ආසියානු ශූරතාවලියට උස හා දුර පැනීමෙන් දොර විවර වන ලකුණු

559
trials round 2

2018 වර්ෂයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා වන ජාතික තේරීම් තරග මාලාවේ දෙවන හා අවසන් වටය අද (12) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.

එක් දිනක් තුළ දී සියලුම තරග ඉසව් පැවැත්වීම විශේෂත්වයක් වූ අතර පසුගිය තරගාවලි වෙනුවෙන් දායකත්වය දැක්වූ ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය විවේක ගන්වා තිබීම ද විශේෂත්වයක්.

සුගතදාසය දෙවනත් කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් දිනති

2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (06)

දිනයේ උදෑසන කාලයේ දී පැවති ඉසව් අතරින් යම්තාක් දුරකට හෝ කැපී පෙනෙන දක්ෂතාවක් දක්නට ලැබුණේ මීටර් 100 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේනි. එහි දී තම හොඳම කාලය වාර්තා කළ ඉරේෂානි රාජසිංහ තත්පර 13.95ක කාලයක් වාර්තා කරමින් තත්පර 13.99ක කාලයක් වාර්තා කළ ලක්ෂිකා සුගන්ධිව පරාජය කළාය.

උස පැනීමේ පිරිමි ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ උෂාන් තිවංක මීටර් 2.24ක දක්ෂතාවයක් වාර්තා කරමින් ආසියානු තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීය. කළේය. නමුත් ආසියානු තරගාවලිය වෙනුවෙන් දී ඇති පරිසාධන මට්ටම මීටර් 2.25ක් වශයෙන් දැක්වේ. පසුගිය දා තායිලන්ත විවෘත තරගාවලියේ දී ද මීටර් 2.16ක දක්ෂතාවයක් වාර්තා කරමින් උෂාන් රන් පදක්කම දිනා ගත්තේය.

දුර පැනීමේ ඉසව්ව ගැන ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ පසුගිය දා නිමාවට පත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් තරග ඉසව්වේ දී හත්වැනි ස්ථානය දිනා ගත් ක්‍රීඩකයා වූ ජනක විමලසිරිගේ මෙවර පිම්ම කෙසේ වේ දැයි දැන ගැනීමටයි.

මෙවර ඔහු මීටර් 8.10ක දක්ෂතාවයක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ආසියානු ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීය. ඒ අතර පළමු තේරීම් තරගයේ දී මීටර් 7.99ක දක්ෂතාවක් වාර්තා කළ ධනුෂ්ක පියරතනගෙන් ජානකට දැඩි පීඩනයක් එල්ල වනු දක්නට ලැබුණු අතර එක් අවස්ථාවක දී ජානකගේ දක්ෂතාව ද අභිබවා ගිය නීති විරෝධී පිම්මක් ඔහුගෙන් වාර්තා වීම විශේෂත්වයක්.

සහය දිවීමේ ශූරියෝ ආසියානු කනිෂ්ඨ සංචිතයෙන් ඉවතට

ජුනි මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ජපානයේ ජිෆු (Gifu) හිදී පැවැත්වීමට .

මේ අතර මීටර් 100 පිරිමි ඉසව්ව ගැන පැවසිය යුතුම කාරණාවක් තිබේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ආසියානු පරිසාධන මට්ටමට අනුව නම් කිසිවෙකු ආසියානු ශූරතා තරගාවලියට සුදුසුකම් නොලබන අතර මක්නිසාදයත් මීටර් 100 ජාතික වාර්තාව වන තත්පර 10.26කටත් වඩා අඩු පරිසාධන මට්ටමක් වන තත්පර 10.25ක මට්ටම ප්‍රකාශයට පත් කර ඇති නිසාවෙනි. විමතියට කාරණාව වන්නේ මෙම කාල වකවානුවේ දී මෙම කාලය පෙනෙන මානයට හෝ පැමිණ ඇත්තේ විනොජ් සුරන්ජය පමණි. ඒ ඊයේ (11) මැලේසියානු තරගාවලියේ දී තත්පර 10.27ක කාලයක් වාර්තා කරමිනි.

අද දිනයේ දී පැවති අවසන් තේරීම් තරගයේ දී ද තම හොඳම කාලය වාර්තා කළ යුපුන් අබේකෝන් තත්පර 10.31ක කාලයක් වාර්තා කරමින් මීටර් 100 පිරිමි ඉසව්ව ජය ගත්තේය. තවද කාන්තා මීටර් 100 ඉසව්ව වෙනුවෙන් ලක්ෂිකා සුගන්ධි තත්පර 12.11ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව ජය ගත්තේය.

“ඉන්දියාවෙන් හොඳ තරගයක් තිබුණා” – ශ්‍රී ලංකා කනිෂ්ඨ 4X400 කණ්ඩායම

අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, පබසර නිකු සහ රවිෂ්ක ඉන්ද්‍රජිත් ශ්‍රී ලංකාවේ නාමය

ආසියානු ශූරතා තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබූවන් වෙනුවෙන් ThePapare.com උණුසුම් සුබ පැතුම් පිරි නමන අතර සෙස්සන් වෙනුවෙන් ද කෙසේ හෝ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<

>>Full Results<<