රොහාන් සංජය සහ අශාන් දිල්හාරගෙන් වැඩි දස්කම්

200

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය අපේක්ෂාවෙන් පවත්වනු ලබන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ ගෙවී ගිය සතියේ දී තරග රැසක් 19ක් ක්‍රියාත්මක විය. 

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන වීරයා – මාර්නස් ලබුශේන්

මෙවර අළුබඳුන තරගාවලියේ දෙවන තරගය පැවැත්වුනේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දීයි. …………

ක්‍රියාත්මක වූ එම තරග 19න් තරග 4ක් සුහද තරග වූ අතර ඉතිරි තරග 15න් තරග 7ක් ප්‍රතිඵල සහිතව අවසන් විය. 

ගෙවී ගිය මේ සතියේ දී කඩුලු 5 අවස්ථාවන් 28ක් වාර්තා වූ අතර කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන සිතුම් අකිලංක එක් තරගයකදී කඩුලු 12ක් දවා ගනිමින් අසෝක විද්‍යාලයට එරෙහිව පූර්ණ තරග ජයක් ලබා ගැනීම වෙනුවෙන් සිය විද්‍යාලයට සවියක් විය.

කළුතර තිස්ස විද්‍යාලය යාපනය සාන්ත ජෝන් විද්‍යාලය හමුවේ අනපේක්ෂිත පරාජයකට හිමිකම් කීවේය. කෙසේ නමුත් තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගනිමින් මේ ගෙවී ගිය සතිය නිමා කර ගැනීමට රොහාන් සංජය ඇතුළු කළුතර තිස්ස විද්‍යාලය සමත් විය. එහි දී ශ්‍රී ලංකා 19න් පහළ නියෝජනය කළ ක්‍රීඩක සංජය කඩුලු 11ක් දවා ගත්තේ ඉනිම් දෙකේ දී ම ලබා ගත් අර්ධ ශතක දෙකට අමතරවයි. 

කසුන් එදිරිතිලක (5/47 සහ 5/48) සහ කාවින්ද ඉෂිවර (7/98 & 3/19) විද්‍යාර්ථ විද්‍යාලය සහ පාදුක්ක සිරි පියරත්න මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති තරගය ඉතාමත් උණුසුම් තරගයක් බවට පත් කිරීමට සමත් විය. 

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, ගලහිටියාව මධ්‍ය විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය ඔවුන්  සහභාගී වූ තරග වලින් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

ගෙවී ගිය සතියේ දී පිතිකරණයෙන්  දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ නියෝජනය කළ ක්‍රීඩක අශාන් දිල්හාර (ලකුණු 146*) පානදුර සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් නොදැවුණු ශතකයක් ලබා ගත්තේ කළුතර විද්‍යාලයට එරෙහිවයි. කෙසේ නමුත් එම තරගය අවසන් ජය පරාජයෙන් තොරවයි.


හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය – A කාණ්ඩය 

(දෙසැම්බර් 22-23 | තක්ෂිලා විද්‍යාල ක්‍රිකට් පිටිය | කාසියේ වාසිය – තක්ෂිලා විද්‍යාලය

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය – 129 (44.5) ලසන්ත ලක්ෂාන් 36, සුනෙත් කුරේ 29, යොහාන් චතුරංග 22, තිසර සචින්තන 6/32, සෙනෙත් වින්විනු 4/48 සහ 118/8 (58) අශ්මික ප්‍රබෝධන 34, සචින්ත සංදීප 22, සසංක අදීප 2/17, සෙනෙත් වින්විනු 2/31.

තක්ෂිලා මධ්‍ය විද්‍යාලය – 109 (44.3) උමේෂ් ප්‍රසාද් 32, සෙනෙත් වින්විනු 23, දිමුත් ධනංජය 4/13, ලහිරු ගීතාංජන 3/09, යොහාන් චතුරංග 2/28

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ පානදුර රාජකීය විද්‍යාලය – B කාණ්ඩය

(දෙසැම්බර් 23-24 | පානදුර | කාසියේ වාසිය – රාජකීය)

රාජකීය විද්‍යාලය – 112 (32) තරුෂ නෙත්සර 29, විශ්ව කුමාර 4/28, හේෂාන් උවින්ද 3/02 සහ  64 (21.1) අනුක ජයසිංහ 6/13

ශ්‍රී සුමංගල විද්‍යාලය – 153 (29.5) තරන ද සිල්වා 55, හසන්ත වරුනජිත් 5/52, මිලින්ද කලුගේ 2/10, ඉමේෂ් තිරාන් 2/24 සහ 27/1 (2.3)

ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 9ක ජයක් 

බෝල්ට් නැති අඩුව මකන්නට සමර්විල්

දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක විල් සමර්විල් ඕස්ට්‍රේලියාවට එරෙහි නවසීලන්ත ටෙස්ට්………….


පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය – සුහද තරගය 

(දෙසැම්බර් 23-24 | පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය | කාසියේ වාසිය – පී. ද. එස්. කුලරත්න) 

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය – 327 (110.2) රුචිර අධිකාරී 118, ජමිත් ඩිල්ශාන් 67, සිතුම් කුමාර 45, කවීෂ සත්සර 5/75. සහ 93/3 (14.3): චමෝද් සඳරු 57, ජමිත් ඩිල්ශාන් 25, කවීෂ තත්සර 2/41

පී. ද. එස්. කුලරත්න – 156 (51.4) කුමුදු නිහාර 56, තරිඳු හර්ෂණ 33, චමෝද් සඳරු 4/12, රුචිර අධිකාරී 3/36.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය  – C කාණ්ඩය 

(දෙසැම්බර් 23-24 | ගොඩිගමුව | කාසියේ වාසිය – ගලහිටියාව)

සාන්ත තෝමස් – 90 (30.4) සඳරුවන් චින්තක 6/22. සහ125 (53.3) රවිෂ්ක ලක්ෂාන් 40, ගිම්හාන ප්‍රනාන්දු 26, එසඳ සිතුම් 5/26.

ගලහිටියාව – 154 (40) සපුන කඩිවත්ත 4/37 62/3 (13.3) සෙනේෂ් නදීෂාන් 38*.

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 7ක ජයක්


කළුතර තිස්ස විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය – C කාණ්ඩය

(දෙසැම්බර් 23-24 | තිස්ස විද්‍යාලය | කාසියේ වාසිය – තිස්ස විද්‍යාලය)

සාන්ත ජෝන් – 285 (73.3) තෙවින්ද්‍රම් දිනොෂන් 83, නගින්තිරජා සෞම්යන් 78 සහ 86 (24)

තිස්ස විද්‍යාලය – 161 (38.2) රොහාන් සංජය 57, හර්ෂ මදුසංක 54, තෙවින්ද්‍රම් දිනොෂන් 6/31. සහ 146 (35.1) රොහාන් සංජය 51.

සාන්ත ජෝන් විද්‍යාලයට ලකුණු 65ක ජයක් 



ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ බලපිටිය රේවත විද්‍යාලය – B කාණ්ඩය

(දෙසැම්බර් 23-24 | බණ්ඩාරනායක විද්‍යාලය | කාසියේ වාසිය – බණ්ඩාරනායක)

රේවත විද්‍යාලය – 129 (30.2) පැහැසර ද සිල්වා 21. සහ 286 (65.1) පැහැසර ද සිල්වා 73, චාමර ජනසංක 57, කවීෂ මෙන්ඩිස් 52, කමේෂ් චතුරංග 43, සහන් පුවක්පිටිය 5/53.

බණ්ඩාරනායක විද්‍යාලය – 240 (50.3) සිතිජ සිල්වා 79, විනුජ හෙට්ටිආරච්චි 52, දිනුර පෙරේරා 3/69, සුදේශ් ද සිල්වා 3/71. සහ 151/9 (37) ඩිල්ෂාන් මෙන්ඩිස් 5/29.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

2016ට පසුව ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයට!

2020 වසර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් …………


මීගමුව සාන්ත පීතර විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය – A කාණ්ඩය 

(දෙසැම්බර් 23-24 | ගිරිඋල්ල | කාසියේ වාසිය – ජනාධිපති විද්‍යාලය)

ජනාධිපති විද්‍යාලය – 171 (45.2) ඉසුරු උත්පල  5/28. සහ 280 (76.5) අශාන් වගාරච්චි 66, දිනෙත් තත්සර 6/91.

සාන්ත පීතර – 363/9d (77.1) පසිඳු නවෝද් 81, බ්‍රයන් ජූලියන් 62, තිසර මධුවන්ත 54.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය – සුහද තරගය

(දෙසැම්බර් 26-27 | ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය | කාසියේ වාසිය – කෑගලු විද්‍යාලය)

කෑගලු විද්‍යාලය – 205 (91.5) පුලස්ති අතපත්තු 111*. සහ 54/1 (21)

ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය – 263 (88.4) ගිහාන් බොතේජු 104, සම්පත් නිස්සංක 51, පුන්සර ගිම්හාන  6/56.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


කරන්දෙණිය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය – C කාණ්ඩය 

(දෙසැම්බර් 26-27 | කරන්දෙණිය විද්‍යාලය | කාසියේ වාසිය – කරන්දෙණිය විද්‍යාලය)

සාන්ත තෝමස්  – 134 (86.4) ඉමාන් සාලින්ද 58, සමිත් ඉසුරු 4/55. සහ 149/9d (72.1) චතුක නිම්සර 59.

කරන්දෙණිය විද්‍යාලය – 207 (54.3) සමිත් ඉසුරු 55, නිර්මාල් යශෝධ 49, තිසුම් සුබසිංහ 5/57.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


සාන්ත මරියා විද්‍යාලය සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – B කාණ්ඩය

(දෙසැම්බර් 26-27 | ගොඩිගමුව | කාසියේ වාසිය – ධර්මාලෝක)

ශ්‍රී ධර්මාලෝක – 91 (38.3) මලීෂ සේනානායක 5/25. සහ 112 (42.2) ප්‍රවීන් ලියනගේ  5/37, සිනෙත් වීරසූරිය 4/33. 

සාන්ත මරියා විද්‍යාලය – 145 (54.3) සංදීප වීරසූරිය 51, රුසිරු රන්දිනු 3/32, සහ 60/1 (15.5) කුෂාන් භානුක 38

සාන්ත මරියා විද්‍යාලයට කඩුලු 9ක ජයක්


ක්‍රයිට්ස් කිං විද්‍යාලය සහ ද ලාසාල් විද්‍යාලය  – සුහද තරගය 

(දෙසැම්බර් 27-28 | ක්‍රයිට්ස් කිං | කාසියේ වාසිය – ක්‍රයිට්ස් කිං)

ක්‍රයිට්ස් කිං – 182 (57.3) රොෂාන් ද මෙල් 46, එම්. කේ. බිම්සර 4/52. සහ 296 (63.3) පැතුම් නෙත්සර 90, අමේෂ් දිදුරංග 61, රොෂාන් ද මෙල් 43, සුභාෂිත සොයිසා 4/52.

ද ලාසාල් විද්‍යාලය – 192 (60.5) කවීෂ සොයිසා 76, හිරුශාන් පෙරේරා 3/50, අමේෂ් විදුරංග 3/50. සහ 28/1 (7)

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ත්‍රිත්ව සහ ඩී. එස්. අමතක නොවන ජයග්‍රහණ හිමිකර ගනියි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව ………….


පාදුක්ක සිරි පියරතන විද්‍යාලය සහ වත්තල ලයිසියම් විද්‍යාලය – B කාණ්ඩය

(දෙසැම්බර් 27-28 | මීගොඩ | කාසියේ වාසිය – සිරි පියරතන)

සිරි පියරතන – 110 (32.2) මදුශාන් පීරිස් 41, මිතුෂ් ලක්ෂ්මන්  4/25. සහ 209 (43.4) මදුශාන් පීරිස් 52.

ලයිසියම් විද්‍යාලය – 74 (32.3) මදුශාන් පීරිස් 5/27. සහ 221 (54) ගමිත පවන් 59, කාවින්ද ඉෂිවර 7/98.

සිරි පියරතන විද්‍යාලයට ලකුණු 24ක ජයක්



මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය – A කාණ්ඩය 

(දෙසැම්බර් 27-28 | පොලිස් ක්‍රීඩාංගණය | කාසියේ වාසිය – ශ්‍රී රාහුල)

සාන්ත අන්තෝනි විද්‍යාලය – 126 (59.2) ලහිරු විජේරත්න 40, කසුන් කරුණාතිලක 5/47. සහ 108 (46.1) මෙදුනක විජේතිලක 5/38, කසුන් එදිරිතිලක 5/48.

විද්‍යාර්ථ විද්‍යාලය – 141 (51) කවිෂ්ක දිල්හාර 38, ජනිත කොඩිතුවක්කු 6/50. සහ 94/5 (32)

විද්‍යාර්ථ විද්‍යාලයට කඩුලු 5ක ජයක්


හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය – A කාණ්ඩය

(දෙසැම්බර් 27-28 | බණ්ඩාරගම | කාසියේ වාසිය – ජනාධිපති)

තක්ෂිලා මධ්‍ය විද්‍යාලය  – 280/9d (88.3) සසංක අදීප 110. සහ 97/1 (27) සසංක අදීප 51*.

ජනාධිපති විද්‍යාලය – 245 (74.5) යුනෙත් සෙනවිරත්න  66, තිසර සචින්තන 3/60.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ අසෝක විද්‍යාලය –  D කාණ්ඩය

(දෙසැම්බර් 28-29 | සෙබස්තියන් විද්‍යාලය | කාසියේ වාසිය – අසෝක)

අසෝක විද්‍යාලය – 69 (41.1) සිතුම් අකිලංක 5/15 සහ 24 (17.2) සිතුම් අකිලංක 7/07.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 123 (47.5) අයෝන් හර්ෂ 49, රාහුල් ගුණසේකර 4/37, ජනුල ඉන්දුසර 2/07, සහන් විමුක්ති 2/18

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 30ක ජයක් 


කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය සහ තෝලන්ගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලය – සුහද තරගය

(දෙසැම්බර් 28-29 | තිස්ස විද්‍යාලය | කාසියේ වාසිය – ඩඩ්ලි සේනානායක)

ඩඩ්ලි සේනානායක – 126 (47.4) අකාෂ් මිහාන්  56, අසංක සඳරුවන් 25, රොහාන් සංජය 5/43, ධනුක නිශාඩ් 3/30 සහ 157/9 (59) උවිඳු කෞශල්‍ය 45, අකාෂ් මිහාන් 40, රොහාන් සංජය 6/69, පසිඳු මල්ෂාන් 3/36.

තිස්ස විද්‍යාලය – 212 (58.2) රොහාන් සංජය 50, රන්දුල දසුන් 46, ජනිත් ලක්රුවන් 31, නිකිල් සශ්මික 24, කවිෂ්ක තරුෂ 3/38, අශේන් මදුරංග 2/16, උවිඳු කෞශල්‍ය 2/46.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Video – ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා වූ පළමු ශ්‍රී ලාංකිකයා – කුමාර් සංගක්කාර

2000 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් කුමාර් සංගක්කාර ලොව බිහිවුණු තවත් එක් සුපිරි පිතිකරුවෙක්. …….


කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය – B කාණ්ඩය

(දෙසැම්බර් 28-29 | කෑගලු විද්‍යාලය | කාසියේ වාසිය – සාන්ත මරියා)

බණ්ඩාරනායක විද්‍යාලය – 159 (48.1) හසිත පතිරගේ 97*, මලීෂ සේනානායක 4/37, ප්‍රවීන් ලියනගේ 4/37 සහ 227/9d (76.2) සඳරු පතිරණ 41, මිලින්ද වීරසිංහ 46, දුශාන් සාරංග 27, ප්‍රවීන් ලියනගේ 5/82.

සාන්ත මරියා විද්‍යාලය – 199 (57) එම්.  පී. කරුණාරත්න 76, දිනේෂ් පතියගොඩ 54, ප්‍රවීන් ලියනගේ  24*, කවිෂ්ක ජයවර්ධන 6/47, සිතිජ සිල්වා 2/27, ශෙහාන් අවිශ්ක 2/57 සහ 122/2 (19) කුෂාන් භානුක 50*, දිනේෂ් පෙතියගොඩ 36, මිනත් වලිසිංහ 31*

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය – A කාණ්ඩය

(දෙසැම්බර් 28-29 | බලපිටිය | කාසියේ වාසිය – කිංග්ස්වුඩ්)

ශ්‍රී දේවානන්ද විද්‍යාලය – 113 (41.2) ශෙරන් හින්දුමගේ 31, මිලක්ෂ සේනාරත්න 30, එම්. ඩී. රාජපක්ෂ 2/13, කේ. කෙවින් 3/22 සහ 250/9d (74) ශෙරන් හින්දුමගේ 121, චාමික පෙරේරා 39*, මිලක්ෂ සේනාරත්න 38, එන්. වීරසේකර 3/93, ඒ. එස්. සේනරත්න 2/22

කිංග්ස්වුඩ් විද්‍යාලය – 84 (34.4): කවීෂ කල්පන 3/10, චාමික පෙරේරා 3/14 සහ 184/7 (45) ආර්. පොල්කොටුව 97, ඕ. වී. පුස්සපිටිය 34, සමුද පෙරේරා 3/33.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


පානදුර සාන්ත ජෝන් විද්‍යාලය සහ කළුතර විද්‍යාලය – D කාණ්ඩය

(දෙසැම්බර් 28-29 | සාන්ත ජෝන් විද්‍යාලය | කාසියේ වාසිය – කළුතර විද්‍යාලය)

කළුතර විද්‍යාලය – 353/8d (79) විශාර ප්‍රනාන්දු 82, කවිඳු ජයවික්‍රම 73, අවිශ්ක ලක්ෂාන් 77, ක්‍රිෂාන් විරංග 40*, දිනුෂ්ක මධුශාන් 2/21, දිල්ෂ ප්‍රසන්න 2/17, සංජු මධුමාල් 2/97, අමිල පෙරේරා 2/16

සාන්ත ජෝන් විද්‍යාලය – 229 (57.4): රෙෂාන් ප්‍රනාන්දු 76, සසිත කරුණාරත්න 62, අමිල පෙරේරා 40, රුචිර ගුණතුංග 6/55, විශ්මිත කොස්තා 2/56 සහ 309/4 (50) (F/O) අශාන් දිල්හාර 146*, රෙෂාන් ප්‍රනාන්දු 123*, සචින් දනංජය 24, සචිර ගුණතුංග 2/71, විශ්මිත කොස්තා 2/48.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<