ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය දියගම දී

212
Nationla Athletics tournament will be held at Diyagama

මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන 95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු 31 වැනිදා ආරම්භ වේ. එය සැප්තැම්බර් 1 හා 2 යන දින තුන පුරා සංවිධානය කිරීමට සැලසුම් යොදා ඇත.

නිමාලි IAAF ලෝක ශූරතාවයට

මලල ක්‍රීඩා සංගම්වල ජාත්‍යන්තර සම්මේලන (IAAF) ලෝක ශූරතා තරගාවලියේ දී කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කරන…

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 691ක් දෙනෙක් අයදුම්පත් යොමුකර ඇති බව මලල ක්‍රීඩා සංගමය සඳහන් කළේය. විවෘත තරගාවලියක් වන මේ සඳහා මලල ක්‍රීඩාවේ නිරත සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

අගෝස්තු 31 වැනිදා සිට තරගාවලිය පැවැත්වෙන තෙදින පුරාම උදෑසන තරග ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත. මෙම තරගාවලිය පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා තේරීම් තරගයක් වශයෙන් නොසැලකෙන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුද්ගලික දක්ෂතා ප්‍රකට කළ හැකි තරගාවලියක් ලෙස සැලකේ. මේ සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතයි.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට