චෙස් ශූරතාවය මධ්‍යම පළාතට

179

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා හා පිරිමි චෙස් තරග මැයි මස 25, 26 හා 27 දිනවල කොළඹ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සාර්ථක ලෙස නිමාවට පත් විය.

සුජානි දෙවැනි වරටත් ශූරතාවය දිනා ගනී

44 ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරග ඊයේ (13) කුරුණෑගල හා පාදෙණිය කේන්ද්‍ර කර ගනිමින් පැවති …

පුරා දින තුනක් පුරාවට පැවති මෙම චෙස් තරගාවලියේ කාන්තා හා පිරිමි සමස්ත ශූරතාවයන් දෙකම දිනා ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් විය. පිරිමි චෙස් තරග අංශයේ පළමු ස්ථානය මධ්‍යම පළාත් කණ්ඩායම හිමිකර ගත්තේ ප්‍රසාද ලකුණු 14ක් ලබා ගනිමිනි. එහි කාන්තා ශූරතාවය ප්‍රසාද ලකුණු 16ක් ලබාගත් මධ්‍යම පළාත් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

එහි දී කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මධ්‍යම පළාත් කණ්ඩායමේ ධනුෂ්ක බණ්ඩාර ක්‍රීඩකයා සම්මාන දිනා ගත් අතර එම පළාතේම එච්. එම්. එච්. ජනාධි අබේසිංහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේය.

එහි දී පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදු විය.

  • දක්ෂතම ක්‍රීඩකයා – ධනුෂ්ක බණ්ඩාර – මධ්‍යම පළාත

  • දක්ෂතම ක්‍රීඩිකාව – එච්. එම්. එච්. ජනාධි අබේසිංහ – මධ්‍යම පළාත

චෙස් තරග – පිරිමි

01 වන ස්ථානය – මධ්‍යම පළාත් කණ්ඩායම (ප්‍රසාද ලකුණු 14)

02 වන ස්ථානය – බස්නාහිර පළාත් කණ්ඩායම (ප්‍රසාද ලකුණු 13)

03 වන ස්ථානය – වයඹ පළාත් කණ්ඩායම (ප්‍රසාද ලකුණු 12)

චෙස් තරග – කාන්තා

01 වන ස්ථානය – මධ්‍යම පළාත් කණ්ඩායම (ප්‍රසාද ලකුණු 16)

02 වන ස්ථානය – බස්නාහිර පළාත් කණ්ඩායම (ප්‍රසාද ලකුණු 14)

03 වන ස්ථානය – සබරගමුව පළාත් කණ්ඩායම (ප්‍රසාද ලකුණු 12)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<