ඉසුරු උදාන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට

407

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉසුරු උදාන 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහා එක්ව තිබේ.

ඊයේ (19) කොල්කටා හි පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී එම කණ්ඩායම විසින් ඔහු මිල දී ගෙන ඇත. ඒ අනුව මීළඟ තරගාවලිය ඉසුරු උදානගේ පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වනු ඇත.

ලහිරු – ලසිත් සුසංයෝගය හමුවේ පාකිස්තානු පිතිපෙළ බිඳ වැටෙයි

ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ ඉහළට යාම…….

ඉසුරු උදාන එම කණ්ඩායමට එක්වීමත් සමඟින් 2020 තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත් විය. මීට පෙර ලසිත් මාලිංග පමණක් එම තරගාවලිය සඳහා එක්වීමට නියමිතව තිබුණි. ඔහු මුම්බායිි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරයි. 

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 14 දෙනෙකු ඉදිරිපත්ව සිටිය ද එයින් ඉසුරු උදාන හා කුසල් පෙරේරා පමණක් ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා තිබුණි. කුසල් පෙරේරා අවස්ථා කීපයකදීම වෙන්දේසිය සඳහා ඉදිරිපත් වුවද ඔහුට තරගාවලිය සඳහා එක්වීමට අවස්ථාව උදා වූයේ නැත. 

ඉසුරු උදාන මෙම වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 50කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 127.5) ඉදිරිපත්ව සිටි අතර මූලික වට දෙකේ දී ම ඔහු මිල දී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැත. කෙසේ වෙතත් ඔහුගේ මූලික වටිනාකමටම ඔහුව මිල දී ගැනීමට අවසන් වටයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කළේය. 

ඉසුරු උදාන ලොව පුරා ඇති ප්‍රිමියර් ලීග් තරගාවලි කීපයක් සඳහා වාර්ෂිකව එක්වන අතර පසුගිය දා නිමා වූ දකුණු අප්‍රිකාවේ Mzansi Super League තරගාවලියේ Paarl Rocks කණ්ඩායම නියෝජනය කළ ඔහු එම කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා විශාල කාර්‍යභාරයක් ඉටු කළේය. 

සංගක්කාර ක්‍රිකට් ගහන්න ගහන්න පාකිස්තානයට?

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තානයේ දී ………

මෙම වෙන්දේසියේ දී සිදු වූ සුවිශේෂී ක්‍රීඩක හුවමාරු ලෙස පැට් කමින්ස්ගේ මිල දී ගැනීම දැක්විය හැක. ඔහු ඉන්දීය රුපියල් කෝටි 15.50කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිල දී ගත් අතර එය ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ විදෙස් ක්‍රීඩකයෙකු සඳහා ලැබුණු විශාලතම ඉල්ලුම ලෙස වාර්තා විය. 

මේ අතර ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 10.75කට මිල දී ගත්තේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<