පොලීසියේ කඳුළු ගෑස්වලින් CR මෙල්ල වෙයි

93

2019 ක්ලිර්ෆඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (15)  පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් CR&FC කණ්ඩායම පරාජයට පත්කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය. කොළඹ තුරඟ තරග පිටිය කේන්ද්‍රකර ගනිමින් පැවති මෙම තරගයේ අවසන් ලකුණු සටහන 28-15ක් ලෙස සටහන් විය.

ක්ලිෆර්ඩ් කුසලානයේ මංගල තරගයට CR සහ පොලිසිය

2019 අන්තර් සමාජ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මේ මස 15 වැනිදා (සිකුරාදා)…

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා සලකා බැලීමේ දී CR&FC කණ්ඩායම බොහෝ හැලහැප්පීම් මධ්‍යයේ සිව්වැනි ස්ථානය ආරක්ෂා කරගැනීමට සමත් වූ අතර පොලිස් කණ්ඩායම තරගාවලියේ නැඟී එන තරගකරුවා බවට පත් වූයේ තරගවාරය අවසනයේ දී ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයන් කිහිපය නිසාවෙනි. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැන්නා ලෙසින් තරගාවලිය නිමාකරන්නට විය.

තරගය ආරම්භයේ සිටම CR&FC කණ්ඩායම වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් තරගයේ පාලනය සිය ග්‍රහණයට නතු කරගැනීමට වෑයම් කළ ද, ඒවා ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් බවට පරිවර්තනය කරගැනීමට ඔවුන් අපොහොසත් විය.

තරගයේ 13 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩක ඉරෝෂන් සිල්වා CR ආරක්ෂක බැමි බිඳ හෙළමින් ඉදිරියට ඇඳුණු අතර ඉන්පසු පන්දුව ආරක්ෂිතව සිය සොහොයුරු සචිත් සිල්වා වෙත භාර කළේ නියත උත්සාහක දිනුමකට මංපෙත් විවර කරගනිමිනි. එම උත්සාහක දිනුමට වටිනාකමක් එක්කිරීමට ජනිත් චන්දිමාල් සමත් වූයේ අමතර ලකුණු ද්විත්වයේ වාසිය තම කණ්ඩායම වෙත හිමිකර දෙමිනි. (CR 00-07 පොලිස්)

ඉන්පසුව තවත් ලකුණු ත්‍රිත්වයකින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව පෝෂණය කිරීමේ අවස්ථාවක් ජනිත් චන්දිමාල් වෙත උදාවූයේ CR කණ්ඩායම offside වරදට හසුවීම නිසාවෙනි. ඔහු නිසි ඉලක්කය වෙත සාර්ථකව පන්දුව පා කර හැරියේය. (CR 00-10 පොලිස්)

ප්‍රවර්තන සියල්ල අසාර්ථක වූවත් ත්‍රිත්වයින් සාර්ථකයි

සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් අද (15) සත්කාරක…

ජනිත් චන්දිමාල් සමඟ එක්වුනු විහඟ පිවිතුරු යළිත් වතාවක් සිය ප්‍රතිවාදී ආරක්ෂක වළලු සුනුවිසුනු කරදමමින් ධවල රේඛාව දෙසට ඇදුණේ පොලිස් කණ්ඩායමට දිනය තුල වාර්තා කළ දෙවැනි උත්සාහක දිනුමේ ගෞරවය හිමිකර දෙමිනි. සුපුරුදු පරිදි ප්‍රවර්තන ගෝලය සාර්ථක කරගැනීමට චන්දිමාල්ගේ පාදයට හැකි විය. (CR 00-17 පොලිස්)

CR කණ්ඩායමට හිස එසවීමට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට පොලිස් ක්‍රීඩකයින් වගබලාගත් අතර නැවත වතාවක් CR ක්‍රීඩකයින් අතින් සිදු වූ අතපසුවීමකින් උපරිම ඵල නොලා ගැනීමට ජනිත් චන්දිමාල් සමත් වූයේ පන්දුව නිසියාකාරව ගෝල කණු අතරින් පා කර හැරීමත් සමඟිනි. (CR 00-20 පොලිස්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් ලකුණු පුවරුවේ සිය අන්තය සක්‍රිය කරගැනීමේ භාග්‍ය උදාකරගත් CR කණ්ඩායමේ රීසා රෆයිඩීන් ඉතා දැකුම්කළු උත්සාහක දිනුමකින් පොලිස් භටයින් වෙත ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට වගබලා ගත්තේය. නමුත් තරින්ද රත්වත්තේ අතින් ලකුණු ද්විත්වයක් සිය කණ්ඩායම් ගිණුමට එකතු කිරීමේ අවස්ථාව ගිලිහී ගියේය. (CR 05-20 පොලිස්)

පළමු අර්ධය: CR&FC කණ්ඩායම 05 (1T) – 20 (2T,2C,2P) පොලිස් ක්‍රීඩා සමාජය

විවේක කාලය වෙත ගමන් කිරීමට මත්තෙන් ගොඩනැගූ ඒ ආක්‍රමණශීලී  ක්‍රීඩා රටාව එලෙසම පවත්වා ගෙන යමින් පොලිස් භටයින් වෙත දැඩි පීඩනයක් යොමු කිරීමට රතු කමිස හමුදාව සමත් වූ අතර ඔවුන් වෙනුවෙන් සුපුන් වර්ණකුලසූරිය වාර්තා කළ ඉතා අපූර්ව උත්සාහක දිනුමත් සමඟම තරගය නැවතත් දෙපිලටම විවෘත විය. (CR 10-20 පොලිස්)

පළමු අර්ධයේ දී කණ්ඩායමක් වශයෙන් සංවිධානාත්මකව සහ කල්පනාකාරීව අවස්ථාවට උචිත අයුරින් තරග වැදීමට නොහැකි වූ නිසාවෙන් පසුගාමි ක්‍රීඩා රටාවක නියැලුණු CR කණ්ඩායම ක්‍රමයෙන් යළි ජීවය ලැබූවේ ඔමල්ක ගුණරත්නගේ අගනා උත්සාහක දිනුම සමඟිනි. ඊයේ දිනයේ දී තෙවන වතාවටත් තරින්ද රත්වත්තගේ  පාද ස්පර්ශය ලැබූ පන්දුව ගෝල කණු මඟහරිමින් ඉවතට ඇඳී ගියේ සියල්ලන්ම විමතියට පත්කරමිනි. (CR 15-20 පොලිස්)

අගනුවර සහ පිට පළාත් ගැටෙන සංග්‍රාමයේ සංචිතය මෙන්න

ශ්‍රී ලාංකීය රග්බි පිටියේ දැනට ක්‍රීඩා කරන සුපිරිතම ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට…

දිගින් දිගටම එල්ල වන CR තර්ජනයන් හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි බව අවබෝධ කර ගත් පොලිස් කණ්ඩායම CR කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයන්ගේ වාඩුව මකා ගැනීමට සමත් වූයේ සුරංග කසුන් වාර්තා කළ තීරණාත්මක උත්සාහක දිනුමත් සමඟිනි. මෙවර අමතර ලකුණු එක්කිරීමේ අවස්ථාව සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල්ට නොහැකි විය. (CR 20-25 පොලිස්)

කෙසේ නමුත් තරගය නිමාව දැකීමට මත්තෙන් තරගයේ ජයග්‍රහණය නිසැකවම තහවුරු කරගැනීම උදෙසා පොලිස් කණ්ඩායම වෙත ලැබුණු අනගි අවස්ථාවක් කිසිදු අතපසුවීමක් සිදු වීමට ඉඩ නොදී අපේක්ෂා කළ අයුරින්ම ගෝල කණු අතරින් පා කර හැරීමට ජනිත් සමත් වූයේ CR කණ්ඩායමේ ක්ලිෆඩ් කුසලාන සිහිනය බොඳ කරදමමිනි. (CR 20-28 පොලිස්)

අවසන් ලකුණු තත්වය: CR & FC කණ්ඩායම 15(3T) – 28(3T,2C,1P) පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – ජනිත් චන්දිමාල් (පොලිස් ක්‍රී. සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

CR & FC කණ්ඩායම

  • උත්සාහක දිනුම් – රීසා රෆයිඩීන් 1, ඔමල්ක ගුණරත්න 1, සුපුන් වර්ණකුලසූරිය

පොලිස් ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – සචිත් සිල්වා 1, විහඟ පිවිතුරු 1, සුරංග කසුන් 1
  • ප්‍රවර්තන – ජනිත් චන්දිමාල් 2
  • දඬුවම් පහර – ජනිත් චන්දිමාල් 3

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<