තවත් ප්‍රවීණයෙක් හැව්ලොක් හැර යයි!

133

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ පසුපෙළ ක්‍රීඩකයෙකු වන සඳුන් හේරත් එළඹෙන තරග වාරයේ CR&FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත.

CR වේගය ඉදිරිපිට CH අසරණයි!

2019 නායකයාගේ කුසලානය වෙනුවෙන් CR&FC සහ …….

වසර 8කට ඉහත දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ එක්වුණු සඳුන් එවක පටන් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ කැපී පෙනෙන චරිතයක් වූ වසර 8ක් පුරා හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කර ඇත.

සඳුන් හැව්ලොක් ක්‍රීඩා සමාජය හා එක්වීමට පෙර පාසල් ලීගයේ උත්සාහක දිනුම් 26ක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීම විශේෂත්වයක්. ඉන් වසර දෙකකට පසු අන්තර් සමාජ ලීගයේ දී උත්සාහක දිනුම් 21ක් වාර්තා කරමින් වාර්තා පොත් අලුත් කළ සඳුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් පා ඇති ක්‍රීඩකයෙක්.

රීසා ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය …….

වසර 8ක් පුරා හැව්ලොක් ක්‍රීඩා සමාජයේ පසුපෙළ තම අධිරාජ්‍යය පතුරවමින් සිටි සඳුන්, CR&FC කණ්ඩායම වෙනුවෙන් ඉදිරියේ දී තම දස්කම් පෑමට තීරණය කර ඇත. ඔහුගේ පන්දු හැසිරවීමේ දක්ෂතාවය සහ ක්‍රීඩකයින් මෙල්ල කිරීමේ දක්ෂතාවය නිසාම පුහුණුකරුවන්ට ඔහුව කණ්ඩායම තුල හැසිරවීම පහසු විය. 

කෙසේ වුවත් ඉදිරි සති කිහිපය තුල දී ආරම්භ වීමට නියමිත ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීගය තුල දී CR&FC කණ්ඩායම වෙත ක්‍රීඩාලෝලීන් සැමගේ විශේෂ අවධානය යොමුවී ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<