නාගූර් කොළඹ FC කණ්ඩායමෙන් නාවික හමුදා කණ්ඩායමට

459
Nagoor leaves Colombo for Navy translated

2016/17 තරග වාරය තුළ කොළඹ FC කණ්ඩායම නියෝජනය කළ නාගූර් මීරා එම කණ්ඩායමෙන් ඉවත් වී නාවික හමුදා කණ්ඩායම සමඟ එක් වී ඇත.

නගූර් එක් තරග වාරයක් සඳහා පමණක් කොළඹ FC කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු පිට පිට දෙවරක් ‘Dialog’ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශූරයින් බවට පත්වූ කොළඹ FC කණ්ඩායමෙන් මාස 2ක් ඇතුළත දී ඉවත් වන දෙවන ඉහළ පෙළේ ක්‍රීඩකයා වේ. ටුආන් රිස්නි අප්‍රේල් මාසය ආරම්භයේ දී කණ්ඩායමෙන් ඉවත් විය.

23න් පහළ ජාතික පාපන්දු සංචිතයට සුදුසු ක්‍රීඩකයින්

2018 වසරේ දී චීනයේ දී පැවැත්වීමට නියමිත අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සඳහා…

ඔහු කොළඹ FC කණ්ඩායම ශූරතාවය දිනා ගත් ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී කණ්ඩායම වෙනුවෙන් ‘Right Midfield’ ස්ථානයේ ක්‍රීඩා කරමින් සුවිශේෂී මෙහෙයක් ඉටු කරන්නට සමත් විය. ඔහුගේ වේගය, ශක්තිය සහ ශාරීරික යෝග්‍යතාවය ඔහු ක්‍රීඩා කරද්දී දක්නට ලැබුණු කැපී පෙනෙන ලක්ෂණ විය.

ශූරයින්ගේ කුසලානයේ දී කොළඹ FC කණ්ඩායම සහභාගී වූ තරග 15 දී ගෝල 3ක් රැස්කර ගන්නට ඔහු සමත් වූ අතර ප්‍රබල යුද හමුදා සහ නාවික හමුදා කණ්ඩායම්වලට එරෙහිව සුපිරි 8 දෙනාගේ වටයේ පැවති තරගවල දී ඔහු විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කරන්නට සමත් විය. නගූර්ගේ වේගය සහ උපායශීලීත්වය නිසා කණ්ඩායම වෙනුවෙන් සැලසුම් සකසද්දී කොළඹ FC කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් රූමි හට ඔහු ඉතා වැදගත් ක්‍රීඩකයෙක් විය.

“පුහුණුවීම් කටයුතු සහ තරග සඳහා ගමන් කරද්දී ගොඩක් අපහසුතාවලට මුහුණ දුන්නා. ඒ වගේම මගේ ක්‍රීඩා දිවිය වෙනුවෙන් සහ පවුල වෙනුවෙන් මට වඩාත් ස්ථාවර වීමට අවශ්‍යයි.” ThePapare.com සමඟ අදහස් දක්වමින් නගූර් මීරා ප්‍රකාශ කළේය.

“කොළඹ FC ක්‍රීඩා සමාජය, කළමනාකාරිත්වය සහ කණ්ඩායමේ පුහුණුකරු මම ක්‍රීඩා කළ තරග වාරයේ දී ලොකු සහයෝගයක් ලබා දුන්නා. රූමි ගොඩක් හොඳ පුහුණුකරුවෙක්. කොළඹ FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ශූරතාවයක් දිනා ගැනීමට සමත් වීම ගැන ගොඩක් සතුටුයි. නමුත් දැන් මම නාවික හමුදා කණ්ඩායමත් සමඟ නව අභියෝගයකට මුහුණ දෙන්න සුදානම්.” තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

1987 වසරේ දී උපත ලැබූ නගූර් නාවලපිටිය සාන්ත මේරීස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහු පාසල් දිවිය අවසන් කළ වහාම යන්ග් මේරියන්ස් SC කණ්ඩායම සමඟ එක්විය. ඉන් අනතුරුව 2006 වසරේ දී ඔහු ජාවා ලේන් SC කණ්ඩායම සමඟ එක්වී 2012 වසර දක්වා එහි ක්‍රීඩා කළේය. 2008 වසරේ දී ජාවා ලේන් කණ්ඩායම ශූරයින්ගේ කුසලානයෙන් පහත වැටුණත් නැවතත් කණ්ඩායම 2012 වසරේ දී ශූරයින්ගේ කුසලානය දක්වා උසස් කරන්නට නගූර් විශිෂ්ට සේවයක් සැපයීය.

නගූර් 2009 වසරේ දී, එනම් ඔහු 22 වන වියේ පසුවෙද්දී ප්‍රථම වරට ජාතික පාපන්දු සංචිතය වෙත කැඳවනු ලැබූ අතර 2010 වසරේ දී ඔහුට කණ්ඩායමේ සිය ස්ථානය අහිමි විය. 2011 වසරේ දී නැවතත් ඔහුව ජාතික කණ්ඩායමට කැඳවනු ලැබූ අතර 2013 වසර දක්වා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ඔහු සමත් විය.

2013 වසරේ දී ඔහු අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වූ අතර ඔහු 2015 වසරේ තරග වාරය මාලදිවයිනේ ක්‍රීඩා කරන ලදි.

“නගූර් කියන්නේ වෘත්තීය මට්ටමේ වගේම ඉතා විනයගරුක ක්‍රීඩකයෙක්. ඔහු තරගවල දී වගේම පුහුණුවීම් කටයුතුවල දීත් ඔහුගේ 100% ක කැපවීම ලබා දෙනවා. ඔහුගෙන් කිසිදු ගැටලුවක් තිබුණේ නැහැ. අපිට වැදගත් තරගවල දී ආබාධ තත්වයන් යටතේත් ඔහු ක්‍රීඩා කළා. ඔහු නැති වීම කණ්ඩායමට ලොකු අඩුවක්. ඒ වගේම ඔහුගේ අනාගතය වෙනුවෙන් අපි සුබ ප්‍රාර්ථනා කරනවා.” කොළඹ FC කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් රූමි ප්‍රකාශ කර සිටියේය.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට