ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් කාර්තුවේ දී ජයග්‍රාහී රිද්මයට

4421

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරගය අද (17) ෆීජි කණ්ඩායම සමඟින් පැවැත්විය. එහි දී ලකුණු 44-59ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට ෆීජි කණ්ඩායම සමත් විය. 

සැමෝවා ක්‍රීඩිකාවන් 10කින් ශ්‍රී ලංකාව ඉස්සර කරයි

2019 ලෝක දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම …….

තරගාවලියේ පළමු වටයේ තරග සියල්ල පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයේ කාණ්ඩයෙන් තරග වැදුණු අතර එහි පළමු තරගයේ දී සිංගප්පූරු කණ්ඩායම පරාජය කිරීමට ඔවුන් සමත් විය. 

දෙවන තරගයේ දී සැමෝවා කණ්ඩායම හමුවේ තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. මෙම තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ ‍රැඳී සිටි අතර තමන් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කළ ෆීජි කණ්ඩායම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියේය. 

තරගයේ පළමු කාර්තුවේ දී ප්‍රබල ෆීජි කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර කරට කර සටනකින් අනතුරුව මුල් කාර්තුවේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ එක් ලකුණකිනි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 11ක් වාර්තා කළ අතර ෆීජි කණ්ඩායම වාර්තා කළේ ලකුණු 10ක් පමණි. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තර්ජිනී සිවලිංගම් තම උත්සාහයන් 9ම සාර්ථක කර ගත් අතර හසිතා මෙන්ඩිස් තම උත්සාහයන් හතරෙන් දෙකක් සාර්ථක කරගැනීමට සමත් විය. ෆීජි කණ්ඩායම වෙනුවෙන් Matila Vocea, Unaisi Rauluni හා Lydia Panapasa ලකුණු ලබා ගන්නා ලදි. (පළමු කාර්තුව: ශ්‍රී ලංකාව 11 – 10 ෆීජි)

පළමු කාර්තුවේ දී ෆීජි කණ්ඩායම ලක්වූ පසුබෑම මඟහරවා ගැනීමට දෙවන කාර්තුවේ දී ඔවුන් සමත් වූ අතර හසිතා මෙන්ඩිස් හා තර්ජිනී සිවලිංගම් එක්ව ලකුණු 9ක් වාර්තා කරද්දී ෆීජි කණ්ඩායම ලකුණු 17ක් වාර්තා කළේය. ෆීජි කණ්ඩායම දෙවන කාර්තුව නිමා කළේ ලකුණු 8ක පරතරයක් තබා ගනිමිනි. (දෙවන කාර්තුව: ශ්‍රී ලංකාව 09 – 17 ෆීජි)

තුන්වැනි කාර්තුවේ දී තර්ජිනී සිවලිංගම් shooter ස්ථානයේ සිට goal shooter ස්ථානය දක්වා පැමිණි අතර ඇය මෙම කාර්තුවේ දී 100%ක සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත් විය. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 8කි. හසිතා මෙන්ඩිස් මෙම කාර්තුවේ දී එතරම් සාර්ථක නොවූ අතර ඇයට ලැබුණු අවස්ථාවන් දෙකම මඟහැරී ගියේ අවාසනාවන්ත අයුරිනි. ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 8ට ප්‍රතිචාර ලෙස ෆීජි කණ්ඩායම ලකුණු 20ක් තුන්වැනි කාර්තුවේ දී ලබා ගැනීමට සමත් විය. (තුන්වැනි කාර්තුව: ශ්‍රී ලංකාව 08 – 20 ෆීජි)

තර්ජිනිගෙන් නව වාර්තාවක් සමඟින් සිංගප්පූරුව පරාජය කරයි

2019 ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම …….

අවසන් හා සිව්වැනි කාර්තුව ආරම්භ වන විට ලකුණු 28-47ක් ලෙස පෙරමුණ ගැනීමට ෆීජි කණ්ඩායම සමත්ව සිටියේය. කෙසේ වෙතත් තම උත්සාහය අත් නොහල ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කාර්තුවේ දී ලකුණු 16ක් වාර්තා කළේ ෆීජි කණ්ඩායමට ලකුණු 12ක් පමණක් ලබා දෙමිනි. නමුත් එම දක්ෂතා තරගය ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නොවීය. සිව්වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තර්ජිනී ලකුණු 14ක් ද, දුලංගි වන්නිතිලක ලකුණු 2ක් ද වාර්තා කිරීමට සමත් විය. (සිව්වැනි කාර්තුව: ශ්‍රී ලංකාව 16 – 12 ෆීජි)

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 44 – 59 ෆීජි 

එම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයේ E කාණ්ඩයේ තුන්වැනි ස්ථානයට පත්විය. ෆීජි කණ්ඩායම එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී. 

දැල්පන්දු ලෝක කුසලානයේ තවත් තරග කීපයක් අද (17) පැවති අතර එම තරග වලදී සැමෝවා, එංගලන්තය, ජැමෙයිකාව හා දකුණු අප්‍රිකාව ජයග්‍රහණ වාර්තා කලහ.

සිංගප්පූරුව හා සැමෝවා 

  • පළමු කාර්තුව : සිංගප්පූරුව 09 – 16 සැමෝවා 
  • දෙවන කාර්තුව : සිංගප්පූරුව 12 – 15 සැමෝවා 
  • තුන්වන කාර්තුව : සිංගප්පූරුව 13 – 13 සැමෝවා 
  • සිව්වන කාර්තුව : සිංගප්පූරුව 15 – 19 සැමෝවා
  • අවසන් ලකුණු තත්ත්වය : සිංගප්පූරුව 49 – 63 සැමෝවා 

එංගලන්තය හා ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 

  • පළමු කාර්තුව : එංගලන්තය 20 – 12 ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 
  • දෙවන කාර්තුව : එංගලන්තය 19 – 11 ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 
  • තුන්වන කාර්තුව : එංගලන්තය 17 – 10 ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 
  • සිව්වන කාර්තුව : එංගලන්තය 16 – 13 ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 
  • අවසන් ලකුණු තත්ත්වය : එංගලන්තය 72 – 46 ට්‍රිනිඩැඩ් ටොබෑගෝ 

ජැමෙයිකාව හා ස්කොට්ලන්තය 

  • පළමු කාර්තුව : ජැමෙයිකාව 13 – 14 ස්කොට්ලන්තය 
  • දෙවන කාර්තුව : ජැමෙයිකාව 19 – 07 ස්කොට්ලන්තය 
  • තුන්වන කාර්තුව : ජැමෙයිකාව 18 – 05 ස්කොට්ලන්තය 
  • සිව්වන කාර්තුව : ජැමෙයිකාව 17 – 10 ස්කොට්ලන්තය 
  • අවසන් ලකුණු තත්ත්වය : ජැමෙයිකාව 67 – 36 ස්කොට්ලන්තය 

දකුණු අප්‍රිකාව හා උගන්ඩාව 

  • පළමු කාර්තුව : දකුණු අප්‍රිකාව 19 – 10 උගන්ඩාව 
  • දෙවන කාර්තුව : දකුණු අප්‍රිකාව 12 – 13 උගන්ඩාව
  • තුන්වන කාර්තුව : දකුණු අප්‍රිකාව 15 – 10 උගන්ඩාව
  • සිව්වන කාර්තුව : දකුණු අප්‍රිකාව 21 – 07 උගන්ඩාව
  • අවසන් ලකුණු තත්ත්වය : දකුණු අප්‍රිකාව 67 – 40 උගන්ඩාව

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<