ලසිත් මාලිංග පන්දු යැවීමෙන් එල්ල කළ අභියෝගයත් තිසර පෙරේරා පන්දුවට පහර දීමේ දී දැක්වූ දක්ෂතාවත් හැරෙන්නට වෙනත් කිසිදු දක්ෂතාවක් නොවූ තැන නවසීලන්ත ක්‍රීඩකයෝ දෙරට අතර පැවති එකම විස්සයි විස්ස තරගයේ දී ද ශ්‍රී ලංකාව ලකුණු 35කින් පරාජය කරමින් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරගාවලි ත්‍රිත්වයම ගත්හ.
ශ්‍රී ලංකා නම්බුව විස්සයි විස්සෙන් ගොඩයන ලකුණු?
පසුගිය 15 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ …
අද (11) ඕක්ලන්ඩ් හි ඊඩන් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 144ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තවත් පන්දු 19ක්ම ඉතිරිව තිබිය දී තම ඉනිම අවසන් කර ගත්හ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් එය තරමක් දුරට නිවැරදි තීරණයක් බැව් සනාථ කර ගත්ත ද, ඔහුගේ සහායට වෙනත් කෙනෙක් නොසිටීම හේතුවෙන් නවසීලන්ත ඉනිම නතර වූයේ ගෞරවනීය ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.
ඔවුන්ගේ ආරම්භය සම්පූර්ණයෙන්ම පාලනය කළේ ලසිත් මාලිංග ය. මාලිංග අද තම පන්දුවාර 4 ලකුණු 24කට සීමා කරමින් යැවුවේ කඩුලු දෙකක් ද තමන්ගේ නමට ලියා ගනිමිනි.
වරෙක නවසීලන්ත ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 4ක් දැවී ලකුණු 27ක් ලෙසිනි. නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ දී ම දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය. අනතුරු මාලිංග සහ කසුන් රාජිත දෙදෙනා එක්ව සෙසු කඩුලු දවා ගත්හ.
ටෙස්ට් සහ එක්දින පිටිය වර්ණවත් කළ රෝයි ඩයස්
1979 වසරේ දී අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ ICC කුසලානය දිනා ගැනීමට හැකි වීම…
කෙසේ වෙතත් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් ලකුණු 28ක සබඳතාවක් එක් කර ගත්තේ 10 වැනි පන්දුවාරය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 55ක් ලෙසිනි. අවසන් පන්දු වාර 10 දී ඔවුන් ලකුණු 124ක් ලබා ගැනීමට සමත් වූහ. එහි දී ඩග් බ්‍රේස්වෙල් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබා ගනිමින් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව පන්දු 15කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගැනීමට ස්කොට් කුග්ගෙගෙලින්ග් සමත් විය.
කඩුලු ලබා ගැනීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කසුන් රාජිත සමත් විය. ඒ ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමිනි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත තම යුතුකම ඉටු කිරීමට පෙරට පැමිණියේ තිසර පෙරේරා ය. ඔහු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කුසල් පෙරේරා ය. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23කි.
අපි එහෙම පහළට වැටිය යුතු රටක් නෙවෙයි – ලසිත් මාලිංග
වරෙක ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ලෙස 2020…
ආරම්භක පිතිකරු ලෙසින් පිටියට එක් වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 18ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් 17ක් ද දනංජය ද සිල්වා 10ක් ද ලබා ගත්හ. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට නවසීලන්ත පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වය ලකුණු 6ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. නවසීලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා වූයේ ලුකි ෆර්ගසන් ය. ඔහු ලකුණු 11කට කඩුලු 3ක් දවා ගත්තේ ය.
තරගයේ වීරයා ලෙසින් නවසීලන්තයේ ඩග් බ්‍රේස්වෙල් නම් කෙරුණි.
නවසීලන්තය; කඩුලු 7ක් දැවී 179 (20) රොස් ටේලර් 33, ඩග් බ්‍රේස්වෙල් 44, ස්කොට් කුග්ගෙලින්ග් නොදැවී 35, ලසිත් මාලිංග 2/24, කසුන් රාජිත 3/44
ශ්‍රී ලංකාව; සියල්ල ම දැවී 144 (16.5) කුසල් පෙරේරා 23, තිසර පෙරේරා 43, ලුකි ෆර්ගසන් 3/21
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
http://portal.thepapare.com/widgets/scorecard/1400





















