මාලිංගට, කුසල්ට, දික්වැල්ලට උසස්වීම්

186

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා නවසීලන්ත විස්සයි විස්ස තරගාවලිය වාර්තා ‍රැසකින් සමන්විත වූ අතර එම තරගාවලියේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල වෙනස්කම් කීපයක්ම සිදු කිරීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පන්දු ‍යවන්නා වන ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල, ඉසුරු උදාන මෙන්ම ලක්ශාන් සඳකැන් ද, නවසීලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර්, නායක ටිම් සවුති, කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් ද  එහි දී කැපී පෙනෙන වර්ධනයක් ලබාගෙන ඇත.

Mali Trick එකෙන් උණුසුම් වුන මුහුණු පොතේ ප්‍රබලයෝ දක්වපු අදහස්!

ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වැනි විස්සයි විස්ස තරගය ඊයේ (6) නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.

මාලිංග අවසන් තරගයේ දී ලබා ගත් කඩුලු 5ට පිට පිට ලබා ගත් කඩුලු 4ක් ද ඇතුළත් වූ අතර ඔහු තරගාවලියේ ලබා ගත් මුළු කඩුලු සංඛ්‍යාව 7කි. මාලිංග තරගාවලියට පෙර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි ස්ථානයේ පසු වූ අතර නවතම ශ්‍රේණිගත කිරීම්වල ඔහුට 21 වැනි ස්ථානය හිමිව ඇත.

සැන්ට්නර් තරගාවලියේ දී කඩුලු 4ක් ලබා ගත් අතර එම දක්ෂතා ඔහුට ශ්‍රේණිගත කිරීම්වල මුල් 5 දෙනා අතරට පැමිණීමට හේතුවී ඇත. මීට පෙර ඔහු 11 වැනි ස්ථානයේ පසුවිය. නවසීලන්ත නායක ටිම් සවුති ස්ථාන 14ක් ඉදිරියට පැමිණෙමින් 15 වැනි ස්ථානය ලබාගෙන ඇති අතර කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් පිතිකරුවන් ලැයිස්තුවේ 80 වැනි ස්ථානය ලබාගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ස්ථාන 33ක් ඉදිරියට පැමිණෙමින් 40 වැනි ස්ථානයට පත්ව ඇති අතර නිරෝශන් දික්වැල්ල ස්ථාන 28ක් ඉදිරියට පැමිණෙමින් 54 වැනි ස්ථානය ලබාගෙන ඇත. පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉසුරු උදාන 50 වැනි ස්ථානයට ද, ලක්ශාන් සඳකැන් 70 වැනි ස්ථානය ද ලබාගෙන ඇත.

විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ තවමත් පාකිස්තානය සතුවන අතර නවසීලන්තය හයවැනි ස්ථානයේ ද ශ්‍රී ලංකා කණ්ඩායම අටවන ස්ථානයේ ද රැඳී සිටී.

රංගනලා 176 බස් එකේ නැගලා ගියේ කොහේද?

ලෝකයේ මෙතෙක් බිහි වූ අංක එකේ වමත් පිතිකරුවා ලෙස කුමාර් සංගක්කාර අවිවාදයෙන් පිළිගැනේ. ඔහුගේ නොනවතින ලකුණු……

නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්

ස්ථානය +/- ක්‍රීඩකයා කණ්ඩායම ලකුණු සාමාන්‍ය
1 බාබර් අසාම් පාකිස්තානය 896 54.21
2 +1 ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව 815 34.40
3 -1 කොලින් මුන්රෝ නවසීලන්තය 796 31.91
4 ආරොන් ෆින්ච් ඕස්ට්‍රේලියාව 782 37.13
5 සසායි ඇෆ්ගනිස්තානය 718 75.60
6 ඩාර්සි ශෝට් ඕස්ට්‍රේලියාව 715 32.88
7 ලෝකේශ් රාහුල් ඉන්දියාව 689 42.80
8 ෆකර් සමාන් පාකිස්තානය 681 25.79
9 ‍රෝහිත් ශර්මා ඉන්දියාව 678 32.72
10 ඇලෙක්ස් හේල්ස් එංගලන්තය 668 31.01
40 +33 කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව 496 21.85
54 +28 නිරෝශන් දික්වැල්ල ශ්‍රී ලංකාව 446 21.20
80 +43 කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් නවසීලන්තය 361 19.15

නවතම පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්

ස්ථානය +/- ක්‍රීඩකයා කණ්ඩායම ලකුණු සාමාන්‍ය
1 රශීඩ් ඛාන් ඇෆ්ගනිස්තානය 780 11.56
2 ඉමාඩ් වසීම් පාකිස්තානය 710 19.53
3 ශදාබ් ඛාන් පාකිස්තානය 706 18.59
4 අඩිල් රශීඩ් 702 24.86
5 +6 මිචෙල් සැන්ට්නර් නවසීලන්තය 673 20.71
6 -1 ඇඩම් සැම්පා ඕස්ට්‍රේලියාව 672 19.43
7 -1 කුල්දීප් ‍ය යාදව් ඉන්දියාව 658 12.97
7 -1 ශකීබ් අල් හසන් බංග්ලාදේශය 658 20.15
9 ඇන්ඩිල් ෆෙලුක්වායෝ දකුණු අප්‍රිකාව 649 17.92
10 ෆහීම් අශ්රෆ් පාකිස්තානය 641 21.91
15 +14 ටිම් සවුති නවසීලන්තය 623 25.38
21 +20 ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 592 19.02
50 +3 ඉසුරු උදාන ශ්‍රී ලංකාව 472 36.66
70 +30 ලක්ශාන් සඳකැන් ශ්‍රී ලංකාව 414 18.66

නවතම තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

ස්ථානය +/- ක්‍රීඩකයා කණ්ඩායම ලකුණු
1 ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව 390
2 ශකීබ් අල් හසන් බංග්ලාදේශය 338
3 මොහොමඩ් නබි ඇෆ්ගනිස්තානය 330
4 මහමදුල්ලා බංග්ලාදේශය 240
5 ශෝන් විලියම්ස් සිම්බාබ්වේ 223

ලෝක විස්සයි විස්ස සම්පූර්ණ ශ්‍රේණිගත කිරීම්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<