අන්තර් පාසල් රග්බි ලීගය නැවතත් කරලියට!

319

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය පසුගිය පාස්කු ඉරු දින (21) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව දින නියමයක් නොමැතිව කල් යන්නේ ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමමිනි.

ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අද (02) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පැවති…

එනමුත් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවුවහොත් සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය පැවැත්විය හැකි බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා පවසා සිටියේය.

“අප ඒ සඳහා අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කළා. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දෙනවා නම් අපට මැයි මස 25 වන දින තරගාවලිය ආරම්භ කළ හැකියි.” යනුවෙන් රංජිත් චන්ද්‍රසේකර මහතා පවසා සිටියේය.

දිවයිනේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයට ලීග් ශූරතාවලියේ දෙවන වටය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවිය. එසේම පාසල් බහුතරයක් එළඹෙන 06 වන දින නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන අතර ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය, අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය ලැබෙන තුරු බලා සිටියි.

2015 වසරේ සිට පාසල් රග්බි ලීගයේ වැඩකාරයෝ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යනු අපට සෑම වසරකම අලුත් අත්දැකීම් වගේම විශේෂ දක්ෂතා…

“අපි බලාපොරොත්තු වෙනවා මැයි මස 25 වන දින බ්‍රැඩ්බි පලිහ සමඟින් දෙවන වටය නැවත ආරම්භ කරන්නට. ඒ වගේම තරගාවලිය කිසිඳු නැවතීමකින් තොරව සතියෙන් සතිය ඉදිරියට පැවැත්වේවි. එසේම බ්‍රැඩ්බි පලිහ තරගයෙන් පසු අනෙක් තරග ජුනි මස 01 වන දින සිට ක්‍රියාත්මක වෙයි” යනුවෙන් රංජිත් චන්ද්‍රසේකර මහතා තම අදහස් පළ කළේය.

ජූනි මස 01වන දින සහ 30 වන දින දක්වා දිනයන් තුළදී ලීග් තරග ආරම්භ වන අතර තරග කාල සටහන් එසේම තිබියදී පාසල් වලට තම දිනයන් වෙන් කරගැනීමට සිදුවෙනු ඇත.  

ශ්‍රී ලංකාවෙන් බාබේරියන්ස්ට හොඳ සංග්‍රහයක්

අද (2) මැලේසියාවේ UPM ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායම හා මැලේසියන්…

එසේම තවදුරටත් තම අදහස් දක්වමින් රංජිත් චන්ද්‍රසේකර මහතා මෙලෙස පැවසීය.

“අපි ලබන 06වන දින අමාත්‍යාංශ වල පාර්ශවයන්ට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කර ඔවුන්ට ලීගය පිළිබඳ අවසන් තීරණ ගැනීමට ඉඩ ලබාදෙනවා”

ලීගය අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය ජූලි මස 06 වන දින සිට 21 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර සත් සාමාජික ශූරතාවය පැවැත්වීමට සිදුවන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් අනතුරුවයි. එසේම වයස අවුරුදු 16න් පහළ සහ වයස අවුරුදු 18න් පහළ තරගාවලි, පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියට පසු පැවැත්විය යුතු වනබව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ThePapare.com අප සමඟ පවසා සිටියේය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<