රීසා ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

1396

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඉලක්ක කරමින් CR & FC කණ්ඩායම වෙනස් ආකාරයක බඳවා ගැනීමක් සිදු කළේය. ඒ පසුගිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ රීසා මුබාරක් බඳවා ගනිමිනි.

හැව්ලොක් දඩබිමේ නිහඬ දඩයක්කරු – රීසා මුබාරක්

තරගය අවසානයට ඇත්තේ තවත් තත්පර කිහිපයක් පමණයි.

අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන රීසා 2008 වර්ෂයේ දී අන්තර් සමාජ රග්බි ගමන ආරම්භ කළ CR & FC කණ්ඩායමටම නැවත පැමිණීම විශේෂත්වයකි. නමුත් සියලුදෙනා පුදුමයට පත්කරමින් මෙවර තරගවාරයට පසුව තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බවද ඔහු පවසා සිටියේය. 

මේ පිළිබඳව Thepapare.com අප ඔහුගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු මෙසේ අදහස් දැක්වීය.

“වසර 14ක් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් මට හැකි උපරිමයෙන් මගේ සේවාව මම ලබා දුන්නා. ඉතින් මට හිතුනා දැන් ක්‍රීඩකයෙකු ලෙස සේවාව සැපයුවා ඇති කියලා. මින් ඉදිරියට මම පුහුණුකරුවෙකු ලෙස රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරියට එනවා.”

ඔහුගේ පුහුණුකරුවන් මතක් කළ රීසා පැවසුවේ මෙවැනි දෙයක්. 

“ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සනත් මාටිස්, ලකළ පෙරේරා සහ පුහුණුකරුවන් සියලු දෙනාම. ඒ වගේම ආනා සරණපාල සර් සහ රුක්ලාන් කබ්රාල් යන මහත්වරුන් දෙදෙනාටත් මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.”

තවදුරටත් හැව්ලොක් කණ්ඩායම ගැන තම අදහස් දැක්වූ රීසා,

“මට කවදාවත් අමතක කරන්න බැරි කණ්ඩායමක් තමයි හැව්ලොක් කණ්ඩායම කියන්නේ. මම ඔවුන්ටත් ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායකයා සහ මගේ හොඳම යාළුවා නිරෝෂන් ප්‍රනාන්දු. ඔහු හැම වෙලාවක දීම මට ලොකු ශක්තියක් වුනා. ඇත්තටම හැව්ලොක් කණ්ඩායම කියන්නේ ඉතා අපූරු තැනක්.”
ලෙස පැවසීය. 

එසේම එළඹෙන තරග වාරයට CR & FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගත් තීරණය ගැන ඔහු අදහස් දැක්වූයේ මෙසේයි.

“මම මුලින්ම අන්තර් සමාජ තරග බිමට එන්නේ 2008 වර්ෂයේ දී. ඒ CR & FC කණ්ඩායම නියෝජනය කරමින්. ඉතින් මට හිතුනා ආරම්භ කළ තැනින්ම ඉවර කරන්නට.” 

2005 වසරේ දී පාපන්දු ක්‍රීඩාවෙන් රග්බි ක්‍රීඩාව වෙත අහම්බෙන් එකතු වූ රීසා දැනට වසර 14ක කාලයක් රග්බි ක්‍රීඩා කර ඇත. පාසල් වියෙන් පසු ඔහුට ශ්‍රී ලංකා ජාතික සංචිතයේ දොරටු ඇරෙන අතර දුෂාන්ත් ලෙව්කේ ගේ නායකත්වය යටතේ ඔහු ජාතික සංචිතයට ක්‍රීඩා කළේය. පසුව එම වර්ෂයේම ඔහුට CR & FC කණ්ඩායමෙන් ඇරයුම් ලැබිනි. 

ජමාල්ඩීන් ගෙදර එයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට……….

වසර 4ක් CR & FC කණ්ඩායම වෙනුවෙන් තම සේවාව සැපයීමෙන් අනතුරුව ඔහු නාවික හමුදා ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කළේය. පසුව 2017 වර්ෂයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයට එක්වුනු රීසා තම ප්‍රවර්තන හැකියාවන් උපයෝගී කරගනිමින් පසුගිය තරගවාරයේ හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වීමට ද සමත් විය. 

එසේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ගෙන් “වැඩිම ලකුණු රැස්කර දී ඇති ක්‍රීඩකයා” ලෙස ද රීසා මුබාරක් වාර්තා පොත් අතරට එක්වී ඇත.

2013 වර්ෂයේ දී “Asian five nations” පළමු කාණ්ඩයේ තරගාවලියේ දී “තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා” (Most Valuable Player) ලෙස, “කුසලතා පරිපූර්ණ ක්‍රීඩකයා” (Most promising player) ලෙස සහ “වැඩිම ලකුණු ලාභියා” ලෙසින් ද සම්මාන ලැබීය. එසේම එම වසරේ දීම සෙරෙන්ඩිබ් කුසලාන තරගාවලියේ දී “වැඩිම ලකුණු ලාභියා” ලෙස පිදුම් ලැබුවේය. 

හැව්ලොක් තරුවට නව නවාතැනක්!

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත ප්‍රියදර්ශන……….

කෙසේ වෙතත් 2008 වසරේ දී ඔහු වෘත්තීය රග්බි ක්‍රීඩකයෙකු ලෙසින් ජාතික සංචිතයෙන් තම ක්‍රීඩා දිවිය ආරම්භ කරන විට ඔහුගේ නායකයා වශයෙන් ක්‍රියා කළේ දුෂාන්ත් ලෙව්කේ ය. මෙම තරගවාරයේ දුෂාන්ත් ලෙව්කේ ගේ පුහුණුකාරීත්වය යටතේ ඔහු තම ක්‍රීඩා දිවිය අවසන් කිරීමට තීරණය කර ඇත. තම වසර 14ක රග්බි පළපුරුද්ද භාවිතා කරමින් රීසා මුබාරක් එළඹෙන 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට තමන්ගේ පළමු ක්‍රීඩා සමාජය වූ CR & FC කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ සේවය සැපයීමට සූදානමින් සිටි. 

පසුගිය තරගවාරයේ දී මෙන්ම එළඹෙන තරගවාරයේ දී ද රග්බි පුවත් එසැනින් දැනගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟ. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<