‘නෙවිල් ද අල්විස් – රැල්ෆ් අලස් අභියෝගතා ශූරතාවය’ ජනවාරි අන්තිම

130

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර ‘නෙවිල් ද අල්විස් – රැල්ෆ් අලස් අභියෝගතා ශූරතාවය’ වෙනුවෙන් පවත්වනු ලබන අභිනව වාර්ෂික පාපන්දු තරගය මෙම මස 26 වැනි සෙනසුරාදා රත්මලාන ගේට්වේ විද්‍යාලයීය නව පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට විද්‍යාල දෙකේ සංවිධායක මණ්ඩලය විසින් සූදානම් කර ඇත.

විශිෂ්ට හඹා යාමකින් සෝන්ඩර්ස් රිනවුන් පරදයි; ඩිෆෙන්ඩර්ස්ට තියුණු ජයක්

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 9 වන සතියේ තරගයක් ලෙස ඊයේ (10) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ…

තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමට හා එම ශූරතාවය එළිදැක්වීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාව ඊයේ (11) කොළඹ පාපන්දු නිවහනේ දී පවත්වනු ලැබුවේ ශී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) ගරු සභාපති අනුර ද සිල්වා, එහි ලේකම් ජස්වර් උමාර්, ගේට්වේ ජාත්‍යන්තර පාසැල් ජාලයේ සභාපති හර්ෂ අලස්, සාන්ත තෝමස් විද්‍යාලයේ විද්‍යාලයාධිපති ගරු මාක් බිල්මෝරියා පියතුමන් ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන්, විද්‍යාල දෙකේ ගුරුභවතුන් සහ පුහුණුකරුවන් හා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙනි.

මෙම වසරේ සිට වාර්ෂික තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය විද්‍යාල දෙකට ඉතා සමීප ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම අධ්‍යාපනඥයින් අතරින් දෙදෙනෙක් වන නෙවිල් ද අල්විස් මහතා සහ රැල්ෆ් අලස් මහතා අනුස්මරණය කරමින් නම්කරන ලද අභියෝගතා ශූරතාවයක් යටතේ පවත්වාගෙන යාමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත. එමෙන්ම සාන්ත තෝමස් විද්‍යාලය ඕනෑම ක්‍රීඩාවක් සඳහා ජාත්‍යන්තර පාසැලක් සමඟ වාර්ෂික තරගයක් ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක්වේ.

ඒ අනුව මෙය එළඹෙන ජනවාරි මස 26 වන දින රත්මලාන ගේට්වේ විද්‍යාලයීය නව පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එහිදී පළමුවෙන් විද්‍යාල දෙකේ වයස අවුරුදු 14න් පහළ පාපන්දු කණ්ඩායම් අතර තරගයක් සහ ඉන් අනතුරුව ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ සහ කොළඹ විසාකා විද්‍යාලයේ වයස අවුරුදු 20න් පහළ බාලිකා කණ්ඩායම් අතර සුහඳ පාපන්දු තරගයක් පැවැත්වෙනු ඇත. අවසානයේ එදින සවස 6ට සාන්ත තෝමස් විද්‍යාලයේ සහ ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ වයස අවුරුදු 20න් පහළ පාපන්දු කණ්ඩායම් අතර ‘නෙවිල් ද අල්විස් – රැල්ෆ් අලස් අභියෝගතා ශූරතාවය’ වෙනුවෙන් පවත්වනු ලබන තරගය ආරම්භ කිරීමට නියමිත අතර ඒ අනුව එය විදුලි ආලෝකය මධ්‍යයේ ක්‍රීඩා කෙරෙනු ඇත.         

බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්ට නාවලපිටියේ ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රහාරයක්

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය හා ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයක් අවසානයේ ප්‍රේක්ෂකයින්ගෙන්…

වයස අවුරුදු 14න් පහළ තරගය සහ වයස අවුරුදු 20න් පහළ බාලිකා සුහද තරගය මිනිත්තු 20 අර්ධ දෙකක් බැගින් වන පරිදි මිනිත්තු 40ක සම්පූර්ණ කාලයක් සඳහා ක්‍රීඩා කරනු ලබන අතර අවසානයේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ තරගය මිනිත්තු 35 අර්ධ දෙකක් බැගින් වන පරිදි මිනිත්තු 70ක කාලයක් සඳහා ක්‍රීඩා කෙරෙනු ඇත. එම සෑම තරගයක දී ම එක් කණ්ඩායමකට ක්‍රියාත්මක කළ හැකි උපරිම ක්‍රීඩකයින් ආදේශ කිරීම් ගණන 5ක් වන අතර සියලුම තරග ජාත්‍යන්තරව පිළිගත් පාපන්දු නීති රීති යටතේ පවත්වනු ලබයි.

යුධ ගිනි මැද පිපුණු සිරියාවත් මල

සිරියාවේ අසිරිය මැකෙන්නට පටන්ගෙන මේ වන විට සෑහෙන කාලයකි. එහෙත් යුධ බිය මැද පිපී, සිරියාවේ අසිරිය නැවත නංවන ඇය ‘මහා ජනූද්’ ය.

තරග අවසානයේ කණ්ඩායම් සඳහා පිරිනමනු ලබන කුසලාන, පදක්කම් සහ සහතික වලට අමතරව ක්‍රීඩකයින් තනිව දක්වන දක්‍ෂතා ඇගයීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කළ ඇති අතර ඒ අනුව ඉහත සෑම තරගයකම හොඳම ගෝල රකින්නා සහ දක්‍ෂතම ක්‍රීඩකයා සඳහා එම සම්මාන පිරිනැමෙනු ඇත.

ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම පසුගිය දා පැවති වයස අවුරුදු 20න් පහළ අන්තර් ජාත්‍යන්තර පාසල් පාපන්දු ශූරතාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර අනෙක් පසින් සාන්ත තෝමස් විද්‍යාලය පසුගිය වසර අවසානයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ පවත්වනු ලබන වාර්ෂික පාපන්දු තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ අනුව කණ්ඩායම් දෙකම ඒක හා සමාන දක්‍ෂතාවලින් සමන්විත වන අතර ප්‍රේක්ෂකයින් සඳහා ඉතා උණුසුම් තරගයක් නැරඹීමට අවස්ථාව උදාවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<