කින්නියා අභියෝගයට ජෝසප්වරුන්ගෙන් ප්‍රබල පිළිතුරක්

294

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලිය යටතේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කින්නියා මධ්‍ය මහා විද්‍යාලය අතර අද (29) සවස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන අවසන් පූර්ව තරගය ගෝල 4-0ක් ලෙස විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

ප්‍රබල සහිරාවන් පරදා රාජකීයයන් අවසන් මහා තරගයට

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලිය යටතේ මරදාන සහිරා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අද (29) කොළඹ සුගතදාස…

තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් තරගයේ 8 වන මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. එහි දී පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන ගිය ඔවුන් අවසානයේ එය ශෙනාල් සංදේශ් වෙත බාර කළ අතර ඔහු සාර්ථකව පන්දුව ගෝල රාමුව තුළට යොමු කිරීමට සමත් විය.

ඉන් අනතුරුව ද සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුවත් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත. ඒ අනුව කින්නියා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී අනුගමනය කරනු ලැබුවේ තරමක් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයකි.

කෙසේ නමුත් තරගය ඉදිරියට යත්ම කින්නියා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වෙමින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට විය. ඒ අනුව තරගයේ 21 වන හා 32 වන මිනිත්තුවල දී නිදහස් පහර අවස්ථාවන් දෙකක් හිමිකර ගැනීමට ඔවුන් සමත් වුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත.

අනතුරුව තරගයේ 34 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම හට උත්සාහක දිනුම් කලාපය ඉතා ආසන්නයේ දී පහසු නිදහස් පහර අවස්ථාවක් හිමි වූ නමුත් එහි දී එය ලබා ගත් කාවින්ද රූපසිංහ එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී යාම හේතුවෙන් එම අවස්ථාව ඔවුන්ට අහිමිව ගියේය.

සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පාපන්දු ශූරතාවය මරදානට රැගෙන යති

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ 2018 අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය ඊයේ (16) සවස කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී…

පසුව තරගයේ 37 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමක් හරහා කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ මොහොමඩ් ඉල්හාම් හට ගෝල රාමු කලාපය තුළදී පන්දුව ලැබුනත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී ගියේය.

අනතුරුව තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර මිහ්ෂාන් ගෝල රාමු කලාපය පිටත සිට වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගැනීමට උත්සාහ දැරුවත් එහි දී පන්දුව ගෝල රාමුවේ ඉහත දාරයේ වැදී ඉවතට ඇදී ගියේය.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 01 – 00 කින්නියා මධ්‍ය මහා විද්‍යාලය

දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් කින්නියා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් රැස්කර ගන්නට උත්සාහ දැරීය. ඒ අනුව මිහ්ෂාන් නැවතත් ගෝල රාමු කලාපය පිටත සිට එල්ල කරනු ලැබූ වේගවත් පහරක් හරහා ගෝලයක් රැස්කර ගැනීමට උත්සාහ දැරුවත් එහි දී ද පන්දුව ගෝල රාමුවේ ඉහත දාරයේ වැදී ඉවතට ඇදී ගියේය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කෙසේ නමුත් ඉන් අනතුරුව තරගයේ 53 වන මිනිත්තුවේ දී දෙවන ගෝලය ද වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවා ගැනීමට සමත් වූයේ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමයි. එහි දී ජොනතන් තෝමස් ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ පැතුම් ගිම්හාන් විසිනි.

පසුව තරගයේ 69 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සංදේශ් තරගයේ සිය දෙවන ගෝලය ද වාර්තා කර ගනු ලැබුවේ ඔහුට ලැබුණු දීර්ඝ පන්දුවක් මැනෙවින් හසුරුවා ගනිමින්, පසුව එය ගෝල රාමු කලාපය තුළට රැගෙන යමින් අවසානයේ ඉතා විශිෂ්ට ලෙස එය ගෝල රාමුව තුළට යොමුකරමිනි.

අනතුරුව තරගයේ 74 වන මිනිත්තුවේ දී කින්නියා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් හට නිදහස් පහර අවස්ථාවක් හිමි වූ අතර එහි දී එය ලබාගත් මොහොමඩ් ෆිර්නාස් එල්ල කළ පහර සාන්ත ජෝසප් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක සසිදු ජයසිංහගේ අතේ වැදී, පසුව ගෝල රාමුවේ ඉහත දාරයේ වැදී ඉවතට ඇදී ගියේය.

හැංගිහොරා නත්තල් රැගෙන ගිය පාපන්දු තරුව

ලොව පුරා වෙසෙන සියලුම කතෝලිකයන් විසින් සමරන ප්‍රධානතම උත්සවය වන්නේ “නත්තල් දිනය” යි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකරමින් සමරන නත්තල් දිනයේ…

පසුව තරගයේ 86 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම හට ගෝල රාමු කලාපය ඉතා ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් ලැබුනත් එය ලබාගත් පැතුම් ගිම්හාන් හට එය සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණේ නැත.

තරගය අවසන් වන්නට පෙර සාන්ත ජෝසප් කණ්ඩායමේ ආදේශක ක්‍රීඩක එන්. ලක්ෂිතන් විසින් ද ගෝලයක් වාර්තා කර ගනු ලැබූ අතර ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 03 – 00 කින්නියා මධ්‍ය මහා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – ශෙනාල් සංදේශ් (සාන්ත ජෝසප් විද්‍යාලය)

ගෝල ලාභීන්

  • සාන්ත ජෝසප් විද්‍යාලය – ශෙනාල් සංදේශ් 8’, 69’, පැතුම් ගිම්හාන් 53’, එන්. ලක්ෂිතන් 90+1’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<