රන්ජන්ගේ උත්සාහය අපතේ හරිමින් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට

2344
SL v Wales
Photo Credit Asia Rugby

පිට පිට තෙවන තරගයේ ද ආරම්භක මිනිත්තු කිහිපයේ දී ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුමක් කරා ශ්‍රී ලංකා කණ්ඩයම රැගෙන ගිය ද, දිනයේ තෙවන වතාවටත් පරාජය අත්විඳින්නට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට සිදු විය.

ශ්‍රී ලංකා කණ්ඩයම සිය තෙවන සහ කාණ්ඩ මට්ටමේ අවසන් තරගයේ දී උගන්ඩාව හමු වූ අතර ලකුණු 33-12 අමිහිරි පරාජයකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු විය.   

පොදුරදමඩුලු තරග බිම අතික්‍රමණය කරන්නට යන රග්බි ඇත් පැටවුන්

යොවුන් මුහුණු රැසක් සමඟින් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩයම ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය…

තෙවන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩයම දුර්වල සංවිධානාත්මක බවක් පෙන්වුවද දිනය පුරා සුපිරි ක්‍රීඩා රටාවක නිරත වූ ධනුෂ්ක රන්ජන් පළමු මිනිත්තු කිහිපය ඇතුළත ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම රැස්කර ගැනීමට සමත් විය.

සිය ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ උගන්ඩාව ප්‍රවර්තනය කළ උත්සාහක දිනුමක් හා ප්‍රවර්තනය නොකළ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස් කර අතර පන්දුව සියතේම තබාගෙන අවස්ථාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තියුණු සටනක් දියත් කරද්දී ලකුණු පරතරය ලකුණු දෙකකට පහළ දමමින් ධනුෂ්ක රන්ජන් පළමු අර්ධය අවසානයේ සිය දෙවන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් විය.

පළමු අර්ධයේ උත්සාහය ද අපතේ යවමින් දෙවන අර්ධයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දුර්වල ක්‍රීඩා රටාවක නිරත වූ අතර වරින්වර ඔවුන් සිදු කළ ‘Line Out’ අවස්ථා දිනා ගැනීමේ දෝෂ මනා ලෙස ප්‍රයෝජනයට ගනිමින් උගන්ඩා ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර තරගය අවසානයේ ලකුණු 33-12ක් ලෙස ජය හිමි කර ගැනීමට ඔවුන් සමත් විය.  

මේ පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩයම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රග්බි තරගවලින් ඉවත් වන අතර නව තරගාවලි ආකෘතියට අනුව කාණ්ඩයේ අවසන් ස්ථානයට පවත්වන කණ්ඩයම ඉදිරියට යාමට කිසිදු අවස්ථාවක් හිමි නොවේ.

අවසාන ලකුණු තත්වය : උගන්ඩාව 33 (5T,4C) – 12 (2T, 1C)
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ : ධනුෂ්ක රන්ජන් (2T), තරින්ද රත්වත්ත (1C)

කොළඹ ක්‍රීඩකයින්ට විද්‍යාර්ථයින්ගෙන් හොඳ සංග්‍රහයක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (10) මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය…


දිනයේ දෙවන වතාවටත් රන්ජන්ගේ උත්සාහය අපතේ යයි

පළමු තරගයේ මෙන්ම දෙවන තරගයේ ද සුපිරි දස්කම් පෙන්වමින් ධනුෂ්ක රන්ජන් තරගයේ දෙවන මිනිත්තුවේ දී වේල්ස් ක්‍රීඩකයින් මවිත කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුවද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගයෙන් ද, ප්‍රබල වේල්සය හමුවේ ලකුණු 44-12ක් ලෙස පරාජය භාර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩයම් ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ නමුත් එම සාර්ථකත්වය මිනිත්තු දෙකකට සීමා කරමින් පළමු අර්ධයේ ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුම් 4ක් වාර්තා කර ගනිමින් තරගය සියතට ගැනීමට වේල්ස් ක්‍රීඩකයෝ සමත් විය.

දෙවන අර්ධය අරම්භයේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන උත්සහ දිනුම වාර්තා කිරීමට සමත් වූ නමුත් ප්‍රබල වේල්ස් ක්‍රීඩා රටාව තරගය සියතට ගනිමින් පහසුවෙන් ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් විය. එතන් ලුවිස් වේල්සය වෙනුවෙන් වේගවත් සුපිරි ක්‍රීඩා රටාවක නිරත වූයේ ශ්‍රී ලංකාවට දෙවන පරාජයත් අත කරදෙමිනි.    

ශ්‍රී ලංකා වේලාවෙන් 4.41ට ශ්‍රී ලංකාව උගන්ඩාව සමගින් තරග වැදීමට නියමිතය.

අවසාන ලකුණු තත්වය : වේල්සය 42 (6T,6C) – 12 (2T,1C) ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ : ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ධනුෂ්ක රන්ජන්  


රන්ජන්ගේ උත්සාහය අපතේ යවමින් ෆීජි දේශය ඉදිරියට

බලාපොරොත්තු රැසක් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සිය පළමු තරගයට මුහුණ දුන් අතර ඔලිම්පික් රන් පදක්කම් ලාභී ෆීජි දේශය හමුවේ ලකුණු 63-05ක පරාජයක් අත්විඳින්නට ශ්‍රී ලංකාවට සිදු විය.

ප්‍රබල ෆීජි කණ්ඩයම මවිතයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩයමේ ධනුෂ්ක රන්ජන් ෆීජි ක්‍රීඩකයින් නොමග යවමින් පළමු මිනිත්තුවේ ම උත්සාහක දිනුමක් රැස් කිරීම ශ්‍රී ලංකා කණ්ඩයමේ මානසික ශක්තිය ඉහළ දැමූ සිදුවීමක් විය.

නමුත් ඉන්පසු ප්‍රබල ෆීජි ක්‍රීඩකයින්ගේ වේගය හා ශක්තිය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පසුබැසීමට සිදු වූ අතර පන්දුව තමන් අතේම තබා ගනිමින් සිත් සේ ලකුණු රැස්කළ ෆීජි කණ්ඩයම සිය දැවැන්ත ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් කිහිප වරක්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පන්දුව දිනා ගැනීමට සමත් විය.  

පළමු අර්ධය අවසාන වීමට මොහොතකට පෙර ධනුෂ්ක රන්ජන් පිටිය කොනේ ෆීජි ක්‍රීඩකයින් මග හරිමින් උත්සාහක දිනුමක් කරා අනගි ධාවනයක නිරත වූ නමුත් ඔහු හඹා ගිය ජෙරී ටුවායි උත්සාහක දිනුම් සීමාවට මීටර කිහිපයක් තිබිය දී රන්ජන්ව නැවැත්වීමට සමත් විය.

දෙවන අර්ධයේ ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වැඩි යමක් කළ නොහැකි වූ අතර ලකුණු රැස්කර ගැනීමට ලැබුණු එකම අවස්ථාව රිචඩ් ධර්මපාල අතින් පන්දුව ‘Knock On’ වීම නිසා මගහැරුණි. සිය මංගල පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ක්‍රීඩා කරන නවීන් හේනකන්කානම්ගේ වේගවත් ධාවනයක යෙදෙමින් ධර්මපාල හට ඉඩ සකසා දෙමින් ධර්මපාල වෙත පන්දුව යොමු කළ නමුත් එම අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වූයේ නැත.   

“පන්දුව අතැතිව ශ්‍රී ක්‍රීඩකයින් මනා ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍රීඩා කළා, මේ පරාජය ඔවුන්ට බලාපොරොත්තු නොවූ කම්පනයක් වේවි.” යැයි සත්සාමාජික ආකෘතියේ ප්‍රවීණයෙකු වන බෙන් ගොලින්ග්ස් අදහස් දක්වමින් පැවසිය.

ශ්‍රී ලංකා කණ්ඩායම දේශීය වේලාවෙන් සවස 1.01ට වේල්සය සමඟින් සිය දෙවන තරගයට සහභාගි වීමට නියමිතයි.

අවසාන ලකුණු තත්වය : ෆීජි 63 (9T,9C) – 05 (1T) ශ්‍රී ලංකාව
ලකුණු රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ : ධනුෂ්ක රන්ජන්(1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<