වර්ෂාව බාධාවක් වෙද්දී කැන්රිච් ක්‍රීඩකයෝ ජය ලබයි

286

වෙළඳසේවා සිංගර් කුසලාන A කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව වටයේ තරග දෙකම වර්ෂාව හේතුවෙන් අතරමග නතර කර දැමීමට සිදු වූ අතර නැවත එම තරග දෙක හෙට (26) එම ක්‍රීඩාංගණවල දී ම නතර කර දැමුණ තැන සිට ආරම්භ වීමට නියමිත ය.

කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති MAS Silueta කණ්ඩායම සහ MAS යුනිචෙලා කණ්ඩායම අතර තරගය වර්ෂාව හේතුවෙන් අතර මග නතර කෙරෙද්දි දෙවැනියට පන්දුවට පහර දුන් ක්‍රීඩකයෝ පන්දුවාර 13ක් ක්‍රීඩා කර තිබුණි.

රවිඳුගේ කඩුලු 10 මාරිස් ස්ටෙල්ලා ජය වේගවත් කරයි

අනාගතයේ ලොව දිනන ක්‍රිකට් තරු සොයා යන ගමනට සහය වනු පිණිස ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට්…

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වීමට නියමිත ව තිබූ ඩිමෝ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් අතර තරගය පළමු දිනයට අතහැර දැමුණේ එකඳු හෝ පන්දුවක් නොයවමිනි. මෙම තරගය ද හෙට නැවත ආරම්භ වීමට නියමිත ය.

කොළඹ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති MAS Silueta කණ්ඩායම සහ MAS යුනිචෙලා කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් MAS Silueta කණ්ඩායමේ නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි MAS Silueta කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 224ක් ලබා ගත්තේ ය.

එම ඉනිමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 40කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය. ඔහු දෙවැනි කඩුල්ල වෙනුවෙන් තිලකරත්න සම්පත් (24) එක්වෙමින් ලකුණු 53ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වෙන්නේ ය.

මහේල උඩවත්ත සහ ප්‍රියමාල් පෙරේරා 5 වැනි කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් ගොඩ නගමින් MAS යුනිචෙලා කණ්ඩායම ගෞරවනීය තැනකට ගෙන ඒමට කටයුතු කළහ.

මහේල උඩවත්ත පන්දු 53කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 59ක් ලබා ගන්නේ ය. ප්‍රියමාල් පෙරේරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව පන්දු 63කට ලකුණු 38කි. ඊට හතරේ පහර 2ක් සහ හයේ පහරක් ද ඇතුලත් ය.  

ඉනිමේ අවසන් කඩුලු 3 ලකුණු 2ක් තුළ බිඳ දැමීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී ඉෂාර හේමන්ත ලකුණු 39කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඇන්ජලෝ එමානුවෙල් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

අතීත ක්‍රිකට් හී රස කතා 10ක්

ක්‍රිකට් ක්‍රීඩාව මුළු ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලැබෙන වින්දනය ඊට ප්‍රධාන හේතුවක්. මෙම ක්‍රීඩාවේ ආකෘතියට අදාලව ක්‍රීඩාව තුල දී සිදු වූ සුවිශේෂී සිදුවීම්…

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි MAS Silueta කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 87ක් ලබා සිටියේ ය. එහි දී සංගීත් කුරේ පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද, ඉරෝෂ් සමරසූරිය පන්දු 17කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 14ක් ද ලබා නොදැවී පිටියේ රැඳී සිටිය හ.

කඩුලු ලබා ගැනීමේ දී ෂෙහාන් මධුශංක ලකුණු 19කට කඩුලු 2ක් ලබා සිටියේ ය.

MAS යුනිචෙලා කණ්ඩායම; සියලුම දෙනා දැවී 224 (38.2): ධනුෂ්ක ගුණතිලක 40, තිලකරත්න සම්පත් 24, මහේල උඩවත්ත 59, ප්‍රියමාල් පෙරේරා 38, ඉෂාර හේමන්ත 4/39, ඇන්ජලෝ එමානුවෙල් 3/30

MAS Silueta කණ්ඩායම; කඩුලු 2ක් දැවී 87 (13): සංගීත් කුරේ නොදැවී 39, ෂෙශාන් මධුශංක 2/17

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට ලකුණු 25ක ජයක්

මේ අතර වෙළඳසේවා B  කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (25) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී නිමා වූ තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයෝ සමත් වෙති. මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා ගත් කැන්රිච් ෆිනෑන්ස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගත්තේ ය. එහි දී ඔවුන් ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 154කි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ප්‍රමොද් මධුවන්ත ය. ඔහු පන්දු 118කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව නිශාන්ත ද සිල්වා පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී ඩිලාන් සුරවීර ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි යුනිලීවර් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 29ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 80ක් ලබා ගත්හ. එම අවස්ථාවේ වර්ෂාව හේතුවෙන් නතර වූ තරගය නැවත ආරම්භ නොවීම නවතා දමන්නට පිටියේ විනිසුරුවෝ කටයුතු කළේ පස්වරු 5.00 දක්වාම එහි වෙනසක් සිදු නොවීම නිසා ය.

එම අවස්ථාව වෙන විට සචින් ප්‍රනාන්දු සහ දමින්ද පෙරේරා ලකුණු 21 බැගින් රැස් කර ගෙන සිටි අතර කඩුලු ලබා ගැනීමේ දී චානක දේවින්ද ලකුණු 19කට කඩුලු 3ක් දවාගෙන සිටියේ ය. ඊට අමතරව රවීන් සේයර් ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 154 (49): ප්‍රමෝද් මධුවන්ත නොදැවී 33, නිශාන්ත ද සිල්වා 30, රවින් සේයර් 28, ඩිලාන් සුරවීර 3/32

යුනිලීවර් ශ්‍රී ලංකා; කඩුලු 6ක් දැවී 80 (29): සචින් ප්‍රනාන්දු 21, දමින්ද පෙරේරා 21, චානක දේවින්ද 3/19, රවින් සේයර් 2/21

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<