ජමාල්ඩීන් ගෙදර එයි!

1102

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට පෙර CH&FC කණ්ඩායම තවත් තීරණාත්මක බඳවා ගැනීමක් සිදු කළේය. ඒ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රවීණ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ෆාසිල් මරීජා සහ තිළිණ විජේසිංහ වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ අර්ෂාඩ් ජමාල්ඩීන් CH&FC කණ්ඩායමට බඳවා ගනිමිනි.

මහනුවර සුක්කානම නව අතකට!

පසුගිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හා අන්තර් සමාජ….

රාජකීය විද්‍යාලයෙන් සිය ක්‍රීඩා දිවිය ආරම්භ කළ ජමාල්ඩීන් 2012 වර්ෂයේ රාජකීය රග්බි කණ්ඩායම පාසල් රග්බි ලීගයේ ඉහළ ස්ථානයකට රැගෙන ගිය අතර එම තරගවාරයේ දී ලකුණු 148ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා ලෙස තරගවාරය අවසන් කළේය. ඔහුගේ පන්දුව හැසිරවීම දක්ෂතාවය, ආරක්ෂණය සහ ප්‍රවර්තන සාර්ථක කිරීමේ හැකියාවන් සමඟ ඔහු පාසල් වියේ පටන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු විය.

ශ්‍රී ලංකා 20න් පහළ රග්බි සංචිතයේ බලාපොරොත්තු සුන්?

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි සංචිතය 2016 වසරේ….

පාසල් රග්බි දිවිය අවසන් කිරීමෙන් පසු ඔහු පොලිස් ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ අතර තරගවාර 2ක් සඳහා පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළේය. පසුව, ඔහු මහනුවර ක්‍රීඩා සමාජය සමඟ අත්වැල් බැඳගන්නේ 2015 වර්ෂයේ දීයි. එම වර්ෂයේ දී ම මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ ලීග් රග්බි ශූරයින් වීමත් විශේෂත්වයක්.

හැව්ලොක් තරුවට නව නවාතැනක්!

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත ප්‍රියදර්ශන….

කෙසේ වෙතත්, ජමාල්ඩීන් දැන් CH&FC කණ්ඩායමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. ඔහු සැමුවෙල් මදුවන්ත සහ රෝහිත රාජපක්ෂ සමඟ CH&FC පසුපෙළ තවත් ශක්තිමත් කරනු ඇත. 

පසුගිය තරගවාරයේ දී මෙන්ම එළඹෙන තරගවාරයේ දී ද රග්බි පුවත් එසැනින් දැනගන්න රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<