ගෙවුනු දවස අගෝස්තු 10 – තරගයේ ජය පොලිස් භටයින්ට

302
passed dayAugust - 10

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

චමින්ද වාස්ටත් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතස් තෝරා පත් කරගත් බව ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් පවත්වනු ලැබු මාධ්‍ය සාකච්ඡාවකදි අනාවරණය කෙරිනි.

එහිදි වැඩිදුරටත් නිවේදනය කරමින් කියා සිටියේ හිටපු වේගපන්දු යවන්නෙකු මෙන්ම 2013 -2015  කාල සමයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසද කටයුතු කළ චමින්ද වාස් යලිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු ලෙස පත් කර අැති බවය.

ඒ අනුව වාස් සැප්තැම්බර් පළමුවැනිදා සිට නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතව අැත. ඔහුට පැවරී අැති වගකීම් ගැන සඳහන් කරමින් අරවින්ද ද සිල්වා ප්‍රකාශ කලේ ජාතික කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයන් සූදානම් කිරීම වාස්ගේ ප්‍රධාන වගකීම වන බවයි.

සම්පූර්ණ ලිපිය: චමින්ද වාස් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරකට


සම්මු සහ අශාන් ප්‍ර‍ථම තරගයේ ජය තහවුරු කරයි

නායක චරිත් අසලංක සහ සම්මු අශාන් පිත්තෙන් දැක්වූ දස්කම් වලට පන්දු යවන්නන් වටිනාකමක් එක් කිරීම හේතුවෙන් එංගලන්ත යෞවනයන් සමග පැවති පළමු යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 108ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය. තරගය එංගලන්තයේ වෝම්ස්ලි හී ශ්‍රීමත් පෝල් ගැටී ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම – 257/7 (50): චරිත් අසලංක – 70, සම්මු අශාන් – 60*, වනිඳු හසරංග -37, අවිශ්ක ප්‍රනාන්දු -30, හියු බර්නාඩ් – 2/43, බෙන් ග්‍රීන් – 2/46

එංගලන්ත යොවුන් කණ්ඩායම – සියල්ලන් දැවී – 149 (40.3): මැක්ස් හෝල්ඩන් – 40, සෙන් මලික් – 32, දමිත සිල්වා – 3/28, චරිත් අසලංක – 2/27, වනිඳු හසරංග – 2/28, තිලාන් ප්‍රසාන් – 2/32.

සම්පූර්ණ ලිපිය: අසලංක – සම්මු එළි කළ ජයමග


පාපන්දු –

සුපර් සන් පරාජය කල පොලිස් භටයෝ

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයක් ඊයේ කළුතර වර්නැන් එෆ්. ක්‍රීඩාංගණයේදි පැවැත්විය. කරට කර පැවති තරගයකින් පසුව එක් ලකුණක් වාර්තා කිරීමට සමත් වූ පොලීස් සමාජයට තරගය අවසානයේ ජයග්‍රහණය හිමිවිය.

ප්‍රතිවාදීන් වූ සුපර් සන් ක්‍රීඩා සමාජයට කිසිදු ලකුණක් වාර්තා කිරීමට නොහැකි විය.

අවසන් ලකුණු: සුපර් සන් ක්‍රීඩා සමාජය 00 : 01 පොලිස් ක්‍රීඩා සමාජය

දවසේ නිමාව