පොලිස් පිටිය උඩු යටිකුරු කළ CH-පොලිස් සටන

1682

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වැනි සතිය ආරම්භ කරමින් අද (01), CH & FC කණ්ඩායමත්, පොලිස් ක්‍රීඩා සමාජයත් කොළඹ පොලිස් පිටියේ දී තරග වැදුණු අතර එම තරගය නිමා වූයේ ලකුණු 21-21ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.

ඩික්සන්ට මාස කිහිපයක විවේකයක්

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පසුගිය දා පැවති හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH & FC ක්‍රීඩා සමාජය…

තරමක් වැහිබර කාලගුණයක් තරගය ආරම්භයේ දක්නට තිබුණු අතර තරගාවලියේ අවසන් සති දෙක නිසාවෙන්ම ප්‍රේක්ෂකයන් අතිවිශාල ප්‍රමාණයක් වර්ෂාව නොතකා පිටියට රොක් වී සිටිනු දක්නට ලැබුණි.

විනිසුරු සංඥාවත් සමඟින් තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙත්ම, පොලිස් කණ්ඩායම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදි. සන්දේශ් ජයවික්‍රමගේ අතික් දඬුවම් පහර ද්විත්වයක්ම එක පෙලට සාර්ථක වෙද්දී, පොලිස් ලකුණු පුවරුව ක්ෂණයකින් 6ක් දක්වා ඉහළ ගියේය (06-00).

පිටියේ තෙතබරිත ස්වභාවයේ අනිසි බලපෑම් කිහිපයක්ම තරගය පුරා දක්නට ලැබුණු අතර දිගු නිහැඬියාවකින් පසු CH කණ්ඩායම ද තරගයට අවතීර්ණ වූයේ දිනුෂාන් ආරියපාලගේ උත්සාහක දිනුමක් මඟිනි. සැමුවෙල් මදුවන්ත තම වගකීම් මැනවින් ඉටු කරමින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය (06-07).

මිනිත්තු කිහිපයකට පසු පොලිස් කණ්ඩායම වෙනුවෙන් ගිහාන් සිල්වා උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිද්දී, සන්දේශ් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් පොලිසිය පෙරමුණට රැගෙන ආවේය (13-07).

තරගයේ පළමු අර්ධය අවසානයට මිනිත්තු කිහිපයක් තිබිය දී CH ක්‍රීඩක ශ්‍රීනාත් ගෙන් උත්සාහක දිනුමක් වාර්තා වුණු අතර එහි ප්‍රවර්තනය සැමුවෙල් හට සාර්ථක කර ගැනීමට නොහැකි විය (13-12).

පළමු අර්ධය – පොලිස් ක්‍රීඩා සමාජය 13 – 12  CH & FC

ජයග්‍රහණයේ පිපාසයෙන් දෙපිලම දෙවැනි අර්ධය වෙනුවෙන් තරගයට අවතීර්ණ විය. සුළු මොහොතකින් සැමුවෙල් මධුවන්ත සාර්ථක දඩුවම් පහරකින් තරගයේ ඉදිරිය CH කණ්ඩායම වෙත නතු කර දුන්නේය (13-15).

කාල ගණන යන්ත්‍රයේ තවත් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම සැමුවෙල් මදුවන්ත තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය (13-18).

අවසන් මොහොත දක්වාම තරගය අත්නොහැරි පොලිස් කණ්ඩායම වෙනුවෙන් අශාන් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් දිනා දෙන විට තරගය සම තත්වයකට පත්වූයේ සන්දේශ්ගේ ප්‍රවර්තනය මග හැරී ගිය නිසාවෙනි (18-18).

විද්‍යා රග්බි නැවත නැංවීමට ඇමති හරීන්ගෙන් තල්ලුවක්

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය අතරතුර සිදු කෙරුණු ක්‍රීඩක නිල ඇඳුම් වෙන්දේසියේ ආදායම විදුලි….

තීරණාත්මක අවසන් මිනිත්තු කිහිපය උද්වේගකර වූ තැන, සුජාන් කොඩිතුවක්කු කහ කඩ්පතකින් අවවාද ලැබුවේ පොලිස් පිල 14කට සීමා කරමිනි. එහි උපරිම ඵල නෙලාගත් සැමුවෙල් මදුවන්ත දඬුවම් පහර සාර්ථක කර ගනිමින් CH ඉදිරියට ගෙන ගියේය (18-21).

අඩුපාඩු මග හරවා ගනිමින් පොලිස් ක්‍රීඩක සන්දේශ්ගෙන් සාර්ථක වූ දඩුවම් පහරක ලකුණු ත්‍රිත්වය පොලිස් පිලේ සටහන් වෙද්දී තරගය නිමා වූයේ දිනුම පැරදුම කණ්ඩායම් දෙකෙන්ම උදුරා ගනිමිනි (21-21).

අවසන් ලකුණු තත්වය: පොලිස්  ක්‍රීඩා සමාජය 21 (2T 1C 3P ) – CH & FC 21 (2T 1C 3P)

ThePapare.com තරගයේ වීරයා -සන්දේශ් ජයවික්‍රම (පොලිස්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • CH & FC – දිනුෂාන් ආරියපාල 1T, ශ්‍රීනාත් විමලවීර 1T, සැමුවෙල් මදුවන්ත 1C 3P
  • පොලිස් ක්‍රීඩා සමාජය – ගිහාන් සිල්වා 1T, අශාන් ප්‍රනාන්දු 1T, සන්දේශ් ජයවික්‍රම 1C 3P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<