තහනම් උත්තේජක පරීක්ෂණ අනිවාර්යයි – ක්‍රීඩා ඇමති

291

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ තරගාවලි සඳහා සහභාගී වන සෑම ක්‍රීඩකයෙක් ම ලංකාවෙන් පිටත් වීමට පෙර තහනම් උත්තේජක පරීක්ෂාවක් සඳහා මුහුණ දිය යුතු යැයි නීතියක් පැනවීමට කටයුතු කර තිබේ.   

ජොහාන් එවරස්ට් තරණයේ අවසාන පියවරට සැරසේ

එවරස්ට් කන්දේ මුදුනටම ගමන් කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ ජයන්ති කුරු-උතුම්පාල සමඟින් …

ශ්‍රී ලංකා තහනම් උත්තේජක පාලක ඒජන්සියේ (SLADA) නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී තහනම් උත්තේජක භාවිතය ශ්‍රී ලංකාවෙන් තුරන් කළ යුතු ආකාරය පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කර ඇති අතර අමාත්‍යවරයා පවසා ඇති අන්දමට සියලුම ක්‍රීඩා පාලන අධිකාරියන් මේ පිළිබඳව ක්‍රීඩකයින් දැනුවත් කළ යුතු අතරම තරගාවලියට මසකට පෙර සියලුම ක්‍රීඩකයින් පරික්ෂා කළ යුතුය.

මේ පිළිබඳ නීති රීති සකසා තිබුණ ද ප්‍රායෝගිකව එම නීති රීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ගැටලුවක් පවතී. බොහෝ විට තරගාවලියට සහභාගී වන සංචිත නම් කරන්නේ සතියකට හෝ දෙකකට ප්‍රථම වන අතර එතැන් සිට සියලුම කටයුතු ද සංවිධානය කර ඔවුන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ ද සිදු කිරීම ඉතා අපහසු කරුණක්. එම නිසා නිසි කාලයක් තබා ක්‍රීඩා සංචිත නම් කර තහනම් උත්තේජක පරික්ෂා ද නිසි පරිදි සිදු කිරීම ක්‍රීඩා පාලක මණ්ඩලවල ප්‍රධාන වගකීමක් වනු ඇත.

අනූෂා ඇතුළු බොක්සිං කණ්ඩායම රටින් පිටට

පසුගිය අප්‍රේල් මාසයේ දී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් …

2018 යොවුන් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවේ බර එසවීමේ ක්‍රීඩකයින්ට වරම් අහිමි වීමත් සමඟ මේ පිළිබඳ කතා බහක් ඇතිවූ අතර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට තිබූ ආසියානු තේරීම් තරග, නිසි කලට තහනම් උත්තේජක වාර්තා යාවත්කාලීන නොකිරීම නිසා ඔවුන්ට තහනම් කෙරිණි.

ලෝක තහනම් උත්තේජක පාලක ඒජන්සියේ නීති රීති අනුගමනය නොකිරීම නිසා ඇති වන ඵල විපාක පිළිබඳ හොඳම උදාහරණය මෙය වන අතර සියලු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසි ලෙස තහනම් උත්තේජක පාලක පද්ධතිය යාවත්කාලීන කළ යුතුමය.

>>තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<