නිලූෆගේ මඟ පෙන්වීම යුද හමුදාවට

403
Nilufer Ibrahim

ආදි කිංස්වුඩ් ක්‍රීඩකයෙක්, මහනුවර රග්බි සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙක්, නාවික හමුදා ක්‍රීඩකයෙක් මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ “ස්ක්‍රම් හාෆ්” ක්‍රීඩකයෙක් ලෙස ද කලක් කටයුතු කළ “නිලූෆ ඊබ්‍රහීම්” එළඹෙන රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ පුහුණුකාරීත්වය සඳහා තෝරා පත්කරගෙන ඇත.

සටන්කාමී සාන්ත අන්තෝනි කණ්ඩායමට ඉසිපතනයෙන් ප්‍රතිප්‍රහාර

අතිශයින්ම උණුසුම් මුහුණුවරක් ගත් තරගයකින් අනතුරුව ලකුණු 29 – 28ක තියුණු ජයක් සමඟින් මයිලෝ ..

පාසල් රග්බි පිටියේ දී කිංස්වුඩ්, ත්‍රිත්ව සහ ඉසිපතන විද්‍යාල වෙනුවෙන් ද, ක්‍රීඩා සමාජ රග්බි පිටියේ දී නාවික හමුදා සමාජය වෙනුවෙන් ද ක්‍රීඩා කරමින් ඔහු අත්දැකීම් ලබා ගත්තේය.

1993 දී පාසල් කණ්ඩායමට ඇතුළු වූ ඔහු වසර තුනක කාලයක් පාසල වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව 1996 දී පාසල් රග්බි පිටියෙන් සමුගත්තේය.

ඔහුගේ වික්‍රමාන්විත ක්‍රීඩා විලාශය, ඔහු මහනුවර ක්‍රීඩා සමාජයේ 1997-2008 දක්වා “ස්ක්‍රම් හාෆ්” ක්‍රීඩකයා බවට පත් කළ අතර 1998 දී ඕස්ට්‍රේලියාවේ “නොර්තන් ටෙරිටරි” කණ්ඩායමට එරෙහිව ලංකාව නියෝජනය කරන්නට වරම් ලබා ගත්තේය. ඒ ඔහුගේ ප්‍රථම ජාත්‍යන්තර තරග සංචාරයයි.

පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ දිවිය ඇරඹෙන්නේ 2007 දී මහනුවර කණ්ඩායම සමඟ සම්බන්ධවීමත් සමඟිනි. ඔහුගේ පැමිණීමත් සමඟින් වසර දෙකක් සත් සාමාජික ශූරතාවය තමන් සතු කර ගන්නට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. තවද එම වසරේ දී ම ධර්මරාජ කණ්ඩායමට B කාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කරන්නට ද ඔහු මඟ පෙන්වීය.

ඉන්පසුව තම පාසල වෙත වගකීම් සම්භාරයක් ඉටු කරමින් පිට පිට දෙවතාවක් කිංස්වුඩ් විදුහලට අනුශූරතාවය දිනා දුන්නේය.

ඊට අමතරව ත්‍රිත්ව විද්‍යාලයට බ්‍රැඩ්බි කිරුල හිමි කර දෙමින් ද 2011 දී ඉසිපතනයට ත්‍රිත්ව ශූරතාවයන් ලබා දෙන්නට ද සමත් වූ ඔහු, 2015 දී ත්‍රිත්ව විද්‍යාලයට අනුශූරතාවයත්, 2016 දී ඉසිපතනයට දිවිත්ව ශූරතාවයත් දිනා දෙන්නට ඔහු පුරෝගාමී විය.  

මේ වන විට (2017) සාන්ත ජෝසප් විද්‍යාලය ලීග් වටයේ පස්වන ස්ථානයට ද, මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ වටයේ අවසන් පූර්ව වටයට ද ගෙන ඒමට නිලූෆගේ මඟ පෙන්වීමට හැකි වී තිබේ.

ෆෙරටි වෙරබුලාගේ අඩුපාඩු පිරවීමට නිලූෆගේ අත්දැකීම් ඉවහල් වනු ඇතැයි බොහෝ දෙනාගේ මතය වී ඇත.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට