ශතක ඉනිම් සමඟින් දිනෙත්, ආනන්ද් පිටිය වර්ණවත් කරයි

572

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරග අතුරින් දක්ෂතා දැක්වීමට රාගම ක්‍රිකට් සමාජයේ දිනෙත් තිමෝද්‍ය සහ බදුරලිය ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩක සුබ්‍රමනියන් ආනන්ද් සමත් වීම කැපී පෙණුනි.

දිනෙත් තිමෝද්‍ය ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායමට එරෙහිව ද සුබ්‍රමනියම් ආනන්ද් එස්. එස්. සී. කණ්ඩායමට එරෙහි ද ශතක වාර්තා කළ අතර  පන්දු යැවීමේ තරිඳු කෞෂාල් සහ රොහාන් සංජය කඩුලු 5ක් බැගින් දවා ගෙන දක්ෂතා දැක්වූහ.

පැතුම් නිශ්ශංක පළමු පෙළ මංගල ද්විත්ව ශතකය රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ පෙර දිනයේ පෑ දක්ෂතාවන් තව දුරටත් පවත්වාගෙන ගිය එන්. සී. සී. කණ්ඩායමේ පැතුම් නිශ්ශංක…

එන්. සී. සී. සහ යුද හමුදාව අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය අද (22) ජය පරාජයෙන් තොරව අවසන් විය.

එන්. සී. සී. පළමු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 500ක් වූ අතර ඊට පිළිතුරු ලෙසින් යුද හමුදා ක්‍රීඩකයෝ රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 385ක් පමණි. ලකුණු 115ක් ද අතැතිව දෙවැනි ඉනිමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ එම ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස් කළහ.

>>Photos : NCC Vs Army SC | Major League Tier A Tournament 2018/2019<<

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 81කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 99ක් ලබා ගත්තේ ය. ඊට අමතරව තරගය නතර කරන විට චතුරංග ද සිල්වා අර්ධ ශතකයක් ලබා ගත්තේය.

එන්. සී. සී.; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 500 (96.2) උපුල් තරංග 53, පැතුම් නිශ්ශංක නොදැවී 206, ඇන්ජලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 102, මහේල උඩවත්ත නොදැවී 61, මල්ක මධුශංක 2/116

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 385 (142) ලක්ෂාන් එදිරිසිංහ 84, දුශාන් විමුක්ති 71, සංජික රිද්ම 76, යසෝද මෙන්ඩිස් 46, බුද්ධික මධුශංක නොදැවී 27, ලසිත් ඇඹුල්දෙණිය 2/86,  චතුරංග ද සිල්වා 4/50, මහේල උඩවත්ත 2/30

එන්. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 229 (33) ලහිරු උදාර 99, ඇන්ජලෝ පෙරේරා 29, චතුරංග ද සිල්වා නොදැවී 66, මහේල උඩවත්ත නොදැවී 22, යසෝද මෙන්ඩිස් 3/74


ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ රාගම අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් වරාය අධිකාරිය කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 427ක් ලබා ගත් හ. ඉන් සෑහීමකට පත්ව ඉනිම අත්හිටුවා ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 177ක් ලබා සිටිය හ.

Photos: Ragama CC Vs. SLPA SC | Major League Tier A Tournament 2018/19

වරාය අධිකාරිය ඉනිම වෙනුවෙන් අද දවසේ වැඩි මෙහෙවරක නිරත වූයේ නායක ගයාන් මනීශාන් ය. ඔහු පන්දු 125කට මුහුණ දී හතරේ පහර 4ක් සමගින් ලකුණු 60ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී නිශාන් පීරිස් ලකුණු 137කට කඩුලු 4ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

ප්‍රතිවාදී රාගම ඉනිම වෙනුවෙන් වමත් පිතිකරු දිනෙත් තිමෝද්‍ය පන්දු 132කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තේ ය. දිනෙත් සහ සංජය චතුරංග අතර ආරම්භක කඩුල්ලට සබඳතාව ම ලකුණු 132ක් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 427 (138) ප්‍රිමෝෂ් පෙරේරා 24, රමේෂ් නිමන්ත 120, රුවිඳු ගුණසේකර 105, ගයාන් මනීශාන් 60, රනේෂ් පෙරේරා 29, අමිල අපෝන්සු 3/107, නිශාන් පීරිස් 4/137

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 177 (43) දිනෙත් තිමෝද්‍ය නොදැවී 101, සංජය චතුරංග 39, සමින්ද ප්‍රනාන්දු 29

“ටෙස්ට් තරගයට පෙර මම සංගක්කාරට ඇමතුමක් ගත්තා” – මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ක්‍රිකට් තරගය ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් කළ කුසල් මෙන්ඩිස් හා එක්වූ ඇන්ජලෝ මැතිව්ස්…

බදුරලිය සහ එස්. එස්. සී. අතර තරගය

කොළඹ එස් .එස්. සී. පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 372ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ අර්ධ ශතකයක් ලබා සිටි සුබ්‍රමනියන් ආනන්ද් එය ශතකයක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් විය. පන්දු 141කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ඔහු ලකුණු 127ක් ලබා ගත්තේ ය. ඊට අමතරව දෙනුවන් රාජකරුණා පන්දු 113කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය.  ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට ලකුණු සබඳතාව 152කි.

>>Photos: SSC v Badureliya CC | Major League Tier A Tournament 2018/19<<

කඩුලු ලබා ගැනීමේ දී සචිත්‍ර සේනානායක කඩුලු 4ක් ලබා ගත් අතර ධම්මික ප්‍රසාද් කඩුලු 2ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ දිනය නිමා වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 289ක් ලබා සිටිය හ.

එම ඉනිමේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ ආකාශ් සේනාරත්න ය. ඔහු පන්දු 117කට මුහුණ දී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 90ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ක්‍රිශාන් ආරච්චිගේ ලකුණු 70ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී සචිත් පතිරණ ලකුණු 93කට කඩුලු 3ක් දවා ගත්තේ ය.  

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 372 (95.5) අලංකාර අසංක 41, නදීර නාවල 26, ටනේඩා තායිබු 39, සුබ්‍රමනියම් ආනන්ද් 121, කෝසල කුලසේකර 21, දෙනුවන් රාජකරුණා 58, ධම්මික ප්‍රසාද් 2/51, සචිත්‍ර සේනානායක 4/94

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 289 (68.2) සඳුන් වීරක්කොඩි 47, ක්‍රිශාන් ආරච්චිගේ 70, සම්මු අශාන් 46, අකාශ් සේනාරත්න 90, සචිත් පතිරණ 3/93

අකිලගෙන් ආයිත් වැඩක් වේවි ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් මෑතක දී විශ්වාසයක් ගොඩ නගා ගත් එකම ක්‍රීඩකයා බවට පත්වූයේ අකිල ධනංජය. ජාත්‍යන්තර තරග වරම් ලැබීමෙන් වසර…

කෝල්ට්ස් සහ මීගමුව අතර තරගය

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පිටියේ දී පැවැත්වෙන මෙම තරයේ දී දෙවැනි දිනය අවසානයේ පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට සත්කාරක කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූ හ.

පළමුවෙන් පන්දුවට පහර දී කෝල්ට්ස් ක්‍රීඩකයන් ලබා ගත් ලකුණු 283ට පිළිතුරු ලෙසින් මීගමුව ක්‍රීඩකයෝ ලබා ගත්තේ 230ක් පමණි.

>>Photos: Colts CC v Negombo CC | Major League Tier A Tournament 2018/19<<

මීගමු ඉනිම වෙනුවෙන් ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 57ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව නායක ඇන්ජලෝ ජයසිංහ ද ලකුණු 45ක් ලබා ගත්තේ ය.

එම ඉනිමේ කඩුලු ලබා ගැනිමේ දී රොහාන් සංජය ලකුණු 80කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

ලකුණු 13ක් ද ඇතැතිව දෙවැනි ඉනිමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 62ක් ලබා සිටියේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 283 (69.4) කුසල් පෙරේරා 23, අවිශ්ක ප්‍රනාන්දු 101, විශාද් රන්දික 40, ජෙහාන් ඩැනියෙල් 23, රොෂේන් ප්‍රනාන්දු 2/29, උපුල් ඉන්ද්‍රසිරි 4/85, සංදේශ් පතිරණ 2/28

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 230 (76.1) ඩිලශ්‍රී ලොකුබණ්ඩාර 57, අශේන් සිල්වා 29, ඇන්ජලෝ ජයසිංහ 45, සහන් ආරච්චිගේ 20, ප්‍රසංසන ජයමාන්න 22, සනිත ද මෙල් 31, රොහාන් සංජය 5/80, නලින් ප්‍රියදර්ශන 2/63, සංගීත් කුරේ 2/15

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 62 (21) සංගීත් කුරේ නොදැවී 33, කවිශ්ක අංජුල 21, ෂෙහාන් ජයසූරිය 2/22


හලාවත මේරියන්ස් සහ මුවර්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 428ක් රැස් කර ගත්හ.

එම ඉනිම වෙනුවෙන් අද දවසේ වැඩි මෙහෙවරක නිරත වූයේ රිසිත උපමාල් ය. ඔහු පන්දු 139කට මුහුණ දී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තේ ය.

>>Photos: Chilaw MCC v Moors SC – Major League Tier A Tournament 2018/19<<

පන්දු යැවීමේ දී තරිඳු කෞෂාල් ලකුණු 118කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව චානුක ඩිල්ශාන් කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක ඉරෝෂ් සමරසූරිය පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියේ ය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 428 (98.2) යසෝද ලංකා 54, ඔසඳ ප්‍රනාන්දු 147, රාකේෂ් පානික්කර් 27, රිසිත උපමාල් 81, පුලින තරංග 22, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 36,  චානුක ඩිල්ශාන් 142/2, තරිඳු කෞෂාල් 5/118

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 90 (31.5) ඉරෝෂ් සමරසූරිය නොදැවී 57

නිමා වූ එන්. සී. සී. සහ යුද හමුදා තරගයට අමතරව අනෙකුත් තරග අවසන් දිනයට හෙට (23) ක්‍රියාත්මක වීමට නියමිත ය.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<