ක්‍රීඩාවේ දූෂණ මර්දන පතනට පාර්ලිමේන්තුවෙන් කොළ එළියක්

75

වර්තමාන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙරට ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධිය සඳහා වන යෝජනා ඇතුළත් ක්‍රීඩා පනත අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එයට පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබේ. 

තරග පාවාදීම, වංචා හා දූෂණ, නීති විරෝධී බලපෑම් හා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහා වන නීති ඇතුළත් මෙම යෝජනාව අද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. 

ක්‍රීඩා පනත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් හැලේ

ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් “ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත” පිළිබඳව විශේෂ…

මෙම යෝජනාව පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර යම් යම් හේතූන් නිසා එය ඉදිරිපත් කිරීම ප්‍රමාද විය. එම නිසා එය පාර්ලිමේන්තු වැඩසටහන් ලැයිස්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබුණි.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයාගේ පැමිණීම අත්‍යවශ්‍ය බව දන්වා තිබූ අතර එම ක්‍රියාවලියට අදාළ පාර්ශවවල යම් අත්වැරැද්දක් නිසා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වී තිබුණි. 

කෙසේ වෙතත් අද පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක දී මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ප්‍රධාන ලෙස වංචා හා දූෂණ මර්දනය කිරීම සඳහා වන නීතිවලින් සමන්විත විය.

ශ්‍රී ලංකාව මෙම නීති සම්මත කර ගත් පළමු ආසියානු රට වන අතර නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව වැනි රටවල් කීපයක් මේ වන විටත් මෙම නීති ක්‍රියාත්මක කරන රටවල් වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එම වාර්තාව පහත දැක්වේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම යෝජනාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගිය 7 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහි දී ඒ මහතා පවසා සිටියේ මෙම පියවර වඩාත් ශක්තිමත් අනාගත ක්‍රීඩාවක් ගොඩනැගීම සඳහා වන ආරම්භක පියවර බවයි.

මෙම පනත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව පුහුණුකරුවන් හා අදාල නිලධාරීන්ට පවා අතිශය වැදගත් වන නීතිරීති වලින් සමන්විත වන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එහි දී තවදුරටත් පවසා සිටියේය.

මෙම පනත යටතේ වැරදිකරුවෙකු වන ඕනෑම පුද්ගලයෙකු මිලියන 100ක උපරිම දඩයකට ලක් කළ හැකි වන අතර වසර 10ක් දක්වා වන සිරදඬුවමක් ද පැනවිය හැක. ක්‍රීඩාවේ වංචා හා දූෂණවලට සම්බන්ධ වීම සඳහා අනුබල දීම ද මෙම පනත යටතේ වරදක් වන අතට එවැනි පුද්ගලයෙකුට වසර 2ක් දක්වා සිරදඬුවමක් ලබා දිය හැක.

ශායි හෝප් ඇෆ්ගනිස්තානය ග්‍රහණයට ගනී

ලක්නව් හී භාරත් රත්න ශ්‍රී අත්ල් බිහාරි වජ්බාප් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (11) අවසන් වූ ඇෆ්ගනිස්තානය…

මෙම පනතෙහි විශේෂ කරුණක් වන්නේ ක්‍රීඩාවේ වංචා හා දූෂණ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරගන්නා පුද්ගලයන්/ සංවිධාන පිළිබඳව තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාගයක් පිරිනැමීම සඳහා විශේෂ අරමුදලක් පිහිටවීමයි. මෙහි අරමුණ සංවිධානාත්මක වංචා හා දූශන වලට එරෙහි වීමට මහජනතාව පෙළඹවීම බව අමාත්‍යවරයා පවසා සිටියේය.

“අපි මේ පනත සම්මත කරගැනීමට සමත්වූවොත් ඒක රටක් හැටියට අපි ලබාගන්නා විශේෂ ජයග්‍රහණයක්. මෙතන සිටින කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් පැසසුම් ලබන අපේක්ෂාවෙන් නෑ. මේක ක්‍රියාත්මක කිරීම තමයි වැදගත් වෙන්නේ”  ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය. 

මෙම පනත සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මෙම පනත ගෙන ඒමට ඔහුගේ උපරිම දායකත්වය දැක්වූ බවයි. 

“ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකියි මේ පියවර සම්බන්ධයෙන්. අපි මේ පනත සම්මත කර ගත් පළමු ආසියානු රට ලෙස ලෝකය පිළිගනීවි ” 

මේ අතර ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු වන පරීක්ෂණ සාර්ථක කරගැනීම සඳහා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට වාරණයක් පැනවීමට ක්‍රීඩා අමාත්‍යාංශය පසුගියදා  තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු තනතුරක් දැරීමට, මත විමසුමක් සඳහා. සහභාගි වීමට, රැස්වීමක් සඳහා සහභාගි වීමට හෝ ක්‍රිකට් ආයතනය සම්බන්ධ කිසිදු ක්‍රියාවක් සඳහා සහභාගි වීම මාසයක කාලයක් සඳහා තිලංග සුමතිපාල මහතාට තහනම් වනු ඇත. 

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අභිබවා බංග්ලාදේශ පිතිකරුවන් නැගිටියි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල සිදුවී ඇතැයි පැවසෙන වංචා හා දූෂණ සම්බන්ධයෙන් පිළියන්දල ක්‍රීඩා සමාජය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබුණි. ඒ සඳහා ත්‍රි පුද්ගල කමිටුවක් පත්කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත. 

මෙම කමිටුව සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධම්මික මුතුගල, ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශිකා ශිරෝමි රණවක හා හිටපු ගුවන් හමුදා නිලධාරි එස්. ඩී. පියදාස යන මහත්ම මහත්මීන් නම් කර ඇත. 

මෙම කමිටුව විසින් කිරීමට නියමිත පරීක්ෂණවලින් අනතුරුව ජාතික ක්‍රීඩා නීතිරීති වලට අනුකූලව තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයට සම්බන්ධ නිලතල දැරීම සඳහා හැකියාව ඇත්දැයි සඳහන් වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යවරයාට මාසයක කාලයක් ඇතුළත යොමු කරනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<