පසුගිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය හයවන ස්ථානයෙන් අවසන් කළ නාවික හමුදා රග්බි කණ්ඩායම මෙවර ද ඩයලොග් ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් වලට ප්‍රබල අභියෝගයක් වනු ඇත. 2019/20 තරග වාරය සඳහා තරග කරන නාවික හමුදා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රිචී ධර්මපාල හට හිමි වී ඇත.
පාළුවට ගිය රග්බි ක්‍රීඩාංගණවලට නැවතත් ඔල්වරසන් සහ අත්පොළොසන්
2019/20 තරග වාරය සඳහා වන ඩයලොග් අන්තර් සමාජ රග්බි……
නාවික හමුදා ක්‍රීඩා සමාජයේ අතීතය ගැන බලන විටදී වර්ෂ 1961 දී ආරම්භ කරන ලද නාවික හමුදා ක්‍රීඩා සමාජය, එකල පටන්ම ඉතා ප්‍රබල කණ්ඩායමක් විය. එසේම ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ද කිහිපවිටකම සුදුසුකම් ලැබුවත්, ක්ලිෆර්ඩ් කුසලානයක් ජයගැනීමට එකල ඔවුන්ට අවස්ථාවක් හිමි වූයේ නැත.
2013/14 තරග වාරයේ දී ලීග් කිරුළ මෙන්ම ක්ලිෆර්ඩ් කුසලානය ද දිනා ගනිමින්, නාවික හමුදාවේ ශක්තිය හා තරගයක දී ඔවුන්ව අඩුවෙන් තක්සේරු කිරීම නොකළ යුතු බව ද මනාව පසක් කරදෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රග්බි තරගාවලි දෙකම ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි විය.
පසුගිය තරගවාරයේ දී ප්‍රබල කණ්ඩායම් පුදුමයට පත්කරමින් දක්ෂතා පෙන්වන්නට ඔවුන්ට හැකි වුවත්, එතරම් සාර්ථක තරගවාරයක් සනිටුහන් කිරීමට ඔවුන්ට හැකි වූයේ නැත. නාවික හමුදාවට ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානය හිමි වූයේ ප්‍රසාද ලකුණු 43ක් සමඟිනි. ක්‍රීඩාකළ තරග 16න් තරග 5ක් පමණක් ජය ගත් ඔවුන්, තරග 10ක්ම පරාජය වූ අතර එක් තරගයක් පමණක් ජය පැරදුමින් තොරව අවසන් විය.
නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ බුද්ධිම පියරත්න උත්සාහක දිනුම් 08ක් වාර්තා කිරීමට සමත් වෙමින්, වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලැයිස්තුවේ හත්වැනි ස්ථානයට පත්විය. තිළිණ වීරසිංහ ලකුණු 107ක් රැස්කර ගනිමින් වැඩිම ලකුණු ලාභීන් අතර පස්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
“මහනුවර හදගැස්ම” – තරගාවලියට සූදානම්!
මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය නාමය ඉහළින්ම රඳවා ගෙන…..
ජ්‍යෙෂ්ඨ – කණිෂ්ඨ සුසංයෝගයක් සමඟින් මෙවර නාවික හමුදා කණ්ඩායම පිටියට සෙනු ඇත. ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි සංචිතයේ සහ ශ්‍රී ලංකා රග්බි සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන නවසීලන්ත ජාතික මැට් ලී, එළඹෙන තරගවාරය වෙනුවෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජය පුහුණු කරන්නට සූදානමින් සිටියි. එසේම ඔහු මීට පෙර CH&FC කණ්ඩායමට ද තම දායකත්වය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික සංචිතය ද හසුරවන මැට් ලී, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය සහ ඔවුන්ගේ තරග රටාවන් හොඳින් හඳුනන අතර නාවික හමුදා ක්‍රීඩා සමාජයට එළඹෙන තරගාවරයේ දී මෙය විශාල වාසියක් වනු ඇත.
මෙවර නාවික හමුදාව වෙනුවෙන් මුෂින් ෆලීල් ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරමින් කණ්ඩායමට ප්‍රබල සවියක් වීමට සූදානමින් සිටියි. පසුගිය වසරේ දීද ඔහුගේ දස්කම් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණ සනිටුහන් කිරීමට ඉවහල් විය.

විජයග්‍රහණයකට සූදානම් වන යුද හමුදාව!
ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සහභාගී වන ඕනෑම කණ්ඩායමක් ඕනෑම තත්ත්වයක් යටතේ පරාජය කිරීමට…..
තමාගේ වේගය හා ක්‍රීඩකයින් මෙල්ල කිරීමට ඇති හැකියාව හොඳින් භාවිතා කිරීමට මනා දක්ෂතාවයක් ඇති ඉසුරු උමයංගනද මෙවර නාවික හමුදාවේ සුවිශේෂී ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ සිටින තවත් ප්‍රබල මුහුණකි.

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සියලුම තොරතුරු සහ සජීවී විකාශය සඳහා රැඳී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා Tවන Thepapare.com සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















