වේල්සයෙන් ජෝර්ජියාවට මරු පහරක්!

76

2019 රග්බි ලෝක කුසලානයේ D කාණ්ඩයේ තවත් තරගයක් අද (23) ජපානයේ ටොයෝටා නුවර දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ට ආරම්භ වුනා. වේල්සය හා ජෝර්ජියාව ගැටුණු එම තරගයෙන් ලකුණු 43-14ක් වශයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට වේල්සය සමත් වුනා.

රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකක පමණ සුළු….

තරගය ආරම්භ වූ මොහොත පටන් වේල්සය පිටිය ආක්‍රමණය කරමින් ක්‍රීඩා කළ අතර ජෝර්ජියාවට එම පීඩනයෙන් මිදීමට විශාල වෙහෙසක් දැරීමට සිදු විය. තරගය වේල්සය ජෝර්ජියාවට කිසිදු අවස්ථාවක් නොදෙමින් ක්‍රීඩා කළ වේල්සය තරගයේ 3 වැනි විනාඩියේ සිටම තම ලකුණු දඩයම ආරම්භ කළේය. 

තරගයේ 7 වැනි විනාඩියේ දී ජෝර්ජියාව අතින් සිදු වූ අත්වැරදීමකට විනිසුරු වේල්සයට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කර ගැනීමට ඩැන් බිගර්ට හැකි විය.

එම මොහොත පටන් තම ආරක්ෂාව තර කර ගත් වේල්සය ජෝර්ජියාවට පහර පිට පහර එල්ල කරමින් ඔවුන්ගේ බලය බිඳ දැමීමට කටයුතු කළේය. ප්‍රථම අර්ධය අවසන් වන විට දී වේල්සය උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්තන 3ක් හා දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 29-00ක් වශයෙන් ඉදිරියෙන් සිටියේය.

පළමු අර්ධය: වේල්සය 29 – 00 ජෝර්ජියාව

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව ජෝර්ජියාව තම සුපුරුදු රිද්මයට පැමිණෙන ආකාරයක් පෙන්නුම් කරමින් ක්‍රීඩා කළ අතර තරගයේ 44 වැනි විනාඩියේ දී ජෝර්ජියාව පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.

එයට තරගයේ 64 වැනි විනාඩියේ දී වේල්සය ප්‍රති ප්‍රහාර එල්ල කරමින් උත්සාහක දිනුමක් වාර්තා කළත්, තරගයේ 68 වැනි විනාඩියේ දී ජෝර්ජියාව නැවත ඔවුන්ගේ දෙවැනි උත්සාහක දිනුම් වාර්තා කළේය.

Video- All Blacksලා World Cup එකට Settle නැද්ද?

Watch Asanka Hadirampela & Sudarshana Peiris analyze the….

නමුත් වේල්සය ඔවුන්ගේ ආරක්ෂාව තරකරමින් ජෝර්ජියාවට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ක්‍රීඩා කළ අතර තරගය අවසන් වීමට මත්තෙන් තරගයේ 76 වැනි විනාඩියේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ජෝර්ජියාවේ ජයග්‍රහණ සිහින බොඳ කරමින්.

අවසන් ලකුණු තත්වය: වේල්සය (6T, 5C, 1P) 43 – 14 (2T, 2C) ජෝර්ජියාව

 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින් – 

වේල්සය – Gareth Davies (1T), Justin Tipuric (1T), Josh Adams (1T), Liam Williams (1T), Tomos Williams (1T), Goerge North (1T), Dan Biggar (4C, 1P), Leigh Halfpenny (1C)
ජෝර්ජියාව – Shalva Mamukashvili (1T), Levan Chilachava (1T), Tedo Abzhandadze (2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<