තීරණය කිරීමට විනිසුරුවරයා ක්‍රියා කළ අතර එහි දී 3-2ක් ලෙස දඬුවම් පහරවල් සාර්ථක කර ගත් කිංග්ස්වුඩ් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය.

අවසන් ලකුණු තත්වය: කිංග්ස්වුඩ් 3 – 2 වෙස්ලි

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<