ශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකානු ODI හා T20 සංචිත

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

1423
Quinton de Kock

එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට එක්වන දකුණු අප්‍රිකා එක්දින හා විස්සයි විස්ස සංචිතයන් නිවේදනය කර තිබෙනවා. දකුණු අප්‍රිකානු එක්දින සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉවත්ව තිබීම විශේෂත්වයක්. 

සුපිරි ක්‍රීඩක Quinton de Kock එක්දින තරගාවලිය සඳහා විවේක ගන්වා තිබෙනවා. David Miller පාදයේ ආබාධයක් නිසා එක්දින තරගාවලියට එක් නොවන අතර පෞද්ගලික හේතුවක් මත Lungi Ngidi ද කණ්ඩායම හා එක්වන්නේ නැහැ. පසුගිය මාසයේ අයර්ලන්ත සංචාරයට එක්වූ දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමේ ක්‍රීඩා කළ Bjorn Fortuin ද ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට සහභාගී වන්නේ නැහැ. 

කෙසේ වෙතත් De Kock, Miller, Ngidi හා Fortuin ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතයි.
 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

Junior Dala එක්දින සංචිතයට නවක ක්‍රීඩකයෙක් ලෙස එක්වෙනවා. පසුගිය ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු එක්දින තරගාවලියේ දී ආබාධයකට ලක්වුණු Sisanda Magala නැවතත් විස්සයි විස්ස කණ්ඩායමට කැඳවා තිබෙනවා. Covid-19 වයිරසය ආසාදනය වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් හා අයර්ලන්ත සංචාරයන් මඟහැරුණු Dwaine Pretorius නැවතත් සංචිතය හා එක්ව තිබෙනවා. 

ප්‍රබලයන් සහිතව අයර්ලන්තයට එරෙහිව එක්දින තරගාවලියට එක්වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම එම තරගාවලියේ එක් තරගයක් පරාජය වූ අතර තවත් තරගයක් වැස්සට සේදී ගියා. එම නිසා Temba Bavumaගේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු සටහනේ 10 වැනි ස්ථානය දක්වා පහත බසින්නට සිදු වුනා. 

2023 මාර්තු මාසය වන විට ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු සටහනේ පළමු ස්ථාන හතේ සිටින කණ්ඩායම් 2023 ලෝක කුසලාන තරගාවලියට සත්කාරක ඉන්දියාව සමඟ කෙළින්ම සුදුසුකම් ලබනවා. 

දකුණු අප්‍රිකානු එක්දින හා විස්සයි විස්ස සංචිතයන්:

එක්දින සංචිතය : Temba Bavuma (නායක), Junior Dala, Beuran Hendricks, Reeza Hendricks, Heinrich Klaasen, George Linde, Janneman Malan, Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Anrich Nortje, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Kyle Verreynne, Lizaad Williams.

විස්සයි විස්ස සංචිතය : Temba Bavuma (නායක), Quinton de Kock, Bjorn Fortuin, Beuran Hendricks, Reeza Hendricks, Heinrich Klaasen, George Linde, Keshav Maharaj, Sisanda Magala, Aiden Markram, David Miller, Wiaan Mulder, Lungi Ngidi, Anrich Nortje, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Lizaad Williams.

තරගාවලියේ කාලසටහන 

  • එක්දින තරගාවලිය – සැප්තැම්බර් මස 02, 04 හා 07 වැනිදා  
  • විස්සයි විස්ස තරගාවලිය – සැප්තැම්බර් මස 10, 12 හා 14 වැනිදා 

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා – රාත්‍රී තරග ලෙස පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<