එංගලන්තය හමුවේ පාකිස්තාන තරගාවලි සිහින විනාශ වෙයි

149

එංගලන්ත සහ පාකිස්තානය අතර පැවති තරග 5කින් සමන්විත වූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග ලකුණු 54කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ ඊයේ (19) සමත් වූහ.

ඒ අනුව ඔවුන් තරගාවලිය ද 4-0කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරගාවලියේ එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අත හැර දැමුණි.

ජේසන් රෝයිගේ හැඟීම්බර ශතකයේ කතාව

එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය පිළිබඳව මේ දිනවල කාගේත්…

ලීඩ්ස් හී හෙඩින්ග්ලි හි දී පැවති අවසන් තරගයේ දී කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වීමට එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝකස් සමත් විය. දකුණතින් වේගපන්දු යවන ක්‍රිස් වෝකස් ලකුණු 54කට කඩුලු 5ක් දවා ගනිමින් අවසන් තරගයේ වීරයා බවට ද පත්විය.

ක්‍රිස් වෝකස්ගේ එක්දින තරග ඉතිහාසයේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථාවන් වාර්තා කිරීමේ දී මේ දක්ෂතාවට පිවිසෙන්නේ වසර 5කට පසුව ය. ඔහු අවසන් වරට කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් තරගය ලෙසින් වාර්තා වූ තිබුණේ 2014 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේ පැවති තරගයයි.

ක්‍රිස් වෝකස් මෙම තරගයේ දී පෑ දක්ෂතාව පාකිස්තානයට එරෙහිව වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ද විය. ඊට පෙර 2015 වසරේ දී අබුඩාබියේ දී ලකුණු 33කට ලබා සිටි කඩුලු 4 ඔහුගේ එතෙක් වාර්තා වූ හොඳම පන්දු යැවීමයි.

පාකිස්තාන ඉනිම පළමු පන්දුවාරයේ සිටම විනාශ කර දැමීමට ක්‍රිස් වෝක්ස් සමත් විය. ඔහු ආරම්භක කඩුලු ත්‍රිත්වයට වග කීවේ පන්දු 18ක දී ය. ඒ වෙද්දී පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 6 නතර වී තිබුණි.

කඩා වැටෙන පාකිස්තාන ඉනිමේ වරෙක ගැලවුම්කරුවන් වීමට බාබර් අසාම් සහ නායක සෆ්රාස් අහමඩ් සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 146ක සබඳතාවක් එක් කළහ. නමුත් ඔවුන් දෙදෙනා ම ඉනිම් හැර ගියේ දුවද්දී දැවී යෑමට ගොදුරු වෙමිනි.

මෙවර ලෝක කුසලානය හිරු නොබසින අධිරාජ්‍යයට?

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීම සඳහා ඇත්තේ තවත් ස්වල්ප කාලයකි. මේ සඳහා…

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් සෆ්රාස් අහමඩ් පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 97ක් ලබා ගත්තේ ය. බාබර් අසාම් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 80කි. ඊට පන්දු 83ක් වැයව තිබූ අතර හතරේ පහර 9ක් සහ හයේ පහරක් ඉනිමට ඇතුළත්ව තිබුණි.

ඔවුන්ට අමතරව  අසිෆ් අලි (22), ඉමාඩ් වසීම් (25), සහ මොහොමඩ් හස්නයින් (28) ද ලකුණු අතරට පිවිසිය ද ඔවුන්ට තම ඉනිම ජයග්‍රහණයෙන් කරා රැගෙන යෑමට නොහැකි වූයේ තවත් පන්දු 19ක් ඉතිරිව තිබිය දී ඉනිම අවසන් කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වීම නිසා ය.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස්ට අමතරව අදිල් රෂිඩ් ද ලකුණු 54කට කඩුලු 2ක් දවා ගත් අතර ඩේවිඩ් විලි කඩුල්ලක් ලබා ගත්තේ ය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජෝ රූට් ය. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක ඔයින් මෝර්ගන් පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනාගේ තෙවැනි කඩුල්ලේ සබඳතාව ඩබල් නෙල්සන් අවස්ථාවේ නිමා වෙද්දී ලකුණු 117කින් සමන්විත විය.

නායක ඔයින් මෝර්ගන්ගේ ද 222 වැනි එක්දින ජාත්‍යන්තර තරගය මෙය වූ අතර ඔහු ඊයේ දින රැස් කළේ තම එක්දින තරග දිවියේ 45 වැනි අර්ධ ශතකයයි.  

බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය තවත් සන්නද්ධ කරයි

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද 15 දෙනෙකුගෙන්…

ඊට අමතරව පළමු ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාවට ලකුණු 63ක් එක් කිරීමට ජේම්ස් වින්ස් සහ ජොනි බෙයාර්ස්ටෝ සමත් වූහ. ආරම්භක කඩුල්ල ලෙසින් ජේම්ස් වින්ස් පන්දු 32කට මුහුණ දී හතරේ පහර 7ක් එල්ල කරමින් ලකුණු 33ක් ලබා ගත්තේ ය.

ජොනී බෙයාර්ස්ටෝ, ජෝ රූට් සමඟ එක් වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් එක් කරමින් දැවී යද්දී ලකුණු 32ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිම පන්දු 21කින් සමන්විත වූ අතර හතරේ පහර 6ක් එල්ල කර තිබුණි.

ඊට අමතරව ජොස් බට්ලර් ද පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේ ය. ඉනිම නිමා වෙන විට ටොම් කරන් පන්දු 15ක දී නොදැවී ලකුණු 29ක් ලබා සිටියේ හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමිනි.

පන්දු යැවීමේ දී ෂීහීන් අෆ්රිඩි තම පන්දුවාර 10 ලකුණු 82කට යවමින් කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව ඉමාඩ් වසීම්ට හිමි වූ කඩුලු සංඛ්‍යාව 3කි.

තරගාවලියේ වීරයා ලෙසින් එංගලන්ත කණ්ඩායමේ ජේසන් රෝයි නම් කෙරුණි.

එංගලන්තය; කඩුලු 9ක් දැවී 351 (50) ජේම්ස් වින්ස් 33, ජොනී බෙයාර්ස්ටෝ 32, ජෝ රූට් 84, ඔයින් මෝර්ගන් 76, ජොස් බට්ලර් 34, බෙන් ස්ටොක්ස් 21, ටොම් කරන් නොදැවී 29, ෂහීන් අෆ්රිඩි 4/82, ඉමාඩ් වසීම් 3/53

පාකිස්තානය; සියලුම දෙනා දැවී 297 (46.5) බාබර් අසාම් 80, සෆ්රාස් අහමඩ් 97, අසිෆ් අලි 22, ඉමාඩ් වසීම් 25, මොහොමඩ් හස්නයින් 28, ක්‍රිස් වෝක්ස් 5/54, අදිල් රෂීඩ් 2/54

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<