ජෝසප් වාස්, මහින්ද හා සාන්ත තෝමස් පූර්ණ ජයක් ලබයි

311

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිටියේ උණුසුම ක්‍රමයෙන් වැඩි වන මේ සමයේ අදත් (12) පළමු පෙළ ක්‍රිකට් තරග කිහිපයක් ක්‍රියාත්මක වූ අතර, එහි දී ගාල්ල මහින්ද, මාතර සාන්ත තෝමස් හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් යන විද්‍යාල පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

එසේම අද දිනයේ ආරම්භ වූ තරගවල දී රාජකීය විද්‍යාලයේ මනුල පෙරේරා, සාන්ත අන්තෝනි විද්‍යාලයේ නවෝද්‍ය විජේකුමාර, තීක්ශ ගුණසිංහ හා සාන්ත තෝමස් විද්‍යාලයේ මන්තිල විජේරත්න වැඩි දස්කම් දැක්වීමට සමත් විය.

නාලන්ද ක්‍රීඩකයින් නපුරු තරගයේ දී පළමු ජය ලබයි

තරගාවලිය පුරා ජයග්‍රහණයේ පිපාසාවෙන් සිටි කොළඹ නාලන්ද ක්‍රීඩකයෝ තමන් සහභාගී වූ නපුරු යැයි සැලකෙන 9 වැනි තරගය ජයග්‍රහණය කරමින් පළමු ජය සමරන්නට අද (11) සමත් වූහ.

දෙවන හා අවසන් දිනට පැවැත්වූ තරග

ගාල්ල මහින්ද විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

ගාල්ල මහින්ද විද්‍යාලයීය පිටියේ දී අද අවසන් වූ මෙම D කාණ්ඩයේ තරගයෙන් ඉනිමක හා ලකුණු 35ක ජයක් ලබා ගැනීමට මහින්ද විද්‍යාලය සමත් විය.

සංචාරක සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ඊයේ දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 41ක් ලබා සිටියේය. සුභානු රාජපක්ෂ ඇතුළු මහින්ද විද්‍යාලයීය පන්දු යවන්නන් සාන්ත සිල්වෙස්ටර් පළමු ඉනිම ලකුණු 138ක් වැනි අවම ලකුණකට සීමා කරන ලදි. ඉනිමක පරාජයෙන් ගැලවීමට මනොහරන් පවිත්රන් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට සවියක් වීමට වෑයම් කළත් එය සාර්ථක වූයේ නැත.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 307/4 d  (69.4): නවෝද් පරණවිතාන 104, විනුර දුල්සර 85, රෙශාන් කාවින්ද නොදැවී 54, හංසික වැලිහිඳ 28, උසිඳු යෙශින්ක 2/56.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 138/10 (64.5): මනෝහරන් පවිත්රන් 38, නිම්සර අත්තනගල්ල 32, සුභානු රාජපක්ෂ 3/17.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 134/10 (75.1): නිම්සර අත්තනගල්ල 42, මනොහරන් පවිත්රන් 27, මන්ජිත් රාජපක්ෂ 26.


කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

පළමු කොටසේ A කාණ්ඩයේ තරගයක් වූ මෙය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (12) අවසන් විය. අද දිනය ආරම්භ වන විට සංචාරක සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 6ක් ලබාගෙන සිටියහ.

අනතුරුව ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 97කට සීමා කිරීමට ලහිරු ඩිල්ශාන් ඇතුළු සාන්ත තෝමස් විද්‍යාල පන්දු යවන්නන් සමත් විය. අවසානයේ සිය දෙවන ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 69ක් ලබාගත් සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක ජයක් ලබා ගත්තේය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 101/10 (35.3): පෘතුවි ජයරාජසිංහම් 20, ලහිරු ඩිල්ශාන් 3/21, සිනෙත් සිතාර 3/21, සචිල රශ්මික 2/27

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 131/10 (48.1): මලීෂ ද සේරම් 30, හිරන්ත ලක්ෂාන් 33, තරුෂ කාවින්ද 19, ජේසන් චාල්ස් 6/53, කවීෂ ජයතිලක 2/15

සාන්ත බෙනඩික්ට් විද්‍යාල දෙවැනි ඉනිම –  97/10 (42.3): අශාන් සිල්වා 26, රයන් සෙලෙසින්ගර් 21, ලහිරු ඩිල්ශාන් 4/30, සචිර රශ්මික 3/26.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 69/4 (23.4): මලීෂ ද සේරම් 25, තරුෂ කාවින්ද 19*.

මතීෂ, කුසල් සහ ගයාන් Tier B පිටිය ග්‍රහණයට ගනී

26 හැවිරිදි මතීෂ පෙරේරා සහ 20 හැවිරිදි කුසල් එදිසූරිය Tier B පිටිය පිතිකරණයෙන් අලංකාරවත් කරද්දී, 36 හැවිරිදි ගයාන් සිරිසෝම පිතිකරුවෝ සලිත කරමින් අද (12) දවස නිමා කළේය.


වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

ජෝසප් වාස් විද්‍යාලය ලකුණු 29ක තියුණු ජයක් ලබාගත් මෙම තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී අද අවසන් වූ අතර වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිමට රැස් කළ ලකුණු 168ට පිළිතුරු ලෙසින් කෑගල්ල සාන්ත මේරිස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 126ක් ලබා ගන්නා ලදි.

ජෝසප් වාස් විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගෙන නැවතත් දෙවන ඉනිම ක්‍රියාත්මක කළ අතර එය ලකුණු 96කට සීමා විය. ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට නියමිතව තිබුණු සාන්ත මරියා විද්‍යාලය සිය දෙවන ඉනිමට ලබාගත්තේ ලකුණු 109කි.

ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 168/10 (44.5): තිලාන් ප්‍රදීප්ත 41, සොහාන් අනුරුද්ධ 28, ශෂාන් දිනෙත් 27, ඉෂාන් වීරසූරිය 6/40, සුපුන් කුමාර 2/27.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම – 126/10 (57.2): සංජීව රංජිත් 37, ආකාශ් මල්ෂික 5/31.

ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම – 96/10 (35.2): ඉශාන් විජේසුරිය 5/38, සුපුන් කුමාර 4/24.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම – 109/10 (40.1): සුජිත් කුමාර 32.


පළමු දිනයට පැවැත්වූ තරග

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

කාසියේ වාසිය දිනූ ආනන්ද විද්‍යාලය සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

තරගයේ  පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 259ක් ලබාගෙන සිටියේය. මන්තිල විජේරත්න ලකුණු 60*යි. ශලින් ද මෙල් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 259/8 (84): මන්තිල විජේරත්න 60*, ශලින් ද මෙල් 50, කිෂාන් මුණසිංහ 48, තෙවින් ඊරියගම 35*.

ප්‍රවේගකාරී ශතකයක් සමඟින් සචිත් පතිරණ චෝදනා වලට පිළිතුරු දෙයි!

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට උදාවූ අවාසනාවන්ත තත්ත්වය හමුවේ ක්‍රීඩකයින් සහ බලධාරීන් රැසක් ප්‍රේක්ෂක විවේචනයන්ට බඳුන් විය.


මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය

SSC පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් නිපුන් සුමනසිංහ හා දුනිත් වෙල්ලාලගේ පිළිවෙළින් ලකුණු 48ක් හා ලකුණු 47ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 178ක් දක්වා ඔසාවා තබන ලදි. පන්දු යැවීමේ දී කඩුලු 6ක් දවාලීමට මනුල සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 178/10 (49.2): නිපුන් සුමනසිංහ 48, දුනිත් වෙල්ලාලගේ  47, යෙසිත් රූපසිංහ 34, ලක්ෂාන් ගමගේ 23, මනුල පෙරේරා 6/26.

රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 93/3 (30): භාග්‍ය දිසානායක 41, පසිඳු සූරියබණ්ඩාර 34*.


මරදාන සහිරා විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක ද මැසනොඩ් විද්‍යාලය පළමුව පන්දු යවා සහිරා පළමු ඉනිම ලකුණු 202කට සීමා කළේය. එහි දී අරවින්ත් රාජේන්ද්‍රන් ලකුණු 48ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. සාලිය ජූඩ් කඩුලු 3යි.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 202/10 (81.1): අරවින්ත් රාජේන්ද්‍රන් 48, මොහොමඩ් රිසාත් 33, චතුර දිල්රුක්ෂණ 28, සාලිය ජූඩ් 3/71.

ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 16/1 (5):


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට ඉසුරු දයානන්ද සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නවෝද්‍ය විජේකුමාර කඩුලු 6යි.

තරගයේ පළමු දිනය අවසන් වන විට සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගන්නට සමත් විය. එහි දී තීක්ෂ ගුණසිංහ නොදැවී ශතකයක් ලබා ගන්නා විට සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ නවෝද්‍ය ලකුණු 72යි.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – 118/10 (59.1): ඉසුරු දයානන්ද 53, ධනුෂ්ක රත්නායක 17*, නවෝද්‍ය විජේකුමාර 6/43.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 230/4 (35): තීක්ෂ ගුණසිංහ 101*, නවෝද්‍ය විජේකුමාර 72, ඩියෝන් කවිඳු 44.


බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

හෙට දිනය තුළ තියුණු අවසානයක් දැක ගැනීමට හැකි වේවි යැයි අනුමාන කළ හැකි මෙම තරගය සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ ආරම්භ විය.

සාන්ත පීතර විද්‍යාලය මෙම තරගයට අවතීර්ණ වන්නේ පසුගිය දා නිමාවූ තරගයෙන් පූර්ණ ජයක් ලබාගෙන ඉතාමත් හොඳ මානසිකත්වයක් ඇතිවයි. නමුත් අද දිනය තුළ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 98කට සීමා කළ සාන්ත සෙබස්තියන් පන්දු යවන්නන්  තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත පීතර දෙවන ඉනිමේ කඩුලු 5ක්ද දවා ගැනීමට සමත් විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 122ක් ලබාගත්තේ ජනිශ්ක පෙරේරා හා නිශිත අභිලාෂ් රැස්කළ ලකුණු ප්‍රමාණය නිසාවෙනි. එසේම අද දිනය තුළ සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයට හැකි විය.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 98/10 (30):

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 122/10 (32): ජනිශ්ක පෙරේරා 32*, නිශිත අභිලාෂ් 28, නදීර ප්‍රනාන්දු 22.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 51/5 (18):

අද ආරම්භ වූ තරග කිහිපය හෙට (13) දෙවන දිනටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<